
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි හි එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.
ඉන්දීය රජයට මෙන්ම එරට ජනතාවට සහ ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.
"තුවාල වූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර සිදුවෙමින් පවතින ගලවා ගැනීමේ සහ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම්වල සෑම සාර්ථකත්වයක්ම ප්‍රාර්ථනා කරමි," යනුවෙන් ද එම සටහනේ දැක්වේ.
ඊයේ (30) පස්වරුවේ කඩා වැටුණු මෙම පාලම් අනතුරෙන් මේවන විට පුද්ගලයින් 100කට අධික පිරිසකට දිවි අහිමි වී ඇත. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති අතර 72 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබේ.