
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදිණී
ශ්‍රියා ගනේගොඩ
දක්ෂතාවන්ට ඉඩකඩ සැලසෙන, ගේදොර යානවාහන සහ දේපළ හිමිවිය හැකි මෙන්ම විවාහ දරුඵල අපේක්ෂා මුදුන්පත් වන, අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කෙරෙන සුවිශේෂී ග්‍රහ මාරු 4ක් මෙම මාසය තුළදී දැකගත හැකිවේ. නොවැම්බර් 11 වැනිදායින් පසු සිකුරු, බුධ, කුජ, රවි යන ග්‍රහයන්ගේ ගමන් මඟ අනුව එලෙස සිදුවේ. උපතේදී ඔබගේ කේන්ද්‍රයේ එකී ග්‍රහයන් බලවත්ව සිටි ආකාරය හා දැනට ගත කරන දශාව අනුවත් ඉහත සුබ පල ප්‍රදානය කෙරේ. තවද නොවැම්බර් 8 වැනිදා සිදු වන පූර්ණ චන්ද්‍රග්‍රහණය අනුව ද එක් එක් ලග්නවලට සුබ සහ අසුබ ප්‍රතිඵල හිමි කර දෙයි.
මේෂ - රැකියා කටයුතුවල දියුණුවක්
ගෘහ ජීවිතය :- මේ මාසය තුළ ඔබට සුබ පල වැඩියෙන් ද අසුබ පල අඩුවෙන් ද පෙන්වයි. විවාහ පාර්ශ්වයෙන් උදවු උපකාර ලැබෙන සතුටින් ගෙවිය හැකි කාලයකි. යුග දිවිය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකි වුවත් ඒවා තාවකාලිකය. ඉවසීමටත් බුද්ධියටත් ප්‍රමුඛතාව දී කටයුතු කරන්න. රාහු ලග්නගතව සිටින නිසා දෙවරක් සිතන්න.
රැකියාව :- රැකියා අංශවල දියුණුවක් පෙන්නුම් කරයි. රැකියා සොයමින් සිටි අයට රැකියා ලැබීමත් විදේශවල සේවය කිරීමට බලාපොරොත්තුව සිටි අයට ඒවා ලැබීමටත් හැකි කාල පරිච්ඡේදයකි. ව්‍යාපාරික කටයුතුවලින් ද පෙරට වැඩි වාසි සහගත තත්ත්වයක් උදාවේ. ප්‍රධානීන් සමඟ ආවේගශීලිව කටයුතු කිරීමෙන් වළකින්න.
අධ්‍යාපනය :- විද්‍යා, වාණිජ, පරිගණක ක්ෂේත්‍රවල දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වේ. ජයග්‍රහණ අත්වේ. විදෙස් අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කර තිබූ දරුවන්ට සුබ පණිවුඩ අසන්නට ලැබෙයි.
සෞඛ්‍යය :- මාසයේ මුල් දින 10න් පසුව විදුලිය, ගින්දර වැනි කරුණු සම්බන්ධව වැඩ කිරීමේදී කල්පනාකාරී වීමත් අක්ෂි රෝග මුඛ රෝග, සෙම් රෝග ආදියට ප්‍රතිකාර ලබා ගැනීමත් සුදුසුය. අක්ෂි රෝගීන්ට උපකාර කිරීමත් අඟහරුවාදා දින නිර්මාංස වීමත්, බෝධීන් වහන්සේට රතුමල් පූජා කිරීමත් අපල අවම කර ගැනීමට හේතු වේ.
