COP 27 ට ජනාධිපති ඊජිප්තුවට | සිළුමිණ

COP 27 ට ජනාධිපති ඊජිප්තුවට

දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 6 වැනිදා ඊජිප්තුව බලා පිටත්ව ගියේය. ඊජිප්තුවේදී ෂාම් එල්-ෂෙයික්හිදී නොවැම්බර් 6 සිට 18 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ජනාධිපතිවරයා සමඟ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඇතුළුව සිවුදෙනකු එක්විය.

ජනාධිපතිවරයාගේ මේ සංචාරයේදී දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සමගාමීව ලංකාවට වාසිදායක ප්‍රතිඵල රැසක් ලබා ගැනීමට ද අපේක්ෂා කෙරෙයි. ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සීමා කිරීම සඳහා පියවර ගැනීමට ලොව රජයන් එකඟකරවා ගැනීම උදෙසා, සෑම වසරකම එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළු පවත්වනු ලැබේ. මෙය Conference of the Parties හෙවත් ‘පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය‘ නමින් හැඳින්වේ.

Comments