
මඟී ජනතාවට ඉහළම ප්‍රතිලාභයක් සැලසෙන අයුරින් දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම පිළිබඳ ඵලදායි සාකච්ඡාවක් ඇරඹි තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ‘සිළුමිණ’ට ප්‍රකාශ කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ, කළමනාකාරිත්වයේ හා වෘත්තීය සමිතිවල ද අදහස් යෝජනා ලබා ගනිමින් සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළු සුබසාධන කටයුතුවලට කිසිදු බලපෑමක් සිදු නොවන අයුරින් එය සිදු කිරීමට යෝජිත බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව වඩාත් ඵලදායි සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඵලදායි කළමනාකරණ විධි අනුගමනය කරමින් අධිකාරියක් බවට පත් කිරීම වඩාත් යෝග්‍ය බව සේවක හා වෘත්තීය සමිති පාර්ශ්වයන්ගේ ද අදහස වී තිබේ.
මෙහිදී කිසිසේත්ම දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොකරන බවද අමාත්‍ය ගුණවර්ධන ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමග ඉකුත් 03 වැනි බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඒ පිළිබඳ ‘සිළුමිණ‘ කළ විමසීමකදීය.
පෞද්ගලික අරමුණුවලින් තොරව මගී ප්‍රවාහනයට ප්‍රමුඛතාව ලබා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්, වෘත්තීය සමිති හා කාර්ය මණ්ඩලයේ ද අදහස් ලබා ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අමාත්‍යවරයා මෙම හමුවේදී අවධාරණය කර තිබේ.
එම සාකච්ඡාවට සහභාගි වූ වෘත්තීය සමිති නියෝජිතයන් ද පවතින බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ග වඩාත් ඵලදායී වනු ඇතැයි යනුවෙන් ද අදහස් දක්වා ඇත.
මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, දුම්රිය නියාමක, ස්ථානාධිපති, රියැදුරු, වෘත්තීය සමිතිවල නියෝජිතයන් ඇතුළු පිරිසක් ද සහභාගි වී තිබේ.