
ශ්‍රී ලංකා සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයන්ගෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් ඇගැයීමේ 65 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 28 සිකුරාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මේ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් සාහිත්‍ය රත්න සම්මානය කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු වෙත පිරිනැමූ අවස්ථාවයි. වසර 1943 අප්‍රේල් 05 දා මරදානේදී උපන් මහාචාර්ය පල්ලියගුරු විසින් මේ වන විට රචිත ග්‍රන්ථ සංඛ්‍යාව 52කි. මේ අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති විදුර වික්‍රමනායක, එම අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි ගමගේ, රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති රඹුකන සිද්ධාර්ථ හිමි ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ. (ඡායාරූපය - රුක්මල් ගමගේ)