
මේෂ - ආදායම් සුබ වේ
සඳු ගමන් කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. රැකීරක්ෂා හා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. ගෘහ ජීවිතයේදී විවාහකයන් අතර ගැටලුකාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇති අතර, වචනය පාලනය කර ගැනීමෙන් ඒවා අවම කරගත හැකිය. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සතුටුදායක වේ. ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණුවේ. පවුලේ හෝ හිතවත් කෙනකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවේ. වෙල් මාළුන්ට පොරි වැනි ආහාර දීමෙන් අපල අවම වේ. අය 5, වැය 3, සුබ අංකය 2, සුබ වර්ණය රතු, සුබ දවස අඟහරුවාදා
වෘෂභ - මිශ්‍ර පල සහිතයි
සඳු ගමන් ගන්නේ කේන්ද්‍රයේ 5,6,7,8 යන භාවයන් මතිනි. මිශ්‍ර පල සහිත සතියකි. ව්‍යාපාර කටයුතුවලින් ආදායම් බලාපොරොත්තු විය හැකි අතර, රැකියා අංශවලින් ද ලාභ ප්‍රයෝජන අත්වේ. ගෘහ ජීවිතය තුළ ගැටලුකාරී බවක් මෙන්ම විවාහ දිවියේ හැලහැප්පීම් සිදුවිය හැකිය. දරුවන්ට අධ්‍යාපන ජයග්‍රහණ අත්කර ගැනීමට සුදුසු කාලයකි. තුනටියේ වේදනා, මුත්‍රා දෝෂ, අජීර්ණ හටගත හැකිය. තමාගේ බත්පතෙන් තිරිසන් සතෙකුට ආහාර ස්වල්පයක් දමන්න.
අය 7, වැය 5, සුබ අංකය 06, සුබ වර්ණය රෝස, සුබ දවස සිකුරාදා
මිථුන - ආදායම ඉහළට
සඳු ගමන් ආරම්භ කරන්නේ 4,5,6 සහ 7 වැන්න මතිනි. නිවසේ සිට කරන කියන රැකියා අංශවලින් ආදායම් සුබ වෙයි. ලිපිලේඛන කටයුතු ඉතා හොඳින් කරගෙන යෑමට හැකිවෙයි. ගෘහ ජීවිතයේ ගැටලු මතු වුවත් ඒවා සුළු මොහොතකට පමණි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලින් ජයග්‍රහණ අත්වේ. ඇසුරු කරන අයගේ ලෙඩදුක් වෙනුවෙන් සහ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවේ. කොඳුඇට පෙළේ වේදනා, මුත්‍රා ආසාදන ඇති වීමට හැකි බැවින් ජලය වැඩියෙන් පානය කරන්න. කුඩා දරුවකුට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමෙන් අපල අඩුවේ.
අය 11, වැය 8, සුබ අංකය 3, සුබ වර්ණය කොළ, සුබ දවස සඳුදා
කටක - දරුවන්ගේ ජයග්‍රහණ
සඳු ගමන් කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න මතිනි. සොයුරු සොයුරියන්ගෙන් උදවු උපකාර හිමිවෙන අතර ගෘහ ජීවිතය සතුටින් ගතවෙයි. රැකි රක්ෂා, ව්‍යාපාර අංශවලින් ලාභ ලැබේ.
දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට වියදම් කරන මුදල් ගැන පසුතැවිලි වීමට ඉඩ නොතබා ඔවුන් ජයග්‍රහණ ලබයි. උදර රෝග, මුත්‍රා ආසාදන, කොඳුඇට පෙළේ වේදනා මතු කරයි. ලේනුන්ට, පක්ෂීන්ට ආහාර ලබාදීමෙන් අපල අවම වේ.
