
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම් හා සමාජ ආරක්ෂණ) කපිල කුමාරසිංහ හට පිලිපීනයේ යුනිවර්සිඩාඩ් ඕල්ඩර්ස්ගේට් (ඕල්ඩර්ස්ගේට් කොලේජ්) මගින් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ. හෙතෙම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් කළමනාකරණ ක්ෂේත්‍රයේ සේවකයන්ගේ ආයතනික කැපවීම පිළිබඳව වසර පහක කාල සීමාවක් පුරා සිදුකරන ලද පර්යේෂණයක් පදනම් කරගත් පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් එම ආචාර්ය උපාධිය පිරිනමා ඇත.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේ දී ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ කුමාරසිංහ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.