දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබුණේ 21 වැනි සිකුරාදා ඉදිරිපත් වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙනි.
22 ගැන වැඩි කතාබහක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ දැඩි උනන්දුවක් විරුද්ධ පක්ෂයට තිබූ අතර 22 හරහා ආණ්ඩුව තුළ යම් අභ්‍යන්තර ගැටුමක් ඇති වේ යැයි විරුද්ධ පක්ෂයේ පක්ෂ නායකයින් කිහිපදෙනකු අතර යම් කතාබහක් පසුගිය සතියේ දී ඇති වී තිබුණි.
විරුද්ධ පක්ෂයට 22 ගැන වැඩි උනන්දුවක් ඇති වෙලා තියෙන්නේ ඒ හරහා ආණ්ඩුව ඇතුලේ බේදයක් හදන්න. ඒක නිසා අපි හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕන යනුවෙන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු හමුවූ අවස්ථාවකදී එක් අමාත්‍යවරයකු ප්‍රකාශ කොට තිබුණි.
විරුද්ධ පක්ෂයේ පක්ෂ නායකයින් කිහිපදෙනකු අතර පැවති සාකච්ජාවකදී ඇතමකු ප්‍රකාශ කළේ 22 ආණ්ඩුව විසින් කල් දමා ඇති බවයි.
ජනපති රනිල් සියඹලාණ්ඩුවට
ගෙවුණු සති අන්තය ජනපති රනිල් ගත කළේ නැඟෙනහිර පළාතේ ය. ත්රිකුණාමලෙයන් ගමන ආරම්භ කළ ජනපතිගේ සංවාරය අවසන් වූවේ පළාත් මායිමේ පිහිටි සියඹලාණ්ඩුවෙනි. ත්‍රිකුණාමලය නගර සැලසුම නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණියේ පරිසර හා කෘෂි ප්‍රශ්නවලට විසඳුම් සෙවීමටය.
සාකච්ඡාව අවසානයේ අසල වෙරළට ගිය ජනපති රනිල්ට ජනමාධ්‍යවේදීන් පිරිසක් මුණ ගැසුණේ එහිදීය. මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු සානුකම්පිතව අසා සිටි ජනපතිවරයා පවතින ආර්ථික තත්ත්වය හමුවේ තමන්ට කළ හැකි එකම දේ ඔවුන්ගේ වෘත්තීය තත්ත්වය ඉහළ නැංවීමට උපකාර කිරීම පමණකැයි කීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය ඉහළ දැමීමට අවශ්‍ය පුහුණුවීම් සංවිධානය කරමින් සිටින බව ද ජනපති රනිල් එහිදී මාධ්‍යවේදීන් දැනුම්වත් කළේය. ත්‍රිකුණාමලය නාවුක කඳවුරෙන් දිවා ආහාරය ගත් ජනාධිපතිවරයා එහි පැමිණ සිටි අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, ටිරාන් අලස්, දිලුම් අමුණුගම සාකච්ඡාවකට එක්වූවේ ඉන් පසුවය.
දෙවැනි දිනයේ ජනාධිපති රනිල් පැමිණියේ අම්පාර හාඩි උසස් විද්‍යාලය වෙතය. නිල හමුව එහි පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට රිස්සුවේ නැත. ජනපති ඇතුළු දේශපාලන ප්‍රමුඛයන් ඉහළ පීඨිකාවක සිටීමත් රාජ්‍ය නිලධාරීන් පහළ කොටසක සිටීමත් නොගැළපෙන බව සාගලට පෙනුණි.
ඔහු ඒ ආසන්නයේ සිටි ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක කැඳවූවේය. “ධනුෂ්ක මේ රැස්වීම පැවැත්වෙන ක්‍රමය වෙනස් කරන්න. ජනාධිපතිතුමාව පහළ නිලධාරීන් ළඟට රැගෙන යන්න. මෙහෙම දිගටම රැස්වීම ගියොත් ජනාධිපතිතුමා මිනිස්සුන්ගෙන් දුරස් වෙනවා.” සාගල කීවේය.
රැස්වීමේ ස්වභාවය වෙනස් කරමින් ජනපති රනිල් රාජ්‍ය සේවකයන් අසලටම ගොස් ප්‍රශ්න විමසන්නට වූවේ එහි ප්‍රතිඵලයක් ලෙසනි.
