සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

 

මේෂ - ආදායම් සරු වෙයි

සඳු ගමන් කරනුයේ 12 වැන්න ලග්නය සහ දෙවැන්න මතිනි. රැකියා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමිවෙයි. ආවේගශීලී බව පාලනය කර ගැනීමෙන් ගෘහ ජීවිතයේ සමාදානය රැකගත හැකිය. අධ්‍යාපනය ලබන දරුවනට සහන සැලසේ. සෙම් රෝග, හිසරදය, පාදවල වේදනා මතුවිය හැකිය. පාට කීපයකින් යුතු මල් බෝධියක් අබියස පූජාකර සතිය ආරම්භ කිරීමෙන් අපල අවම වේ.

අය 8, වැය 5, සුබ අංකය 7,

සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

වෘෂභ - ලොතරැයි වාසනා

සඳු ගමන් කරන්නේ 11 වැන්න, 12 වැන්න හා ලග්නය මතිනි. ධනය ලැබීමේ භාග්‍යය මතු කරයි. සති මැද තරමක නොසන්සුන් බවක් ඇති වුවද නැවත ගෘහ ජීවිතය තුළ සාමකාමී බව ඇතිවේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ දැනුම වර්ධනය වේ. නීතිමය ගැටලු මතුවිය හැකි අතර විදෙස් ගමන් ද යෙදෙයි. පාදවල තැළීම්, සීරීම්, හිස ආශ්‍රිත අවයවයන්ගේ අසනීපවලට ඉඩ ඇත. තිරිසන් සතුනට ආහාර සහ ජලය දෙන්න.

අය 5, වැය 3, සුබ අංකය 06,

සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස - සිකුරාදා

මිථුන - යහපත් වූ සතියකි

සඳු ගමන් කරනුයේ 10, 11 සහ 12 වැන්න මතිනි. කරන කියන රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. අතමිට මුදල් ගැවසේ. රැකියා කටයුතු සඳහා ඇවිදීමට සිදුවේ. ගෘහ ජීවිතය සමාදානයෙන් ගෙවීමට හැකි වාතාවරණයක් ඇත. හිතවතුන් අමනාප විය හැකි මෙන්ම මුදල් වැය පස ඉහළ යෑමට කරුණු යෙදෙයි. දරුවන්ගේ වියදම් වැඩි වූවත් ඔවුන් සිය ඉලක්ක සපුරා ගනී. කලවා දණහිස් වළලුකර වේදනා මතු කරයි. උදේ හෝ සවස භාවනාවක යෙදෙන්න.

අය 7, වැය 5, සුබ අංකය 5,

සුබ වර්ණය - කොළ, සුබ දවස - බදාදා

කටක - පුණ්‍ය කටයුතුවලට වැඩි ඉඩක්

සඳු ගමන් කරනුයේ 9, 10 සහ 11 වැන්න මතින්ය. ගෘහ ජීවිතය සතුටින් ගෙවිය හැකි සහ ලැබීම් සහිත සතියකි. අහිමි වී තිබූ පිය උරුමයක් නැවත ඔබට පැවරේ. ධනය අතින් ශක්තිමත්ය. පුණ්‍ය කටයුතුවල නිරත වීමට අවස්ථාව සැලසේ. උසස් අධ්‍යාපනය ලබන දුවා දරුවනට දක්ෂතා වර්ධනය වේ. ඉවසීම අඩු, ඉක්මණින් කෝපයට පත්වෙන ගතියක් පෙන්නුම් කරයි. කරණීය මෙත්ත සූත්‍රය දිනකට වරක් ප්‍රගුණ කිරීමට උනන්දුවන්න.

අය 5, වැය 3, සුබ අංකය 9,

සුබ වර්ණය - සුදු, සුබ දවස- සඳුදා

සිංහ - ව්‍යාපාර වලට සුබයි

සඳු ගමන් ගන්නේ 8, 9 සහ 10 වැන්න මතින්ය. මුල් දින තරමක ගැටලුකාරී වාතාවරණයක් මතුවේ. අසනීප සඳහා මුදල් වැයවුවද සතියේ මැද කොටසේදී සිතෙහි සැනසීම, දහමට නැඹුරුව කටයුතු කිරීම දක්නට ලැබෙයි. රැකියා හා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමිවේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ අලස ගති පහව යයි. තුනටියෙන් පහළ වේදනා අවහිරතා මතු කරයි. අසරණ අයකුට පිහිටක් විය හැකි නම් අපල අවම වේ.

අය 8, වැය 5, සුබ අංකය 4,

සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා

කන්‍යා - යහපත් මිතුරු ඇසුරක්

සඳු ගමන් කරනුයේ 7, 8 සහ 9 වැන්න මතින්ය. සතිය ආරම්භය පාඩු සිදුවේ. මැද වන විට ඒවා සමථයකට පත්වෙන අතර යහපත් මිතුරන් ආශ්‍රයට ලැබේ. පුණ්‍ය කටයුතුවල යෙදෙමින් ධාර්මිකව දිවි ගෙවයි. විදෙස් ගමන් සාර්ථක වෙයි. ගෘහ ජීවිතය සාමකාමී වේ. අධ්‍යාපනික කටයුතු උසස් අන්දමින් සිදුවේ. මුත්‍රා ආසාදන, අජීර්ණ ගති හා කලවා වේදනා ඇති කරයි. දරුවකුට අධ්‍යාපනික උපකරණයක් තෑගි කරන්න.

