බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු මරුට – 17කට තුවාල | සිළුමිණ

බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු මරුට – 17කට තුවාල

වවුනියාව, නොච්චිමොටෙයි ප්‍රදේශයේදී අද (05) අළුයම සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
 
අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතර කාන්තාවන් නවදෙනෙකුද සිටි.තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 
යාපනය සිට කොළඹ බලා ධාවනය වු එම බස් රථය නොච්චිමොටෙයි පාලමේ ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබේ. මියගිය අය අතර බස් රථයේ රියදුරාද වන බයි වාර්තා වේ.
 
මේ අතර බස් රථය පෙරළි ඇති ස්ථානය නිරීක්ෂණය කරමින් ධාවනය වූ තවත් සුඛෝපභෝගී බස් රථයක්ද අදාළ ස්ථානයේදීම මාර්ගයෙන් ඉවතට පැන අසළ ගසක වැදීමෙන්ද අනතුරට ලක්ව ඇත. .
 
කෙසේවෙතත් එම බස් රථයේ සිටි කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව සදහන් වේ. 

Comments