හැලෝවීන් උත්සවයක් අතරතුර 150ක් ජීවිත‍ක‍්ෂයට | සිළුමිණ

හැලෝවීන් උත්සවයක් අතරතුර 150ක් ජීවිත‍ක‍්ෂයට

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් උත්සවයක් අතරතුර  පුද්ගලයින් 150දෙනෙකු මිය ගොස් තවත් 82කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
 
සෝල් අගනුවර හැලොවීන් උත්සවයකට එක්ව සිටි විශාල පිරිසක් පටු මාර්ගයකදී තෙරපීමෙන් මෙම අවාසනාවන්ත ඛේදවාචකය සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූ වැඩි පිරිසකගේ තත්ත්වය බරපතල බවයි. මියගිය අය අතර විදේශිකයන් දෙදෙනෙක් සිටින බව ද සදහන් කෙරේ. 
 
ලක්ෂයකට අධික පිරිසක් මේ හැලොවීන් උත්සවයට සහභාගී වී ඇති අතර ඉන් බහුතරය තරුණ තරුණියන් බව සදහන් වේ.
 
කොවිඩ් 19 සීමාකිරීම් හේතුවෙන් වසර දෙකක නිහඬ සැමරුම් වලින් පසු ඊයේ පැවති හැලොවීන් උත්සවයට ඉහළ උද්යෝගයක් සහ විශාල පිරිසකගේ සහභාගීත්වයක් පැවති බව සදහන් කෙරේ.
 
දකුණු කොරියා ජනාධිපති Yoon Suk-yeol හදිසි රැස්වීමක් කැඳවා තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් සැපයීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවීමට සහ ව්‍යසනයට හේතුව පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට උපදෙස් දී තිබේ.
 
2014 වසරේදී පාරුවක් දියේ ගිලීමෙන් සිසුන් 304 දෙනෙක් මියයාමෙන් පසු දකුණු කොරියාවේ සිදුවූ විශාලම ව්‍යසනය මෙයයි.
 
මූලාශ්‍රය: The Korea Herald

Comments