අපේ විරෝධය අති සාර්ථකයි | සිළුමිණ

අපේ විරෝධය අති සාර්ථකයි

පේ උද්ඝෝෂණය මර්දනයට එරෙහිවයි. මෙය ජනතාවගේ පීඩාව වෙනුවෙන් නැඟීසිටීමේ ආරම්භයක් පමණයි. රැලිය අතිසාර්ථකයි. සියලු පක්ෂ සාමූහිකව හිටියා. ආණ්ඩුවට අවශ්‍ය වුණේ මර්දනයක් ඇති කරන්න. ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ආණ්ඩුවේ කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය ඇති කරන්න උත්සහ කළත් අප සාමකාමී අරගලයක නිරත වුණා.

අද ජනතාව විශාල ආර්ථික පීඩනයකින් ඉන්නේ. බඩු මිල වැඩි වෙලා රටේ විශාල උද්ධමනයක් ඇති වෙලා. අහිංසක ජනතාවගෙන් අධික බදු අය කරනවා. පොඩි මිනිසුන්ගේ බඩගින්න ගැන මේ ආණ්ඩුව හිතන්නේ නැහැ. ජනතාවගේ ප්‍රශ්න යටපත් කරන්න මර්දනය කිරීම මිස ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ.

Comments