ජනාධිපති මාධ්‍ය අංශයෙන් සමාජ සත්කාරයක් | සිළුමිණ

ජනාධිපති මාධ්‍ය අංශයෙන් සමාජ සත්කාරයක්

ට තුළ වර්තමානයේ මතුව තිබෙන ආර්ථික දුෂ්රකතා හමුවේ ස්ථිර ආදායම් මාර්ග නොමැති ප්‍රජාවට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් ප්‍රජා මුළුතැන් ගේ මැයින් දිවයිනේ විවිධ ප්‍රදේශවල දැන් ක්‍රියාත්මක වේ.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් අනගි ආදර්ශයක් ලබා දෙමින් රාජගිරිය ප්‍රජා සේවා මධ්‍යස්නථායක දී පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගේ වැඩසටහනක් සඳහා ඉකුත් දා එක් වු අතර එදින 400 අධික පිරිසකට පිසින ලද දිවා අහාරය ලබා දෙන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශයේ සුබ සාධක සංගමයේ මෙහෙයවීමෙන් පැවැති එම අවස්ථාවේ දී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ප්‍රජා මුළුතැන්ගේ මඟින් දිවා ආහාරය දුෂ්කරතා වට පත් වූ පිරිසකට බෙදා දුන් අයුරුයි මේ.

මෙම අවස්ථාවට කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ පියසේන දිසානායක අධ්‍යක්ෂ එම්. එම්. පුෂ්ප කුමාර, ජනාධිපති මාධ්‍ය අංශයේ සුබ සාධක හා ක්‍රීඩා සංගමයේ සභාපතිනි සහ ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීප්ති ප්‍රමිතා අධිකාරී ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Comments