ඒ. ජේ. දීපාලෝක
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී
පාඨශාලාචාර්ය
ඉසිවර සහන
ජ්‍යෝතිෂය සේවය
ව අංක 7 හිමි ඔබ නෙප්චූන් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ඔබ ජීවිතේ ඕනෑම අභියෝගයක් බය නැතිව බාර ගන්නා අයෙකි. නිර්භීත භාවය මෙන්ම එඩිතර ගතිය ඔබගේ චරිතය පුරාම දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වෙයි.
කුමන බාධක පැමිණියද තම අරමුණු සහ ඉලක්ක කෙසේ හෝ ජය ගැනීමට අවසානයේදී ඔබ සමත් වෙයි. කිසිදු කලබලයකින් තොරව තමාගේ අරමුණු වෙත කෙමෙන් ගමන් කිරීම ඔබේ ස්වභාවයයි.
සමාජ සේවයට දැඩි කැපවීමක් ඇති ඔබ අන් අයගේ යහපත වෙනුවෙන් හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙයි. එහෙත් ඔබට උදව්වක් අවශ්‍ය වූ විට අනිත් අයගෙන් ඔබට එතරම්ම සහයෝගයක් ලැබෙනවාද යන්න ගැටලුවකි. ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය අතින් ඔබ ඉතාමත් ඉහළ තැනක සිටී. නැහැ බැහැ කියමින් පස්සට යනවට වඩා ඔබ කෙසේ හෝ එය සාර්ථක කර ගැනීමට උත්සාහ දරයි. සියලු අභියෝගවලට ඉතා සැහැල්ලුවෙන් මුහුණ දීමේ හැකියාවක් ඇති ඔබ තරමක් නිදහස් මතධාරී පුද්ගලයෙකි. තම කටයුතුවලට අන් අය ඇඟිලි ගසනවාට කිසිසේත්ම කැමැති නැත. යම් වැඩ කටයුත්තකදී තමන්ට රිසි සේ නිදහසේ එම කටයුත්ත කිරීම ඔබේ කැමැත්තයි.
ජීවිතය තුළ සාර්ථක වීම් මෙන්ම අසාර්ථක වීම් ද ඔබට මුහුණ දීමට සිදු වන අතර, සාර්ථකත්වය තුළ බොහෝ මතක සටහන් ඔබට ඉතිරි වේ. එසේම බලාපොරොත්තු නොවන ආකාරයේ වාසි ද උදා වනු ඇත. අවුල් සහගත මනසක් ඔබ කිසිසේත් ම ප්‍රිය නොකරයි. ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙක් ලෙස පැහැදිලි මනසකින් කටයුතු කිරීම ඔබගේ ස්වභාවයයි. ඕනෑම ගැටලුකාරී තත්ත්වයකදී විශ්ලේෂණාත්මකව එය විසඳීමේ හැකියාවක් සහ සංයමයක් ඔබට ඇත. නායකත්ව ලක්ෂණ ද ඔබ තුළ පවතින අතර, ඕනෑම දෙයක සමස්තය දැකීමේ හැකියාවක් ඇත. ඒ නිසාම බොහෝ විට නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ද පවතී. ඔබ තුළ අලුත් අදහස් පවතින අතර, නව නිර්මාණාත්මක දේවල් බිහි කිරීමේ හැකියාව ද පවතී. වයස අවුරුදු 30 පසුවන විට බොහෝ විට ජීවිතයේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගනී.
දෛව අංක 8 හිමි ඔබ ගැන විස්තර ලබන කලාපයෙන්...