“සර් අපිට වැඩ කරන්න යටිතල පහසුකම් නෑ. යතුරු පැදියක් හරි දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.” ක්ෂේත්‍ර රැකියාවේ නියුතු බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම එය විය.
“මෙහෙමයි පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ඔයාලගේ වැටුප ගෙවන්නෙත් අපි බොහෝම අපහසුවෙන්. ඉස්සෙල්ලා වගා කරමු. ඩොලර් රටට ගේන වැඩ පටන් ගනිමු. ඉන් පසුව මේ ප්‍රශ්න විසඳමු.” ජනපති පිළිතුරු දුන්නේ එලෙසිනි.
ජනපති, සුමේධාට කීවේ මොනවාද?
සියඹලාණ්ඩුවේ ගොවි බිමකට පැමිණ ගොවීන් මුණ ගැසීමට ජනපති රනිල් සැලසුම් කර තිබුණේ ඔවුන්ගේ ගැටලු ගැන සොයා බැලීමටය. සියඹලාණ්ඩුවට ගිය ජනපතිට හිටපු ඇමතිනි සුමේධා ජී ජයසේන දැකගන්නට ලැබුණිනි. “කවුද මේ නිළියක් වගේ ඉන්නේ කියලා මම බැලුවේ.” යැයි ජනපති කියද්දී සැමට සිනාව වළකාගත නොහැකි විය.
අම්පාරේ සිට සියඹලාණ්ඩුවට ගිය ජනපති ඇතුළු පිරිස යළිත් කොළඹ බලා ගමන් කිරීමට සැලසුම් කර තිබුණේ ගුවන් මගිනි. ගුවන් යානය නවතා ඇති ස්ථානය වෙත වාහනයෙන් ගමන් කරද්දී සාගල දුටුවේ දහම් පාසල් ළමුන් පිරිසක් ඔවුන් යන දෙස බලා සිටින බවකි.
රනිල් හදිසියේ ළදරු පාසලකට යයි
කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ජනපතිගෙන් විමසුවේ “සර් අපි අර ළමයින් ඉන්න තැන නතර කරලා යමුද?” කියාය. ජනපති ද ඊට එකඟ වූ බැවින් ජනපති රැගත් වාහන පෙළ වහාම එම ස්ථානය වෙත පැමිණියේ ගමන වෙනස් කරමිනි. “කළුඔබ්බ” නම් ගමේ ළදරු පාසලක මෙම දහම් පාසල පවත්වාගෙන යමින් තිබුණි.
ජනපති ඇතුළු පිරිස එම ස්ථානයට යද්දී වික්ෂිප්ත වූ දරුවන් හා ගුරුවරුන් “සර් අපි ළඟ බුලත් අතක්වත් නෑනේ සර්ලව පිළිගන්න.” කියද්දී ජනපති කීවේ “අපි ආවේ හදිස්සියේ නේ. ඒ නිසා කලබල වෙන්න එපා.” කියාය.
පසුව එහි සිටි දරුවන් ජය මංගල ගාථා කියා පිළිගනිද්දී එහි ඡායාරූප ශිල්පියාගේ භූමිකාවට ජනපති ලේකම් සමන් ඒකනායක පණ පෙවූ අතර වීඩියෝ කැමරා ශිල්පියාගේ භූමිකාව කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් ඉටු කරනු ලැබීය.
මහින්දානන්දට රනිල් දුන් පිළිතුර
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුඳා පැවැත්විණ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්න්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද සහභාගි වූහ. මුලින්ම අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ය. ඔහු පොහොට්ටුවේ මහ ලේකම්වරයායි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ද අදහස් දැක්වීය. ඔවුන් දෙදෙනාම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අදහස් දැක්වීය.
“20 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් එකඟ වෙලා දැන් 22ට එකඟ වෙන්නේ කොහොමද?. ඒක කරන්න අමාරුයි” පොහොට්ටු ලේකම්වරයා කීය.
සරත් වීරසේකර මන්ත්‍රීවරයා සුපුරුදු පරිදි ජනාධිපති බලතල ඉවත් කිරීමට විරුද්ධව අදහස් දැක්වීය.
“ අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවන බවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වෙනවා. ඒත් පාර්ලිමේන්තුව විසුරුවනවද නැද්ද කියල ඔබතුමා සහතිකයක් දුන්නොත් අපේ අය සෑහීමකට පත්වේවි ”
බොහෝ දෙනෙකු අසන්නට සිටි පැනය ජනාධිපතිවරයාගෙන් ඇසුවේ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේය.
“ ඔබතුමා බුලත් අතක් අරගෙන ඇවිල්ල වැඳල ඉල්ලුවත් මම අවුරුදු දෙකහමාරින් පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නෑ”
ජනාධිපතිවරයා කී කතාවට සියලුම දෙනාට හිනාය.
“ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන ඔබතුමාගේ ස්ථාවරය අපිට පැහැදිලි කරන්න”
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
“ මේක මම ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි. ඒත් මගෙන් අහපු නිසා මම උත්තර දෙන්නම්. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනාව මම ගෙනාපු එකක් නෙවෙයි. මේ යෝජනාව ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි. ”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළේය.
මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී
“ මේක නිකං මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්. මොනව වුනත් අපිට මේ ව්‍යවස්ථා සංශෝධනයට මුහුණ දෙන්න වෙනවා. මේක මඟ හරින්න බෑ ”
ජනාධිපතිවරයා පැවසුවේ ස්ථීර හඬිනි.
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීම
ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි විය.
එහිදී ද සාකච්ඡාවට ලක්වූයේ යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනය.
මෙහිදී මුලින්ම අදහස් දැක්වූයේ එස්. බී. දිසානායකය.
“මං එදා ඉඳලම කියන්නේ බලතල තියෙන ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි. ජනාධිපති බලතල ශක්තිමත් විය යුතුයි.
එදා 1988 – 89 භීෂණ කාලයේදී රට බේරා ගැනීමට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට හැකි වුණේ විධායක ජනාධිපතිධුරය නිසයි. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය ලබාදීමට හැකිවුණේ විධායක ජනාධිපති බලතල නිසයි.
මේ ආර්ථික අර්බුදයක් තියෙන වේලාවේදී මෙම අභියෝගවලට මුහුණු දීම සඳහා ප්‍රබල නායකත්වයක් අවශ්‍යයයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 105 දෙනෙකුගේ නිවාස, දේපළ ගිනි තියපු අවස්ථාවක මේ රටේ නීතිය අරාජික වීමට ගියා. එදා පාර්ලිමේන්තුව ගිනි තියෙන එක බේරා ගැනීමට හැකි වුණේ විධායක ජනාධිපති බලතල නිසයි.
සිංගප්පූරුව ලී ක්වාන් යූ ගොඩනැඟුවේ විධායක ජනාධිපති බලතල යෝජනා කරලයි. ඒක නිසා විධායක බලතල අඩු කරන්න මේක අවස්ථාව නොවෙයි යනුවෙන් එස්.බී. දිසානායක කියා සිටියේය.
“මේ ව්‍යවස්ථා සංශෝධනයට මම ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධයි. ආණ්ඩුවක් ව්‍යවස්ථාවක් හදන්න ඕන රාජ්‍යයක් මුල් කරගෙන මිස පුද්ගලයන් ඉලක්ක කරගෙන නෙවෙයි. මේ ව්‍යවස්ථා සංශෝධනයට ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනා ඇතුළත් වෙන්නේ පුද්ගලයන් ඉලක්ක කරගෙනයි. ඒ නිසා මම මේකට විරුද්ධයි.”
සංජීව එදිරිමාන්න පැවසීය.
“මේ මන්ත්‍රීවරු කියපු කාරණවලට අමතරව තවත් ලොකු අවදානමක් තියෙනවා. මොකද මේකට විපක්ෂයත් උදවු කරනවා. ව්‍යවස්ථාව සම්මත වුණොත් විධායක බලය පාර්ලිමේන්තුවට ලැබෙනවා. එහෙම වුණොත් අයවැයට අපේ කවුරුවත් සහය දෙන එකක් නැහැ” මේක මේ වෙලාවේ උපක්‍රමයක් හැටියට විරුද්ධ පක්ෂය විසින් භාවිත කරනවා"
පොහොට්ටු මහලේකම්වරයා අනතුරුදායක පැත්තක් පෙන්වා දුන්නේය..
