
මෙම වසරේ ගතවූ මාස 9 තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම්හි විශාල වර්ධනයක් ඇති වෙමින් පවතී. එවැනි වාතාවරණයක් තුළ දැනට ඇති ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 22ට අමතරව තවත් ගුවන් සේවා සමාගම් 4ක් දැන් ක්‍රියාත්මක වේ. එනම් අසූර් එයාර්, රුසියන් එරොෆ්ලොට්, එයාර් ප්‍රාන්ස් සහ ස්ව්ට්සර්ලන්ත එයාර්ලයින්ය.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සමාගමක් වන අසූර් එයාර් ගුවන් සමාගමට අයත් ZF611 ගුවන් යානය මොස්කව් නුවර සිට ගුවන් මඟීන් 335 දෙනකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළට නොවැම්බර් 3 වැනිදා පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලයේ පිරිසක් සිය ආචාරය ශ්‍රී ලංකාවට පුද කරන අයුරුය.