රට තුළ ආහාර සුරක්ෂිතතාව සහතික කිරිමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සියලු ආයතනවල රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අනුකමිටුවක් පත් කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවේදි තීරණය විය.
එහි සභාපති මන්ත්‍රි නාමල් රාජපක්ෂයන්ගේ සභාපතිත්වයෙන් පැවැත්වූ කමිටුවේදී මේ පිළිබඳ තීරණය ගත් අතර, ආහාර සුරක්ෂිතතාවට අදාළ ඉලක්ක සපුරා ගැනීමට අදාළ බාධා හා වෙනස් විය යුතු ප්‍රතිපත්ති මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
කෘෂිකර්ම, ධීවර, වාරිමාර්ග, ඉඩම්, පළාත් සභා හා පළාත් පාලන, වනජීවි අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම ප්‍රතිපත්ති සැලසුම් කිරීමට නියමිතය.