“අපිට අද තවත් මීටිමක් තියෙනවා. අධිකරණ ඇමතිතුමා සහභාගි වෙනවා.”
අගමැතිවරයා කීය.
අනතුරුව දීර්ඝ වේලාවක් නිහඬව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කතා කළේය.
“අපි මේ ගැන ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගමු. ඒකට අගමැතිතුමා ප්‍රධානත්වය ගන්න”
“සර්.. ජනාධිපතිතුමා උඩ ඉන්නවා”
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ පැවසීය.
“ එහෙනම් එතුමට එන්න කියමු”
හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
ඒ දැනුම් දීමට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැස්වීම් ශාලාවට පැමිණියේය.
යළිත් කතා කළේ එස්. බී. දිසානායක හිටපු ඇමතිවරයායි.
“ විධායක ජනාධිපති බලතල ඉවත් කරනවට මම විරුද්ධයි. ආර්ථික වශයෙන් වැටිල ඉන්න වෙලාවක රට ගොඩගන්න විධායක බලය අවශ්‍යයි. දියුණු වෙන රටකට ඕන ආඥාදායකයෙක් වගේ පාලකයෙක්” එස්.බී කීවේය.
හිට්ලර් කෙනෙකු නොවන බව රනිල් කියයි
“මම හිට්ලර් කෙනෙක් නෙවෙයි. මම ආවේ ඔළුව පාවිච්චි කරල ගේමක් ගහන්නයි. මම ඔය වචනයට කැමති නෑ”
ජනාධිපතිවරයා එස්.බී'ට පිළිතුරු දුන්නේය.
“ විධායක බලය පාර්ලිමේන්තුවට ආවම පොලිසිය හා හමුදාව කොයි විදියට වැඩ කරයිද කියල විශ්වාස නෑ”
ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය තවත් ප්‍රශ්නයක් මතු කළේය.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පොලිසිය හමුදාව ක්‍රියාකළේ නැති වුණාට දැන් වැඩ කරනවා. ඒ ගැන ප්‍රශ්නයක් නෑ”
ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
ඇතැම් කොමිෂන්වල ක්‍රියාකාරීත්වයට චෝදනා
“අනිත් කාරණය මේ කොමිෂන් සභා එක්ක දිගට යන්න බැහැ. මේ කොමසාරිස්වරු වැඩ කරන්නේ අපිට නෙමෙයි. මානව හිමිකම් කොමිසමේ සභාපති වැඩ කරන්නේ අපිට විරුද්ධව. මැතිවරණ කොමිසමේ සභාපතිත් එහෙමයි. මොන පදනමකින් මේ අය පත් කළාද කියන්න මම දන්නේ නැහැ. අපි බෙදිල වැඩක් නෑ. අපි බෙදන්න ඕන විපක්ෂයයි. ලබන අප්‍රේල් වෙනකොට රටේ ප්‍රශ්න යම් මට්ටමකට විසඳගන්න පුළුවන්. ඔබතුමන්ල මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන වැරදි අවබෝධයක් තියාගන්න එපා ”
ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය.
“ සර්. කවුරුවත් මෙතන ඇත්ත කියන්නේ නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් බැසිල් රාජපක්ෂ මහත්තයට නැවත දේශපාලනයට එන්න පුළුවන්ද කියන ප්රශ්නයයි මෙතන තියෙන්නෙ”
තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඇසුවේ බොහෝ දෙනකුගේ සිතේ තිබුණු ගැටලුවකි.
එයට පිළිතුරු දුන්නේ ඇමති නිමල් සිරිපාලද සිල්වාය.
“පුද්ගලයකු ඉලක්ක කරල ව්‍යවස්ථා හදන්න බැහැ. ද්විත්ව පුරවැසිභාවය තියා ගන්නවට ශ්‍රී.ල.නි.ප අපි විරුද්ධයි. ඒක අයින් නොකළොත් අපි සහය දෙන්නේ නෑ. කාට හරි ප්‍රශ්නයක් තියේ නම් දෙවැනිවර කියවීමේදී සංශෝධනයක් ගේන්න. එතකොට ඡන්දයකට යන්න පුළුවන්”
“ඔව්. දෙවනිවර කියවීමේදී අපිට විරුද්ධ වෙන්න, පක්ෂ වෙන්න පුළුවන්. මේකට අපේ සංශෝධන විතරක් නෙවෙයි, විපක්ෂයේ සංශෝධනත් ගේන්න ඕන.”