සුබ අංකය 4, සුබ වර්ණය රතු, සුබ දවස් ඉරිදා, අඟහරුවාදා
වෘෂභ - පෙර පින මතුවන කාලයක්
ගෘහ ජීවිතය :- අන්‍යයන්ට කරදරයක් නොවී යහපත්ව ජීවිකාව ගෙන යෑම එකම අරමුණ වුවත් ඔබේ සැලසුම් රහසිගතව තබා ගත යුත්තේ ඔබේ දියුණුවට අකුල් හෙළන අය සිටිය හැකි නිසාය. අවේලාවේ ගමන් බිමන් නොයන්න. විවාහ අපේක්ෂක අයට ද දරුඵල නොලද අයට ද යහපත් කාල වකවානුවකි.
රැකියාව :- නැවතී තිබූ රැකියා කටයුතු, ව්‍යාපාරික අංශ යළි නඟා සිටුවීමට උනන්දු වෙයි. ධනය උපයා ගැනීමට මාර්ග සැකසේ. ව්‍යාපාර කටයුතුවලදී මෙන්ම රාජ්‍ය අංශයේ සේවා ස්ථානවල ද ගැටලුකාරි ස්වභාවයන් මතු වුවද බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් නිරාකරණය කර ගැනීමට පුළුවන. විදෙස් රැකියාවන්ට ද ඉඩ සැලසේ.
අධ්‍යාපනය :- ඉගෙනීම ලබන දුවා දරුවනට උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. එහෙත් විශ්වවිද්‍යාලවල දරුවනට බාධා පැමිණිය හැක. පරිගණක සහ විද්‍යා ගණිත අංශවල අයගේ නැණ නුවණ වර්ධනය වේ.
සෞඛ්‍යය :- කොඳුඇට පෙළෙහි අසනීප, ලේ දෝෂ, දණහිස් ආබාධ, පා ඇඟිලි වැදීම් තැළීම් සිදුවිය හැකිය. සිකුරාදා දින නිර්මාංස වීම, වෙල් මාළුන්ට පොරි වැනි ආහාර ලබාදීම, සුදු - රෝස පැහැ මල් සිකුරාදා දින පළමු පැයේ බෝධීන් වහන්සේට පූජා කිරීම තුළින් අපල අවම වේ.
සුබ අංකය 6, සුබ වර්ණය රෝස, සුබ දවස් බදාදා, සිකුරාදා
මිථුන - ලොතරැයි දිනුම්
ගෘහ ජීවිතය :- ඔබේ අෂ්ඨම ඒරාෂ්ටකය තවම නිම වී නොමැති නිසා සුළු අපල බාධා කරදර පමුණුවයි. තනි තීන්දු තීරණ ගැනීම නිසා ගෘහස්ථව අනෙක් පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙයි. එහෙත් සාමකාමි වේ. ගැටලු දුරදිග නොයයි. බුද්ධිමත්ව නිහඬව කටයුතු කරයි.
රැකියාව :- රැකියා අංශවල වෙනස්කම් සිදු කරන්නට නොගොස් තිබෙන රැකියාව උනන්දුවෙන් කරගෙන යෑම ඔබට යහපතකි. බොහෝ දුරට ලියන කියන කටයුතුවලින් සුබ පල අත්වේ. සතුරු උවදුරු ඇතිවිය හැකි බැවින් මුල් සති දෙකෙන් පසු රැකියා ස්ථානයේත් නිවෙසේත් ඔබගේ වටිනා දේවල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.
අධ්‍යාපනය :- දරුවන්ගේ ඉංග්‍රීසි දැනීම, පරිගණක ක්ෂේත්‍රයේ දැනුම සහ කලාත්මක හැකියාවන් වර්ධනය වේ. විදෙස් අධ්‍යාපනය සඳහා ද යොමු වෙයි.
සෞඛ්‍යය :- ස්නායු දුබලතා, උෂ්ණාධික රෝග, උදර රෝග, අක්ෂි දුර්වලතා මෙන්ම අනතුරු ද දක්නට ලැබෙන බැවින් කරන කියන සෑම කටයුත්තක්ම ඉතා කල්පනාවෙන් කරන්න. බදාදා නිර්මාංසව සිටීම, ඉගෙන ගන්නා වයසේ දරුවකුට පාසල් උපකරණයක් ලබා දීම, කොහෙඹ පැළයක් සිටුවා සත්කාර කිරීම අපල අවම කරයි.
සුබ අංක 3, 5, සුබ වර්ණ කොළ, කහ, සුබ දවස් බදාදා, සිකුරාදා
කටක - පුණ්‍ය කටයුතුවලට වැඩි ඉඩක්
ගෘහ ජීවිතය :- මාලවි යෝගය සස යෝගය ආදිය නිසා සුබඵල ඇතිවේ. ගෘහ ජීවිතයේ හැල හැප්පීම් ඇති විය හැකි බැවින් දුරදිග බලා කටයුතු කිරීම වැදගත්ය. විවාහ සහ දරුඵලවලට සුබ කාල වකවානුවක් වන අතර වාහන ලාභ ආදියට ද ඉඩකඩ පවතී. පුණ්‍ය කටයුතුවලට සහභාගිත්වය වැඩිවේ.
රැකියාව :- ඔබ කරන කියන රැකියාවල වෙනස්කම් ස්ථාන මාරු වගේම කාර්යබහුලකම දක්නට ලැබෙයි. ඇවිදිලි වැඩිවේ. සමහරවිට රැකියා සඳහා විදේශගත වන්නට සිටි අයට යහපත්ය. රාජ්‍ය අංශවල උසස් තනතුරු ද ලැබිය හැකිය. ආර්ථිකය අයහපත් නොවේ. කෘෂි කාර්මික අංශ, මැණික් ගැරීම ආදිය කරන අයට ද සුබ පල අත්වේ.
අධ්‍යාපනය :- සිකුරු 5 වැන්නට පැමිණි විට දරුවන් පොතපත පිළිබඳ අවධානය අඩු වී සෙල්ලමට නැඹුරු විය හැකි බැවින් මවුපියන්ගේ කැපවීම ඉතා වැදගත් වේ.
සෞඛ්‍යය :- හදිසි සුළු අනතුරු, සිත් තැවුල්, හෘද රෝගවලට ඉඩ ඇත. සඳුදා දින නිර්මාංසව සිට චන්ද පිරිත ශ්‍රවණය කිරීමත් කුඩා දරුවන්ට දිවුල් පරිත්‍යාග කිරීමත් අපල අවම කරයි. පත්තිනි දේව මැණීයන් වෙනුවෙන් පඬුරක් දමන්න.
සුබ අංක 2, 7, සුබ වර්ණය සුදු, සුබ දවස් සඳුදා, බ්‍රහස්පතින්දා
සිංහ - අභියෝග මැද ඉදිරියටම
ගෘහ ජීවිතය :- මේ මාසයේදී ඔබ බොහෝ කැපවීමකින් ගෘහ ජීවිතයේ කටයුතු අනලස්ව කිරීමට සැලසුම් සහගතව සිටියි. සහජ දක්ෂතා ඉස්මතු වෙයි. නිවෙසේ උතුරු දිශාව පිරිසුදුව තබා ගැනීම වැදගත්ය. පවුලේ අභිවෘද්ධිය ඇතිවේ.
රැකියාව :- මාසයේ මැද කොටසේදී රැකියා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්වෙයි. පොතපත ආශ්‍රිතව සහ ලියන කියන කටයුතුවලින් ද කලාත්මක හා විසිතුරු භාණ්ඩ අලෙවියෙන් ද වැඩි ලාභයක් අත්වෙයි.
අධ්‍යාපනය :- දුවා දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණුවට පත් වෙන අතර පරිගණක ක්ෂේත්‍රයේ දක්ෂතා ද පෙන්නුම් කරයි. ක්‍රීඩා වැනි අංශවල ද හැකියාවන් ඉදිරියට එයි.
