මොරටුව මහා නගර සභාවේ "සාහිත්‍යංජලී-2022" සාහිත්‍ය මහෝත්සවය නොවැම්බර් 04 එම පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි විසිනි. මීට සමගාමීව කියවීම් මාසයට අදාළ ව සහ සාහිත්‍ය උත්සවය වෙනුවෙන් පවත්වනු ලැබූ අන්තර් පාඨශාලා සාහිත්‍ය තරග රැසක ජයග්‍රාහකයන්ට සහතික පත්, සමරු තිළිණ හා මුදල් ත්‍යාග පිරිනැමීම සිදු වූ බව මොරටුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් එස්. ඩී. තෙවරප්පෙරුම සඳහන් කරයි .