අය 5, වැය 3, සුබ අංකය 5,

සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා

 

තුලා - ගැටලුකාරී තත්ත්වයක් මතුවේ

සඳු ගමන් ආරම්භ කරන්නේ 6, 7 සහ 8 වැන්න මතින්ය. ආරම්භය ගැටලුකාරී වේ. සෙම් පිත් රෝග, සතුරු උවදුරු පැමිණිය හැකිය. පසුව ඒවා මගහැරී යයි. ව්‍යාපාර හා රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. උසස් අධ්‍යාපනයට උදවු උපකාර හිමිවේ. විදෙස් ගමන් ද සාර්ථක වීමේ අවකාශ ඇත. ගෘහ ජීවිතය සාමාන්‍ය අන්දමින් ගෙවී යයි. අජීර්ණ රෝග, මුත්‍රා ආසාදනවලට ඉඩ ඇත. රතන සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් අපල අඩු කරගත හැකිය.

අය 8, වැය 5, සුබ අංකය 6,

සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික - අභිමානයෙන් කටයුතු කරයි

සඳු ගමන් ආරම්භ කරන්නේ 5, 6 සහ 7 වැන්න මතිනි. ගෘහ ජීවිතය සතුටින් ගතවෙන, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිවන සතියකි. රැකියා ව්‍යාපාර, කෘෂිකාර්මික අංශවල දියුණුව සහ ආදායම් වර්ධනය වේ. කොඳුඇට පෙළේ ආබාධ පැමිණිය හැකි බැවින් බර වැඩ නොකරන්න. ආත්ම ගරුත්වය රැකගෙන වැඩ කටයුතු ගෙනයයි. චෛත්‍යයක් අබියස රතු මල් පුදා සතිය ආරම්භ කරන්න.

අය 7, වැය 5, සුබ අංකය 5,

සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

ධනු - මංගල කාරණා ඉටුවෙයි

සඳු ගමන් අරඹන්නේ 4, 5, 6 යන භාවයන් මතින්ය. ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. මවගේ ආශිර්වාදය නොඅඩුව ලබන සහ ගේ දොර අලංකාරය සඳහා වෙහෙසෙන සතියකි. දුවා දරුවන්ගේ යහපත වෙනුවෙන් විදේශගතවීම් පෙන්වයි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ අත්වේ. මංගල කාරණා ඉෂ්ට සිද්ධ වෙයි. හෘදය සම්බන්ධ සහ ආමාශගත රෝග ද, වකුගඩු සම්බන්ධයෙන් ද සැලකිලිමත් වන්න.

අය 11, වැය 8, සුබ අංකය 5,

සුබ වර්ණය - කහ, සුබ දවස - ඉරිදා

 

මකර - විදෙස් ගමන් සාර්ථක වේ

සඳු ගමන් කරනුයේ 3, 4 සහ 5 වැන්න මතින්ය. පවුලේ සාමාජිකයන්ගෙන් උදවු උපකාර හිමිවන, දක්ෂතාවන්ට නිසි තැන ලැබෙන සතියකි. නිවෙසේ අලංකාරය වෙනුවෙන් කැපකිරීම් කරන අතර, මවුපස ඥාතීන්ගෙන් ආදරය හිමිවේ. රැකියාවන්හි උසස්වීම් මෙන්ම නිවෙසේ සිට කරන රැකියාවලට අවතීර්ණ වීමක් පෙන්වයි. ගෘහ ජීවිතය, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඵල දරයි. උරහිස් වේදනා හටගනියි. බෝමළුව අතුගා නිල් මල් ටිකක් බෝධියට පුදා සතිය ආරම්භ කරන්න.

අය 5, වැය 3, සුබ අංකය 8,

සුබ වර්ණය - තද නිල්, සුබ දවස - සිකුරාදා

කුම්භ - දරුවන් නිසා සතුටු වෙයි

 

සඳු ගමන් කරන්නේ 2, 3 සහ සිවුවැන්න මතිනි. මිල මුදල් ලාභ හිමිකම් ඇත. විවාහ, පාර්ශ්වයේ සහකරුගේ ආදායම් තත්ත්වය ද සුබ අතට හැරෙයි. සොයුරු සොහොයුරියන්ගේ සහයෝගය ද හිමි කරගෙන ගෙවන වාසනාවන්ත සතියකි. නිවෙසේ සිට කරන රැකියා ආරම්භයට සුබදායී වේ. දරුවන් පොතපත දැනුම උකහා ගැනීමට පෙලඹෙයි. දත්, ඇස් ආදී ඉන්ද්‍රියයන්ගේ වේදනා මතු කරයි. තිරිසන් සතකුට ආහාර වේලක් දීමෙන් අපල අඩුවේ.

අය 8, වැය 6, සුබ අංකය 3,

සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

මීන - කලා කටයුතුවලින් ජයග්‍රහණ

සඳු ගමන් ආරම්භ කරන්නේ ලග්නය දෙවැන්න සහ තෙවැන්න මතිනි. මවගේ ආදරය ගුරුහරුකම් ලැබ වර්තමාන කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී. ධනය ලැබීමේ මාර්ග තිබුණත් වියදම් පක්ෂය ද වැඩිය. ආවේගශීලී වචන හුවමාරුවට නොයන්න. තම සහජ දක්ෂතා, කලාවට කරන කැපවීම්වලින් ජයග්‍රහණ ලබයි. ඇස් අමාරු සහ සෙම් රෝගවලට ඉඩ ඇත. කහ මල් ටිකක් බුදුන්ට පූජා කර දෙවියන්ට පින් දී සතියේ වැඩ ආරම්භ කරන්න.

අය 8, වැය 6, සුබ අංකය 9,

සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා

 

Comments