ජනාධිපතිවරයාත් ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ අදහසට පක්ෂව අදහස් දැක්වීය.
ප්‍රංශයේ සිට ප්‍රසන්නගෙන් සහන
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ලොකු කතාබහක් ආණ්ඩු පක්ෂය තුළ ඇති වෙමින් තිබෙන අතරවාරයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග සිටින්නේ ප්‍රංශයේ පුද්ගලික සංචාරයක නිරත වෙමිනි. එය කලින් යොදා ගත් සංචාරයකි. ඔහු රටින් නික්මෙන විට ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යම් යම් කතා බහ නිර්මාණය වෙමින් තිබුණි. එබැවින් ඔහු ජනාධිපතිවරයා හමුවී තම ගැටලුව ඉදිරිපත් කළේය.
“ කමක් නෑ ප්‍රසන්න ඔයා යන්න”
ජනාධිපතිවරයා ඇමති ප්‍රසන්නට අවසර දුන්නේය.
ඒ අනුව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සැලසුම් කළ පරිදිම විදෙස්ගත විය.
එදිරිල්ලේ රාලගෙන් පැවත එන වීරයාට අගමැතිගෙන් උපහාර
සෘජුව නිදහස් සටනට දායක වෙමින්ද, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් 1922 දී ක්‍රියාත්මක කළ ඇඟ බද්දට අභියෝග කරමින් සිරබත් කා, එම නීතිය අහෝසි කිරීමට අභීතව සටන් කළ, සී.ඊ. වික්ටර් එස් කොරයා ජාතික වීරයාගේ හලාවත පිහිටුවා තිබෙන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය 16 වැනිදා එක්විය.
ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ පළමු ප්‍රගති සමාලෝචන වැඩසටහනට සහභාගි වීම සඳහා, පුත්තලම - මාදම්පේ ප්‍රදේශයට යන අතරතුර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විශේෂයෙන් මෙම උපහාර දැක්වීම සිදු කළේය.
මහින්දට සිනමාහලක දී ඉහළ ප්‍රතිචාරයක්
රටේ පවතින ආර්ථීක අභියෝගය ජයගැනීම සඳහා නිතරම අවධානය යොමු කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ට හැමවිටම උපදෙස් ලබාදීමට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මේ දිනවල කටයුතු කරමින් සිටී.
“එක්ව නැගිටිමු” රැස්වීම් මාලාව සමඟ යළිත් කාර්යය බහුල වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වීමට ද අමතක නොකරයි.
කොතරම් කාර්යය බහුල වූවද ලැබෙන අවස්ථාවකදී කලා නිර්මාණවලට හිත යොමු කිරීමටද මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා අමතක නොකරයි.
මේ දිනවල සිනමාලෝලීන් අතර ජනප්‍රිය සිනමාපටයක් වන PS 1 දෙමළ චිත්‍රපටය කොළඹ නගරයේ සිනමා ශාලා කිහිපයකම ප්‍රදර්ශනය වේ.
වැල්ලවත්තේ සැවොයි සිනමාහලට ගිය මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මෙම සිනමාපටය නැරඹූ අතර ශිරන්ති රාජපක්ෂ ද මෙම අවස්ථාවට පැමිණ සිටියාය.
සිනමාපටය නැරඹීමට පැමිණි පිරිස් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා හමුවී කතාබස් කිරීමට දැඩි උනන්දුවක් දැක්වූ අතර, ඒ සියලු දෙනා සමඟ සුහදව කතාබහ කිරීමට ද මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා අමතක නොකළේය.
පසමිතුරන් දෙදෙනෙකුගේ හමුවක්
පසුගිය 20 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වූ අතර එදින පාර්ලිමේන්තුවේ විශේෂ සිදුවීමක් ද දැකගත හැකි විය.
