
මන්කිෆොක්ස් හෙවත් වඳුරු උණ රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිර යෑම වළක්වා ගැනීමට ඉකුත් සති දෙක තුන තුළ විදේශගත වී සිට මෙරටට පැමිණි උණ, මුහුණ, අතපය හා ලිංගාශ්‍රිත තුවාල සහ වසා ගැටිති ඉදිමීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් වහාම වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සිළුමිණට ප්‍රකාශ කළේය.
ආසාදිතයකුගේ තුවාලවල ශ්‍රාව ඝෘජුවම ස්පර්ශ වීමෙන් තවත් අයකුට රෝගය බෝ විය හැකි බැවින් ඉහත රෝගී ලක්ෂණවලින් පෙළෙන පුද්ගලයන් රෝගය සුවවන තුරු සෙසු පුද්ගලයන් සමඟ සමීපව ගැවසීම සහ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
රට තුළ රෝගය පැතිර යෑම වැළැක්වීමට ගුවන් තොටුපොළ ඇතුළු ස්ථානවල නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම, රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම සහ තාක්ෂණික කමිටු රැස් කර ගත යුතු පියවර පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා අවධාරණය කළේය.
ඩුබායි සිට පැමිණි අයෙකු වඳුරු රෝගයට ගොදුරු වී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉකුත් 3 වැනිදා ප්‍රකාශ කරන ලදී.