
ආණ්ඩුව IMF ණය සහනාධාරය ගැන වැරදි අදහසක් රටේ ඇති කරලා තියෙනවා. මේ ලැබෙන මුදලින් රටේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මෙය යම්කිසි හොඳ ආර්ථික දර්ශකවල එකතු කිරීමට සහ ආර්ථික විනයක් ඇති කිරීමට ගන්නා එක් ප්‍රයත්නක් පමණයි. එහිදි ණය වෙළෙඳපොළට සහ ආයෝජන වෙළෙඳපොළට ලැබෙන පණිවුඩය වැදගත් වෙයි. අද පවතින පහළ ශ්‍රේණිගත කිරිම් වලින් එක් පියවරක් ඉදිරියට යාමට එය හොඳ සාධනීය හේතුවක් වගේම එය හොඳ සංඥාවක්. නමුත් IMF ආධාර මුල්‍ය වෙළෙඳපොළට ව්‍යුහාත්මක ගැටලුවලට විසඳුම් නොවෙයි.