සෞඛ්‍යය :- කාන්තාවන්ට ගර්භාෂගත අසනීප, දෙපාර්ශ්වයටම කොඳුඇට පෙළේ වේදනා, සෙම් රෝග ආදිය මතු විය හැකිය. පවුලේ අයට උදරය ආශ්‍රිත අසනීප හට ගැනීමට පුළුවන. පිළිකා රෝගියකුට කටුපිල කැඳ පානයක් සාදා දෙන්න. නැතිනම් කැමති ආහාරයක් හෝ වියළි ආහාර දීමෙන් අපල අවම වේ.
සුබ අංක 1, 4, සුබ වර්ණය රතු, සුබ දවස් ඉරිදා, අඟහරුවාදා
කන්‍යා - නැවතී තිබූ වැඩ යළි ඇරඹේ
ගෘහ ජීවිතය :- බලවත් ග්‍රහ යෝග සංයෝග කිහිපයක්ම පෙන්නුම් කරන මේ මාසයේදී ඔබට අභියෝග ජය ගත හැකි බවක් පෙනේ. වැඩිහිටියන්ගේ සහයෝගය මත නවතා දමා තිබූ ආදායම් මාර්ග යළි සකස් කිරීමට උනන්දු වන්න. ආර්ථික අතින් පමණක් නොව වෙනත් අංශවල ද සමෘද්ධියක් ලද හැකි අතර යුග දිවිය තුළ ගැටලු ඇති නොවේ.
රැකියාව :- වචනයේ බලයෙන් දක්ෂතාවයෙන් වැඩ කටයුතු කර ගැනීමට හැකි අතර අන්‍යයන්ගේ සිත් තුළ ප්‍රිය මනාප බවක් ඇති කරයි. ව්‍යාපාර අංශවල ද ප්‍රගතියක් ඇති කරයි. විදේශගතවීම් ද දක්නට ලැබෙයි.
අධ්‍යාපනය :- මාසයේ මැද භාගයෙන් පසුව ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ දක්ෂතා වර්ධනය වේ. හිතුවක්කාර ගති ද ඇතිවේ. ගණිතමය කටයුතුවලට ද දක්ෂතා ගොඩනැඟේ.
සෞඛ්‍යය :- සෙම් රෝග, හෘද රෝග, හදිසි සුළු අනතුරු ආදියට ඉඩ ඇති අතර පවුලේ කිහිප අයෙකුටම අසනීප ගති ඇතිවිය හැකිය. අපල අවම කර ගැනීමට බදාදා දිනයේ නිර්මාංසව පවුලේ සියලු දෙනා සමඟ නිවසේ හෝ මල් පහන් පූජා කර, පැන් තබා සුවඳ දුම් අල්ලා පූජාවක් කරන්න. කොහොඹ කොළ තම්බාගත් ජලයෙන් ඇඟපත සෝදන්නට යොදා ගන්න. අසරණ දරුවකුට ඉගෙනීමට අදාළ දෙයක් පරිත්‍යාග කරන්න.
සුබ අංක 5, 7, සුබ වර්ණ කොළ, සුබ දවස් බදාදා, සිකුරාදා
තුලා - කලා ක්ෂේත්‍රයේ අයට සුබයි
ගෘහ ජීවිතය :- ගෘහ ජීවිතයේ ගැටලුකාරී ස්වභාවයන් ඇති විය හැකි බැවින් කල්පනාවෙන් ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වේ. යුග ජීවිතය තුළ එක් අයෙක් නිහඬ වීමෙන් දුරදිග නොයවා ගැටලු සමථයකට පත්කර ගත හැකිය. කලා ක්ෂේත්‍රයේ දක්ෂයන්ට යහපත් කාලවකවානුවකි. මවුපිය සහයෝගය හිමිවේ.
