
2023 වසරට අදාළ වූ අයවැය නොවැම්බර් 14 වැනිදා පස්වරු 1.30 ට මුදල්, අර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාව විසින් මේ පිළිබඳ තීරණය කළ අතර විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 15 වැනිදා ආරම්භ කෙරෙන අතර, දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 22 වැනිදා පස්වරු 5 ට ආරම්භ වීමට නියමිතය. විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පැවැත්වෙයි. රට තුළ වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අයවැය ඉදිරිපත් කිරීමෙන්
අනතුරුව පිරිනැමෙන තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.