
ශ්‍රි ලංකාවේ යළිත් ගෑස් හිඟයක් ඇති වන බවට පැතිර යන ආරංචි අසත්‍ය බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
අද (04) පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවැසීය
ලිට්‍රෝ සමාගම සතුව ගෑස් මෙට්‍රික් ටොන් 2,000 කට වැඩි ප්‍රමාණයක් ඇති බවත්, මෙට්‍රික් ටොන් 28,000 පමණ ප්‍රමාණයක් මේ වන විට ඇනවුම් කර තිබෙන බවත් මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විය.
ඒ අනුව ගෑස් පෝලිමක් තියා නැවත ගෑස් හිඟයක් ඇති නොවන බවත් 2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද දක්වා ගෑස් පිළිබඳව නැවත ගැටලුවක් ඇති නොවන බව සභාපතිතුමා ප්‍රකාශ කළේය
නව ලිට්රෝ ගෑස් සිලින්ඩර ලබා ගැනීමට එළඹෙන ජනවාරි සිට අවස්ථාව හිමි වන බව ද මුදිත පිරීස් මහතා පැවසීය
මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ඒ මහතා පැවසූයේ මීළඟ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ලබන ඉරිදා (06) පෙරවරුවේ ප්‍රකාශ කරන බවය.