රැකියාව :- රැකියා කටයුතු සඳහා වඩාත් ඇවිදීමට සිදු වෙන කාලයකි. සමාජ සේවා, පොදු වැඩ, සුබසාධන කටයුතු ආදිය වෙනුවෙන් කාලය මිඩංගු කළත් ආර්ථිකය යහපත් අතට හරවා ගැනීම දුෂ්කර වේ. මාසයේ මැද කොටසේදී රාජ්‍ය අංශවල උසස්වීම් ආදිය ලැබිය හැකිය. විදෙස්ගතව සිටින අයගෙන් මුදල් හදල් ලැබීමට භාග්‍යය ඇත.
අධ්‍යාපනය :- ප්‍රාථමික අංශවල දරුවනට යම් යම් බාධා ඇති වුවද දෙගුරුන්ගේ කැපවීමෙන් එම තත්වයන් මඟ හරවා ගත හැකිය. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට කලා අංශවලින් දියුණුව ලැබෙයි.
සෞඛ්‍යය :- උණ රෝග, චර්ම රෝග, සෙම් රෝග ඇති විය හැකිය. හැකි නම් සිකුරාදා දින උදේ 6 - 7 අතර චෛත්‍යයක් අබියස සුදු සහ රෝස පැහැ මල් පුදා කරණීය මෙත්ත සූත්‍රය සිංහලෙන් සහ පාලියෙන් කියන්න.
සුබ අංක 3, 6, සුබ වර්ණ සුදු, ක්‍රීම්, සුබ දවස් සිකුරාදා, සෙනසුරාදා
වෘශ්චික - සාර්ථකත්වයට නව පදනමක්
ගෘහ ජීවිතය :- විදෙස්ගතවීම් සහ විදේශවල සිටින අයගෙන් උපකාර හිමි විය හැකිය. සාර්ථක දිවියකට අඩිතාලම දමාගත හැකි කාලයකි. සතුට, සමාදානය රැඳේ.
රැකියාව :- රාජ්‍ය අංශවල මෙන්ම පෞද්ගලික අංශවල රැකියාවන්හි නිරත අයට උසස්වීම්වලට හිමිකම් ඇත. දැනුම, බුද්ධිය, සහජ දක්ෂතා මත ස්වයං රැකියා ආදිය කරන අයට ද සුබ කාලයකි. විදෙස්ගත රැකියා සොයමින් සිටි අයට ද යහපත්ය. ආර්ථික අපහසුතා මග හැරේ.
අධ්‍යාපනය :- ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ දැනුම බුද්ධිය වර්ධනය වේ. මාසයේ මැද භාගයේදී ජයග්‍රාහී ලෙස අභියෝග ජය ගැනීමට හැකි ග්‍රහබල පෙන්වයි. විදෙස් අධ්‍යාපනය සඳහා ද යොමුවේ.
සෞඛ්‍යය :- ස්නායු ආබාධ පාදවල වේදනා, ලේ දෝෂ ඇති වුවද ඒවා උත්සන්න නොවේ. හදිසි අනතුරු ආදියට ද ඉඩකඩ ඇති බැවින් ගින්දර, විදුලිය වැනි දේ භාවිතයේදී සැලකිලිමත් වන්න. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින නිර්මාංසව බෝධීන් වහන්සේ අබියස රතු මල් පූජා කරන්න. උදේ 6 - 7ත් අතර අන්තරාය නිවාරණ පිරිත කියන්න.
සුබ අංක 4, 5, සුබ වර්ණය රතු, සුබ දවස් ඉරිදා, අඟහරුවාදා
ධනු - බලාපොරොත්තු ඉටුවේ
ගෘහ ජීවිතය :- විදෙස් ගමන් බලාපොරොත්තු වූ අයට යහපත් වාතාවරණයක්, අතමිට මිල මුදල් ගැවසෙන සතුටින් කල් ගෙවිය හැකි කාල වකවානුවක් වුවත් මාසයේ මැද භාගයෙන් පසු තරමක වියවුල් පැන නැඟන්නට ද ඉඩ ඇත.