අය 6, වැය 4, සුබ අංකය 7, සුබ වර්ණය සුදු, සුබ දවස සඳුදා
සිංහ - සහජ දක්ෂතාවලින් ජයග්‍රහණ
සදු ගමන් ගන්නේ 2, 3, 4 සහ 5 වැන්න මතිනි. සිය දක්ෂතාව මත හරි හම්බ කරගෙන මිල මුදල් උපයා ගන්නා අයට එම කටයුතුවලින් සුබ පල හිමිවේ. අමතක වීම්, අතපසු වීම් නිසා පසුතැවිලි වීමට සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්න. ගෘහ ජීවිතය සාමයෙන් ගතවේ. දරුවන්ගේ දක්ෂතා දැක සතුටට පත්වෙයි. හෘද රෝග සහ උදර ආශ්‍රිත වේදනා ඇති කරයි. වයසක මවකට හෝ පියෙකුට උපකාර කරන්න.
අය 8, වැය 5, සුබ අංකය 01, සුබ දවස අඟහරුවාදා
කන්‍යා - දරාගැනීමේ ශක්තිය වැඩිවෙයි
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 සහ 4 වැන්න මතිනි. යහපත් වු සිතුවිලි ඇතිව කටයුතු කරයි. දරාගැනීමේ ශක්තිය පවතී. මිල මුදල් වියදම් වීමට කරුණු යෙදෙයි. ස්ත්‍රී පක්ෂයේ අයකුගේ වචනයක් නිසා සිත් රිදීමක් ඇතිවේ. ගෘහ අලංකරණය සඳහා වෙහෙසෙයි. ගෘහ ජීවිතය සාමාන්‍ය අන්දමින් ගෙවෙන අතර දරුවන්ගේ දැනුම දියුණු වේ. නිර්මාණකරණයට දක්ෂ වේ. දත්, ඇස් ආදියේ සහ උදරයේ ඉහළ කොටස තුළ සහ හෘද රෝග මතුවිය හැකිය. සුළු අනතුරු ද සිදුවිය හැකි බැවින් බුදුන් වැඳ දෙවියන්ට පින් දී අන්තරාය නිවාරණ පිරිත කියන්න.
අය 7, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය කොළ, සුබ දවස සිකුරාදා
තුලා - මවුපියන්ගේ උපකාර
සඳු ගමන් ගන්නේ 12, 1, 2 සහ තුන් වැන්න හරහාය. ආරම්භය සුබ නොවේ. මුල් දින දෙකෙන් පසුව සුබපල පෙන්වයි. ස්ත්‍රී පක්ෂයෙන් සහ මවුපියන්ගෙන් උදව් උපකාර හිමිවේ. ගෘහ ජීවිතය තුළ අවිවේකය බලපවත්වයි. විවාහකයන් අතර සුළු මත ගැටුම් ඇති වුවද එක් අයකුගේ ඉවසීම තුළින් ගැටලු අවම වේ. ව්‍යාපාර කටයුතුවලදී හවුල්කාර අයගේ ක්‍රියාකාරකම් නිසා පාඩු සිදුවිය හැකිය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පෙරට වැඩි උනන්දුවකින් කරගෙන යයි.
අය 5, වැය 3, සුබ අංකය 06, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස සිකුරාදා
වෘශ්චික - මිල මුදල් ලාභ
සතිය ආරම්භය සුබදායක වන අතර, මිල මුදල් ලැබීම්වලට ඉඩ ඇත. ස්ත්‍රී පාර්ශ්වයේ අයගෙන් උදව් උපකාර හිමිවෙයි. යහපත් සිතුවිලි සහිතව අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. ගෘහ ජීවිතයේ කටයුතු සාමාන්‍ය අන්දමින් සිදුවෙන අතර, විවාහකයන්ට සුළු සිත්තැවුල්වලට මුහුණ දීමට සිදුවේ. අනවශ්‍ය බැඳීම්වලින් ඈත් වීම ගැටලු අවම කරයි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට සුබය. උදේ හෝ සවස භාවනාවක යෙදීමෙන් අපල අඩුවේ.
