
සියලු ප්‍රධාන පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයට (එජාප) එකතු කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට එජාප ප්‍රධානීන්ට ජනාධිපති එජාප නායක රනිල් වික්‍රමසිංහයන් උපදෙස් දී තිබේ.
සියලු පක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ග්‍රාමීය මට්ටමින් දේශපාලන ක්‍රියාකාරීන්ද මේ අනුව එජාපයට එක් කර ගැනීමේ වැඩකටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහයන් විසින් දන්වා ඇත. දිනෙන් දින වෙනස්වන මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමු කර මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මෙම එජාප ඉහළ පෙළේ රැස්වීමට පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සභාපතිවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, උප නායක අකිල විරාජ් කාරියවයම් ඇතුළු පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.