පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිළ පහළට | සිළුමිණ

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිළ පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
 
ඒ අනුව එම සංගමය පවසන්නේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළ දමන බවය.
 
එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Comments