හැලෝවීන් ඛේදවාචකයට ජනපතිගෙන් ශෝක පණිවුඩයක් | සිළුමිණ

හැලෝවීන් ඛේදවාචකයට ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලොවින් සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොරියානු රජයට සහ ජනතාවට මෙන්ම විශේෂයෙන් මියගිය අයගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ  කර තිබේ.
 
එම අනතුරින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
 
දකුණු කොරියාවේ ඊයේ රාත්‍රීයේ සංවිධානය කර තිබූ හැලොවින් සාදයක් අතරතුර සිදු වූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 151 ක් පමණ මිය ගිය අතර පුද්ගලයින් 82ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
මේ අතර දකුණු කොරියාවේ සෝල්  අගනුවර එළිමහන් උත්සවයක් අතර තුර ඇති වු තෙරපීමකින් පුද්ගලයින් 151 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් ශෝකය පළ කර තිබේ. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය සහ ජපානය ඇතුළු රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව වෙත සිය ශෝකය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 

Comments