අය 7, වැය 5, සුබ අංකය 7, සුබ වර්ණය රතු, සුබ දවස අගහරුවාදා
ධනු - අතමිට සරුවේ
රැකියාවේ කටයුතු ඉතා උනන්දුවෙන් කරගෙන යයි. අතමිට මිල මුදල් ගැවසේ යුග දිවිය සහ ගෘහ ජීවිතය සුළු සුළු බාධා මැද පවත්වාගෙන යයි. දරුවන්ගේ අධ්‍යාපනයට බාධා ඇතිවිය හැකි අතර අමතක වීම් අතපසු වීම් යෙදේ. පවුලේ හෝ නෑදෑ හිතවත් වයසක කෙනෙක් වෙනුවෙන් මිල මුදල් හෝ කාලය වැය කරන්නට සිදු වේ. දණහිස් කලවා ආදියේ සහ ඇඟිලිවල වේදනා මතුකරයි. වස් කාලයේ ධර්ම දේශනා ශ්‍රවණ කිරීම් තුළින් අපල අවම වේ.
අය 7, වැය 5, සුබ අංකය 03, සුබ වර්ණය කහ, සුබ දවස ඉරිදා
මකර - පුණ්‍ය කටයුතුවලට වැඩි ඉඩක්
සඳු ගමන් කරන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි. පුණ්‍ය කටයුතුවලට වැඩිපුර කාලයක් වැය කරන අතර ගෘහ ජීවිතය සමගියෙන් ගතවෙයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්විය හැකි අතර ඒරාශ්ටක තත්ත්වය මත මිල මුදල් ඉතිරියක් නොවේ. අධ්‍යාපනය ලබන දුවා දරුවනට දැනුම වර්ධනය වේ. කලවා, දණහිස් පා ඇඟිලි ආදියේ දුර්වලතා මතු කෙරේ. සෙනසුරාදා දිනයේ කිරිබත් උයා කපුටන් වෙනුවෙන් බටහිර දිශාවෙන් තබන්න.
අය 5, වැය 3, සුබ අංකය 09, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා
කුම්භ - අවිවාහකයන්ට මංගල යෝග
සඳු ගමන් කරන්නේ 8,9,10 සහ 11 වැන්න මතිනි. ආරම්භය සුබ නොවුනත් රැකීරක්ෂා ව්‍යාපාර කටයුතු දියුණු ස්වරූපයක් ගනී. විදේශ ගමන්වලට භාග්‍යය ඇත.
අගහිඟකම් බොහොමයක් සම්පූර්ණ වීමක් දක්නට ලැබෙයි. දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වන අතර, ගෘහ ජීවිතය සතුටින් ගත වේ. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර කර ගැනීමට අවස්ථාව සැලසේ. කුසගින්නේ සිටින අය කුට ආහාර වේලක් දීමෙන් අපල අඩුවේ.
අය 8, වැය 5, සුබ අංකය 09,සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා
මීන - දරුවන්ගේ අධ්‍යාපනයට සුබයි
සඳු ගමන් කරන්නේ 7,8,9 සහ 10 වැන්න මතිනි. ගෘහ ජීවිතය සහයෝගයෙන් ගෙවන අතර, විදෙස් ගමන් බලාපොරොත්තු වු අයට සුබදායකය. රැකියා කටයුතු සඳහා බොහෝ ඇවිදීමට සිදුවෙයි. වියදම් පියවා ගැනීමට අවැසි මිල මුදල් අතට ලැබේ. දුවා දරුවන්ගේ අධ්‍යාපනයට සුබ සතියකි. ජයග්‍රහණ ලැබෙයි. මුත්‍රා දෝෂ, අජීර්ණ, කලවා වල වේදනා මතු වෙයි. චෛත්‍යයක් අබියස කහ පැහැති මල් පුදා දෙවියන්ට පින් දී සතිය ආරම්භ කරන්න.
අය 7, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය කහ තැඹිලි, සුබ දවස බ්‍රහස්පතින්දා









