සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - ව්‍යාපාර කටයුතුවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. ගෘහ ජීවිතය හොඳින් පවත්වා ගත හැකි සහ ව්‍යාපාර හා රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන ගත හැකි සතියකි. දුවා දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායි වන අතර විදෙස් අධ්‍යාපනය සඳහා ද ඉඩකඩ යෙදේ. කොඳු ඇට පෙළේ ආබාධ, මුත්‍රා දෝෂ, අජීර්ණ හට ගත හැකිය. උදෑසන බුදුන්ට පැන් වීදුරුවක් තබා පන්සිල් ගෙන මෝර පිරිත කියන්න.

අය 7, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය රතු, සුබ දවස ඉරිදා

වෘෂභ - ඉගෙනුම් කටයුතුවලට සුබයි

සඳු ගමන් ගන්නේ 5, 6, 7 සහ 8 වැන්න මතිනි. ගෘහ ජීවිතයේදී අමනාපකම්, සිත් රිදීම් ඇති විය හැකිය. රැකී රක්ෂා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අඩුවිය හැකි අතර, දියර වර්ග ආශ්‍රිත ව්‍යාපාරික අංශ දියුණු වෙයි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සුබ අතට හැරෙයි. කුඩා දරුවකුට උදවු උපකාර කිරීමෙන් අපල අඩු වේ.

අය 8, වැය 6, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා

මිථුන - ගෘහ ජීවිතය සතුටුදායකයි

සඳු ගමන් කරන්නේ 4, 5, 6 සහ 7 වැන්න මතිනි. ගෘහ ජීවිතයේ සතුට පවතින අතර ව්‍යාපාරික හා රැකියා අංශවලින් සාමාන්‍ය මට්ටමේ ආදායමක් හිමිවේ. මවුපියන්ගෙන් උපකාර ද ලැබේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ උදර රෝග, තුනටියේ වේදනා, ස්නායු දුබලතා ඇතිවිය හැකි බැවිනි. බදාදා දිනයේ බෝධි පූජාවක් පැවැත්වීමෙන් සතියේ අපල අවම කරගත හැකිවේ.

අය 5, වැය 3, සුබ අංකය 3, සුබ වර්ණය කොළ, සුබ දවස සිකුරාදා

කටක - සහෝදරයන්ගෙන් උපකාර

 සඳු ගමන් ආරම්භ කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න මතිනි. ගෘහ ජීවිතය තුළ සුළු සුළු ගැටලුකාරී තත්ත්වයන් මතු වුවත් ඒවා තාවකාලිකය. නිවෙසෙහි සහ ගෙවත්තේ අලංකාරය ගැන වෙහෙසෙයි. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සතුටුදායකය. රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු ආදියෙන් සාමාන්‍ය ආදායමක් උපයා ගැනීමට හැකිවේ. සෙම් රෝග, උදර රෝග, බඩවැල් ආශ්‍රිත රෝගවලට ඉඩකඩ ඇත. කඨින පිංකම්වලට සහභාගි වීමෙන් අපල මඟහරවා ගත හැකිය.

අය 8, වැය 6, සුබ අංකය 2, සුබ වර්ණය සුදු, සුබ දවස සඳුදා

සිංහ - රැකියා ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 2, 3, 4 සහ 5 වැන්න මතිනි. වෙනදාට වැඩි ආදායමක් උපයා සපයා ගැනීමට රැකියා හා ව්‍යාපාර අංශවලින් හැකිවේ. ගෘහ ජීවිතය සාමකාමීව ගත කරයි. මවු දෙමවුපියන්ගෙන් උපකාර හිමිවේ. නොසිතූ කරදර පැමිණීමේ ඉඩකඩ ද පවතී. දරුවන්ට අධ්‍යාපනික කටයුතුවලට බාධා ගෙන දෙන කරුණු යෙදිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න. හෘදය හා උදර රෝගවලට ඉඩ ඇත. පක්ෂීන්ට හා ලේනුන්ට ආහාර දමන්න. අපල අවම වේ.

අය 7, වැය 5, සුබ අංකය 4, සුබ වර්ණය රතු, සුබ දවස ඉරිදා

කන්‍යා - ඉවසීමෙන් සැනසීම

සඳු ගමන් කරන්නේ 2, 3 සහ 4 වැන්න මතිනි.

සංයමයකින් බුද්ධියකින් වැඩ කටයුතු කරයි. ගෘහ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවේ. ලැබෙන ආදායම වියදමට ප්‍රමාණවත් නොවේ. සිතෙහි කලකිරුණු ස්වභාවයක් ඇතිවේ. දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සුබ අතට හැරෙයි. උරහිස් වේදනා, දත්වල ආබාධ, උදර රෝගවලට ඉඩ ඇත. කඨින පිංකම්වලට හැකි පමණ දායක වීමෙන් අපල අඩුවේ.

