දකුණු කොරියාවේ අන්තර්ජාතික බහුසංස්කෘතික උලෙළක් | සිළුමිණ

දකුණු කොරියාවේ අන්තර්ජාතික බහුසංස්කෘතික උලෙළක්

දකුණු කොරියාවේ චංවොන් ප්‍රදේශයේදී අන්තර්ජාතික බහුසංස්කෘතික උලෙළක් පසුගියදා පැවැත්වුණි. ඒ ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 15 ක සහභාගිත්වයෙනි.
 
අන්තර්ජාතික බහුසංස්කෘතික උලෙළ මෙවර සංවිධානය කෙරුනේ 17 වැනි වරටය. දකුනු කොරියාව, චීනය, ජපානය, පිලිපීනය, වියට්නාමය, පකිස්ථානය ශ්‍රී ලංකාව ඇතුලු රටවල දහස් ගනනක පිරිසක් ඊට එක්විය.
 
කියොන්සානම් දො පළාත් සභාව මෙවර සංවිධාන කළ උලෙළට ශ්‍රී ලාංකික ප්‍රඡාව සංවිධාන කරනු ලැබුවේ එම පළාත් සභාවේ ශ්‍රී ලාංකික ප්‍රඡාව සම්බන්ද උපදේශන නිලධාරි දමින්ද ප්‍රදීප් මහතා විසිනි. ශ්‍රී ලංකා වෙළෙද කුටි සදහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. 
ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් නොමිලේ ගුවන් ටිකට් පතක් ලබා දිමේ විශේෂ දිනුම් ඇදිමක්ද මෙහිදි සිදුකෙරුණි. එහි ඡයග්‍රාහිකා මේනකා මධුෂානී මහත්මිය වෙත ගුවන් ටිකට් පත පිරිනැමුවේ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති සවිත්‍රි පානබොක්කේ හා දකුණු කොරියාවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කලමනාකාර දිලීප විඡේසුරිය යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි. 
 
සහභාගි වු රටවල නියොඡනයෙන් විශේෂ සංස්කෘතික පෙළපාලියක්ද පැවැත්වුනි. විවිධ රටවල නියෝජනයෙන් පැවති කලාකරුවන්ගේ ප්‍රසංගයට ඉහළ පේක්ෂක ආකර්ෂනයක් හිමිවු අතර ශ්‍රිලංකාව නියොජනය කරමින් උලෙළ විචිත්‍රවත් කලේ ඡනප්‍රිය ගායන ශිල්පීන්වන භාතිය හා සන්තුස් සමග උමාරියායි.

Comments