‘ගීත් මධුර’ ප්‍රසංගය 30 දා නොමිලේ | සිළුමිණ

‘ගීත් මධුර’ ප්‍රසංගය 30 දා නොමිලේ

පැරණි හින්දි ගීත ප්‍රිය කරන රසික රසිකාවියන් වෙනුවෙන් පිහිටුවා ඇති හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය වාර්ෂිකව පවත්වනු ලබන ‘ගීත් මධුර‘ ප්‍රසංග මාලාව 30 ඉරිදා පෙරවරු 9.30ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ. නොමිලේ පැවැත්වෙන මේ ප්‍රසංගයට පැරණි හින්දි ගීත ප්‍රිය කරන රසික රසිකාවියන්ට සහභාගි විය හැකි අතර වැඩි විස්තර 0718293411න් ලබා ගත හැකිය.

Comments