19 තෙක් තද වැසි | Page 3 | සිළුමිණ

19 තෙක් තද වැසි


දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන තව දුරටත් දැඩි වැසි තත්ත්වයක් 19 වෙනිදා තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා   අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට පැවසුවේය. පසු ගිය සිකුරාදා වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර, පියදිගම, දංගෙදර, ඇල්පිටිය, ඉමදූව, හබරාදූව, තවලම, ඇල්පිටිය, බෝපේ පෝද්දල යන ප්‍රදේශවල පුද්ගලයින් පන්සියයකට ආසන්න පිරිසක් මේ වනවිට පීඩාවට පත් ව ඇති අතර ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී, නිවාස රැසකට ද හානි සිදු ව ඇතැයි ද සබරගමුව හා මධ්‍යම පළාතේ නිවාස කිහිපයකට ද හානි සිදු ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සිළුමිණට පැවසුවේය.

 

Comments