
අනුරාධපුර මහමෙව්නාවේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට සමාන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව දේවාල විහාරාස්ථානයේ අභිනවයෙන් ස්ථාපිත කර තිබෙන අතර, එය කොළඹ නවකෝරලයේ අධිකරණ සංඝනායක ගල්කිස්ස වටරප්පල ධර්මායතනාධිපති ශාස්ත්‍රවේදී දිවියාගහ යසස්සි හිමි සහ කොටුව ශ්‍රී සම්බුද්ධාලොක විහාරධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර් ය ඉත්තදෙමලියේ ඉන්දසාර හිමි ප්‍රමුඛ සංඝරත්නය විසින් නොවැම්බර් 06 වැනිදා පෙරවරු 9.15 විවෘත කෙරේ.
අපවත් වී වදාළ දෙහිවල ශ්‍රී පියරතනාරාමාධිපති සල්පිටි කෝරලයේ උප ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මිද්දෙණිය පේමානන්ද නාහිමිපාණන් වහන්සේට සහ මියගිය ඥාතීන්ට නිවන් සුව පතා එම පවුලේ සාමාජිකයන් විසින් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙය ඉදි කරන ලදී.
ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව දේවාල විහාරාස්ථානයේ විහාරාධිපති ඉත්තදෙමලියේ ධම්මසිරි නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ප්‍රතිමා වහන්සේ ඉදි වූ අතර මෙම දේවාල මහ විහාරය මෙයට වසර 47කට පෙර කුඩා පොල් අතු පැලකින් අරඹා වර්තමානයේ සියලු විහාර අංගනයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ අති නවීන විහාරස්ථානයක් කර ඇත.
මේ සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දුන් සියලු දෙනාට විහාරාධිපති ස්වාමින්වහන්සේ පුණ්‍යානුමෝදනා සිදු කර සිටියි.