එදින දහවල් පාර්ලිමේන්තුවේ පළමු මහලේ ආලින්දයේ සිදුවූ හමුවක් ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු විය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට මුණගැසුණේ තම ඉදිරියට පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ද පැමිණියේය.
මීට පෙර උණුසුම් වාද විවාදවලට යොමුවී යම් යම් අවස්ථාවලදී උණුසුම්කාරී අදහස්වලින් එකිනෙකාට චෝදනා කරගත් විජයදාස රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා අතර විනාඩි 15ක පමණ කතාබහක් ඇතිවුණේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි.
සජිත්ගේ කොන්දේසි 3
සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් මෙවර පැවැත්වුණේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය. එහිදී විශේෂ කරුණු දෙකක් පිළිබඳව මූලික අවධානය යොමු විය. එකක් ආණ්ඩුව ගෙන එන්නට නියමිත විසි දෙවන සංශෝධනයයි.
"අවස්ථාවාදී විදිහට,එක එක්කෙනාගේ දේශපාලන උවමනාවන්වලට අනුව ව්‍යවස්ථා සංශෝධන කරන්න ඉඩ දෙන්න බැහැ.
විපක්ෂ නායක සජිත් අදහස් දැක්වීම ආරම්භ කළේ එහෙමය.
"ඔබතුමා හරියටම හරි.17 ට,18ට,19 ට,විස්සට මේ සේරටම අත උස්සපු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා."
හර්ෂ කීවේය.
"පාර්ලිමේන්තු විසුරුවන කාලය වසර දෙක හමාරයි.
ව්‍යවස්ථාදායක සභාව ගැන සංශෝධනය පිළිගත යුතුයි.
ද්විත්ව පුරවැසි තහනම ක්‍රියාත්මක කළ යුතුයි. මේ කොන්දේසි මත තමයි අපි 22 ගැන තීන්දුවක් ගන්න ඕන" කිරිඇල්ල කීවේය.
" ගයන්ත මොකද කියන්නේ?" සජිත් ගයන්ත දෙසට හැරුණේය.
"සංවිධායකතුමා කීව තුනට මූලික එකඟත්වය දෙනව නම් අපි එකඟ වෙමු.එහෙම නැත්නම් අපි විරුද්ධ වෙමු"
ගයන්ත කීවේය.
කොරියානු පූජකවරයා රාජපක්ෂ කෙනකුට කියපු රහස
පසුගිය 20 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට දකුණු කොරියානු නියෝජිත පිරිසක් පැමිණ සිටියහ.
දකුණු කොරියාවේ තේගු නගරයේ පල්ලියේ පූජකවරයකු ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පිහිටි නියෝජ්‍ය කථානායක කාර්යාලට පැමිණි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මුණ ගැසුණේය.
“ඔබතුමාට රහසක් කියන්න ඕන” දකුණු කොරියානු පූජකවරයා නියෝජ්‍ය කථානායකවරයාට කීවේය.
“ඒ මොකක්ද? නියෝජ්‍ය කථානායකවරයා ඇහුවේ තරමක කුතුහලයෙනි.
“ඔබතුමාලාගේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ කියලා සමහරු පිටරටවල ප්‍රචාරය කළාට ඒ කතාව බොරුවක් බව අපිට තේරුණා. සතියක් විතර අපි ශ්‍රී ලංකාවේ හිටියා. එහෙම කන්න බොන්න නැති සාගතයක් මේ රටේ නැහැ” යනුවෙන් දකුණු කොරියානු පූජකවරයා ප්‍රකාශ කළේය.
ගාල්ලේදී පිරිසක් වජිර වටකර ගනිති
‘කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ‘Global Fair-2022’’ විදේශ රැකියා ප්‍රවර්ධන වෙළඳපොළ පසුගිය සෙනසුරාදා උදෑසන ගාල්ල සමනල ක්‍රීඩාංගණෙය්දී ආරම්භ විය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ මූලිකත්වයෙන් පැවැති මෙම විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහනේ පළමු දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි.
විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දැනුම මෙන්ම සේවාවන් ලබා ගැනීමේ අරමුණින් මෙම විදේශ රැකියා වෙළඳපොළ සංවිධානය කර තිබුණි.