ජල බිල්පත් ගෙවීම් ප්‍රමාද කරන ආයතනවලට තවත් බිලක් | සිළුමිණ

ජල බිල්පත් ගෙවීම් ප්‍රමාද කරන ආයතනවලට තවත් බිලක්

ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේ දී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
 
ලබන වසරේ ජනවාරි සිට එම ගාස්තු අය කිරීමට තීරණය කර ඇති බව එම මණ්ඩලය පවසයි.
 
ඒ අනූව රාජ්‍ය ආයතන වෙත ජල බිල්පත ලැබී දින 90ක කාලයක් තුළ එහි ගෙවීම් කළ යුතු අතර එසේ නොවන්නේ නම් එම රාජ්‍ය ආයතනය සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට නියමිතය.
 
මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Comments