මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ - ඇමති කංචන | සිළුමිණ

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ - ඇමති කංචන

ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.
 
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඉන්ධන මිල පහළ දමනු ඇතැයි අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන ඇනවුම් නොකර සිටින බව ය.
 
කෙසේ වෙතත්, මෙම සතියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව අමාත්‍යවරයා එමගින් අවධාරණය තිබේ.
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා අයි.ඕ.සී. සාමගමට අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන ඇණවුම් කරන ලෙස ත් තමන් පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.

Comments