රැකියාව :- මාසය ආරම්භයත් සමඟ ආදායම් තත්ත්වය සුබ අයුරින් පවතී. පොතපත ආශ්‍රිත සහ ලියන කියන කටයුතුවලින් වැඩි වාසි ව්‍යාපාර අංශවලින්ද සුබ ප්‍රතිඵල හිමිවේ. තැන්පත් ධනයක් පවත්වා ගැනීම සඳහා ඉතා උනන්දුවෙන් කැප විය යුතුය.
අධ්‍යාපනය :- දුවා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට බාධා පැමිණියද සෙත් ශාන්තිවලින් හා බෝධි පූජා තැබීමෙන් ඒවා මඟහරවා ගැනීමට හැකිවේ.
සෞඛ්‍යය :- සෙම් රෝග, මස්පිඬු වේදනා, හදිසි සුළු අනතුරු, උදර රෝග ඇතිවිය හැකිය. බ්‍රහස්පතින්දා දින නිර්මාංසව කහ මල් පූජා කර කහ පාටට හුරු බෙලිමල්, රණවරා ආදිය ගිලන්පසට තබන්න. බෝමළුව පිරිසුදු කර බෝ රුකට පැන් කළයක් වත් කරන්න.
සුබ අංක 5, 6, සුබ වර්ණය කහ, සුබ දවස් ඉරිදා, බ්‍රහස්පතින්දා
මකර - කායික මානසික සතුට හිමිවේ
ගෘහ ජීවිතය :- ලග්නාධිපති බලවත්ව සිටින අතර 10 වැන්නේ ත්‍රිග්‍රහ යෝගයක් දක්නට ලැබෙයි. චිත්ත ධෛර්යයෙන් යුතුව වැඩ කරන විශ්වයේ ආකර්ෂණීය ශක්තියක් ඔබට හිමිවේ. සතුට සමාදානය රැඳේ.
රැකියාව :- ලිපිලේඛන සම්බන්ධ රැකියාවල නියුතු අයට වඩාත් සුබ පල හිමිකර දෙයි. විසිතුරු භාණ්ඩ, රෙදිපිළි, පොත්පත් ලිපි ද්‍රව්‍ය, ස්වර්ණාභරණ වෙළෙඳාම් කරන අයට වැඩි වාසි ලැබේ. පොදුජන සහයෝගය හිමි වී ව්‍යාපාර අංශ දියුණු වෙයි.
අධ්‍යාපනය :- උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවනට ඥාන ශක්තිය වැඩි වන ග්‍රහ බල පෙන්නුම් කරයි.
සෞඛ්‍යය :- සෙම් රෝග, කලවා, දණහිස් වේදනා, හෘදය සම්බන්ධ සහ ලේ දෝෂ මතු කෙරේ. හදිසි සුළු අනතුරු ඇතිවිය හැකිය. අපල අවම කර ගැනීමට සෙනසුරාදා දින නිර්මාංසව සිට එදින සවස හෝ උදේ 6 - 7ත් අතර නිල් මල් සහිත බෝධි පූජාවක් තබන්න.
සුබ අංක 6, 8, 9, සුබ වර්ණය නිල්, සුබ දවස් සිකුරාදා, සෙනසුරාදා
කුම්භ - අධ්‍යාපනික ජයග්‍රහණ
ගෘහ ජීවිතය :- ආර්ථික සමෘද්ධිමත් බවක් ඇති වුවද යුග දිවිය පිළිබඳ ගැටලු මතුවේ. කලා කටයුතුවල නිරත අයට සුබ පල අත්වෙයි. පිය උරුම ලැබෙන්නට ඉඩකඩ පවතී. වුවමනාවට වැඩියෙන් අන්‍යයන්ගේ කටයුතුවලට අත තැබීමෙන් වළකින්න. යාන වාහන ලැබීම් ඇත. ඔබගේ වචනයට කවුරුත් ප්‍රිය කරයි.