අය 7, වැය 6, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස බදාදා

තුලා - ප්‍රසිද්ධිය හිමිවේ

සඳු ගමන් කරන්නේ 12, 1, 2 සහ 3 වැන්න මතිනි.

ආරම්භය එතරම් සතුටුදායක නොවුණත් පසුව සුබ දායකය.

ගෘහ ජීවිතය සතුටින් ගතවේ. ප්‍රසිද්ධිය, ගරුත්වය හිමිවේ. දරුවන්ගේ සහජ හැකියාවන් වර්ධනය වේ. ව්‍යාපාර අංශවල ගනුදෙනුවලදී ගැටලු මතුවීමට ඉඩ ඇතත් ආර්ථිකය යහපත්ය.

පාදවල වේදනා, සෙම් රෝග, දත් සහ ඇස් අමාරු පෙන්වයි. සිකුරාදා දින නිර්මාංශ වී උදේම පන්සිල් ගෙන ජය පිරිත කියන්න.

අය 5, වැය 3, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා

වෘශ්චික - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 11, 12, 01, 02 යන භාවයන් හරහාය. ආරම්භය සුබදායකය. බලාපොරොත්තු වූ මුදලක් මෙන්ම වෙනත් ලැබීම් ද සහිතයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවේ.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තරමක බාධා මතුවේ. උත්සාහයෙන් වැඩ කරන්න. ස්ත්‍රී පක්ෂයේ අයකු වෙනුවෙන් කාලය, ධනය වැය කරන්නට සිදු වේ. පාදවල වේදනා, සෙම් රෝග මතුවිය හැකිය. අඟහරුවාදා දින නිර්මාංශව ගත කිරීමෙන් අපල අවම වේ.

අය 7, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය රතු, සුබ දවස ඉරිදා

ධනු - රැකියා කටයුතුවලට වැඩි නැඹුරුවක්

සඳු ගමන් කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකියා අංශවල කටයුතු සඳහා ඇවිදිලි වැඩි වන අතර ඒවා දේව කාරිය සේ ඉටු කරයි. ලැබීම් අතින් සුබ වේ.

ගෘහ ජීවිතය සතුටින් ගෙවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා මතු වුවත් අනලස්ව අභිමතාර්ථ ඉටුකර ගනියි. කලවා, දණහිස්, පා ඇඟිලිවල අවහිරතා මතු විය හැකි බැවින් සතිය ආරම්භයේදී කහපාට, සුදුපාට මල් ටිකක් පැන් වීදුරුවක් තබා බුදුන් වැඳ නිවෙසින් පිටත් වන්න.

අය 8, වැය 7, සුබ අංකය 5, සුබ වර්ණය කහ, සුබ දවස ඉරිදා

මකර - මිශ්‍ර පල සහිතයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11 සහ 12 වැන්න මතිනි. පුණ්‍ය සිතුවිලි ඇති කරන සහ ඒ වෙනුවෙන් ගමන් බිමන් ඇති කරන බව පෙනෙයි. රැකියා අංශ වෙනුවෙන් ඉමහත් වෙහෙසක් කැප කිරීමක් දරයි.

ලැබීම් සහිත සතියක් වන අතර ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. අසනීප සහ සිත් තැවුල් පෙන්නුම් කරයි. සතිය ආරම්භයේදී බුදුන්ට සුදු සහ නිල් මල් පුදා සතිය ආරම්භ කරන්න.

අය 5, වැය 4, සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා

කුම්භ - පුණ්‍ය සිතුවිලි මතු කරයි

සඳු ගමන් කරන්නේ 8, 9, 10 සහ 11 වැන්න මතිනි. සතිය ආරම්භය සුබ නොවුවද ඉන් පසුව සිත් රිදීම් දුරු වෙයි. රැකියා ව්‍යාපාර අංශවලට දායක වෙයි. ලැබීම් අතින් යහපත් වේ.

හිතවතුන්ගේ උදවු උපකාර හිමි වේ. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය උසස් වේ. දැනුම, ශක්තිය වැඩිවේ. අජීර්ණ, පාදවල වේදනා, කලවා දණහිස්වල වේදනා ඇතිවිය හැකිය.

සතිය ආරම්භයේ මහලු මවකට උපකාරයක් කිරීමෙන් අපල අවම වේ.

අය 7, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා

මීන - විවාහ පාර්ශ්වයෙන් උපකාර

සඳු ගමන් ආරම්භ කරන්නේ 7, 8, 9 සහ 10 වැන්න මතිනි. විවාහ පාර්ශ්වයෙන් උදවු උපකාර හිමි වන, රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ලැබේ. පාඩු සහ අසනීප අපල උපද්‍රව පෙන්වන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

සතිය ආරම්භයේ බෝධීන් වහන්සේට කහ, සුදු මල් පුදා පැන් කළයකින් බෝධිය නහවා කටයුතු ආරම්භ කරන්න.

අය 7, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා

Comments