
ජනතාවගේ මූලික අයිතිවාසිකම් මර්ධනය කරන ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට අපි එකහෙළාම විරුද්ධයි. ඒ වෙනුවෙන් හඬ නඟන, විරෝධය දක්වන බලවේග සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර් සිළුමිණට පැවසීය.
ජනතාව පීඩාවට පත් කරන වත්මන් ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළට විරුද්ධව සමගි ජනබලවේගය නොවැම්බර් 02 වැනිදා උද්ඝෝෂණයට සහභාගී වුණා. පසුගිය 9 වැනිදා උද්ඝෝෂණයට අපිට ආරාධනාවක් ලැබුණේ නැහැ. අපි මේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට විරුද්ධව ගොඩනැඟෙන ඕනෑම බලවේගයක් සමඟ කටයුතු කිරීමට කැමැතියි. ආරාධනා ලැබුණහොත් ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් අනිවාර්යෙන් එවැනි උද්ඝෝෂණවලට අපි සහභාගී වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.