බුදුසරණ හිටපු කර්තෘගේ ගුණ සැමරේ | සිළුමිණ

බුදුසරණ හිටපු කර්තෘගේ ගුණ සැමරේ

බුදුසරණ පුවත්පතේ වසර 18ක කාලයක් කර්තෘ ලෙස කටයුතු කළ ප්‍රේමසිරි අබේසිංහගේ පස්වැනි ගුණසැමරුම නොවැම්බර් 10ට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් නොවැම්බර් 07වැනි දින කහතුඩුව නන්දනාරාමයේ දී පිටිවල උපාලි හිමිගේ ධර්ම දේශනාවක් පැවැත්වෙයි. එමෙන්ම කහතුඩුවේ ශ්‍රී නන්දනාරාමාධිපති පෙතිගමුවේ සුමණතිස්ස හිමිගේ අනුශාසකත්වයෙන් එදින පස්වරු 6ට කහතුඩුවේ ශ්‍රි නන්දනාරාමයේදී සත්බුදු පූජාවක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලේක්හවුස් බෞද්ධ සංගමයේ සමාරම්භක ලේකම්වරයා වූ ප්‍රේමසිරි අබේසිංහ ශ්‍රී ලංකා වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

සිංහල බෞද්ධයා පුවත් පතේ ද කතුවරයා ලෙස කලක් කටයුතු කළ හෙතෙම සමස්ත ලංකා කවි පෙරමුණේ සභාපතිවරයා ද විය.

ප්‍රේමසිරි අබේසිංහගේ පුත්‍රයා වන්නේ සිළුමිණ පුවත්පතේ හිටපු ජ්‍යේෂ්ඨ සම කර්තාවරයා වූ නිහාල් අබේසිංහය.

Comments