රැකියාව :- රැකියා හා ව්‍යාපාරවලින් කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්කර ගත හැකි කාලයකි. ණය දීම, ගිවිසුම් අත්සන් කිරීම් වැනි දේ නොකර අරපිරිමැස්මෙන් කටයුතු කරන්න. රැකියා ස්ථානය තුළ ප්‍රධානීන් සමඟ ගැටුම් ඇති කර නොගෙන රැකියාව රැකගන්න.
අධ්‍යාපනය :- විද්‍යාත්මක අංශවල දැනුම වර්ධනය වේ. පරිගණක තාක්ෂණය අතින් ජයග්‍රහණ ලබයි. ක්‍රීඩා කෞශල්‍ය දියුණු වේ.
සෞඛ්‍යය :- පාදවල පා ඇඟිලිවල තුවාල සීරීම් මෙන්ම සෙම් රෝග ද බහුල වේ. අවශ්‍ය බේත් හේත් වෛද්‍ය උපදෙස් පිළිපදින්න. සෙනසුරාදා දිනයේ අතපය වාරු නැති දුබල අයකුට උදේ ආහාරය දෙන්න. කැකුළු හාලේ බත්, එළවළු, ව්‍යංජන සමඟ බෙහෙත් ද්‍රව්‍යයක් ද පරිත්‍යාග කරන්න.
සුබ අංක 3, 8, 9, සුබ වර්ණ රතු, නිල්, සුබ දවස් සිකුරාදා, සෙනසුරාදා
මීන - දැහැමි සිතුවිලි අවැසි කාලයක්
ගෘහ ජීවිතය :- ගුරු හංස යෝගයක සිටින ගුරු ග්‍රහයාගේ බලපෑම ලග්නය පුරාවටම පවතී. වැඩිහිටි පූජ්‍ය පක්ෂයේ අයගේ අවවාද අනුශාසනා නිතර හිමි වෙයි. ඉවසීමෙන් සහ හික්මීමෙන් කටයුතු කිරීමෙන් ගැටලු අවම වේ. දිරියෙන් ශක්තියෙන් මහන්සියෙන් උපයා ගැනීමේ අරමුණ ධාර්මික සිතුවිලි සමඟ සම්පූර්ණ කර ගත හැකිය.
රැකියාව :- දැනට කරගෙන යනු ලබන රැකියාවක් තුළින් සෑහීමකට පත් වෙන බවක් පෙනෙන්නට ඇති අතර ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ද ඉපයීම් කරගත හැකිය. අන්‍ය්‍යන්ට ගුරුහරුකම් දෙන පිරිසක් පාලනය කරන ගෞරවාන්විත ආදායම් මාර්ගවලට උරුමකම් කියයි. ඉදිරි කාල වකවානුව ආවේගශීලි නොවී සංයමයකින් යුතුව වචන හසුරුවාලීම වැදගත් වේ.
අධ්‍යාපනය :- ප්‍රාථමික මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවල ද දියුණුවක් දක්නට ලැබෙන උසස් විභාග ජයග්‍රහණ කරන අභියෝග ඉලක්කවලට සාර්ථකව මුහුණ දෙන කාලයකි.
සෞඛ්‍යය :- අජීර්ණය, මල බද්ධය, චර්ම රෝග ආදී රෝග, උෂ්ණාධික බව සහ ගිනි බිය ආදිය ද ඇතිවේ. නිසි අවබෝධයකින් අවදානම දැන සියලු කටයුතු කරන්න. ආබාධිත දරුවකුට කහ පාට ඇඳුමක්, බෙලි අඹ වැනි කහපාට පලතුරක් පරිත්‍යාග කරන්න. කරණීය මෙත්ත සූත්‍රය අභිසම්භිධාන පිරිත ශ්‍රවණය කරන්න.
සුබ අංක 3, 9, සුබ වර්ණ රතු, කහ, සුබ දවස් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා