
රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැන බැලීමට ප්‍රධාන කාර්ය දර්ශක හෙවත් KPI (Key Performance Indicators) හදුන්වා දීමට ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව තීරණය කර ඇත. රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සදහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය සදහා මිනුම් දඩු සකස් කිරීමේ අවශ්‍යතාව ගැනද පසුගියදා රැස්වූ කමිටුවේදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව පරිපාලන සේවයද ඇතුළත්ව සියලු රාජ්‍ය සේවාවන් සම්බන්ධ කරගෙන මේ සම්බන්ධව ඉදිරි සතියේ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙනු ඇත.