මේ සියල්ල අතර තවත් ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් සුවිශේෂ ඡන්ද විමසීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුවිය. ඒ අනුව මේ තෝරා පත් කර ගනු ලැබුවේ මෙරට අටවැනි ජනාධිපතිවරයාය.
මීට පෙර පුද්ගලයන් හත් දෙනකු විසින් ධූරකාල දහයකදී ජනාධිපති ධූරය හොබවා ඇති අතර මෙවර පාර්ලිමේන්තු ඡන්දයක් මඟින් තේරී පත්වී ඇත්තේ මෙරට අටවැනි විධායක ජනාධිපතිවරයාය.
විධායක ජනාධිපතිධූරය මෙරට තුළ ස්ථාපිත කෙරුණේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. එම ව්‍යවස්ථාව ගෙන එනු ලැබුවේ 1977 වසරේ ජූලි මස 21වැනි දින මහා මැතිවරණයෙන් බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධනගේ මූලිකත්වයෙනි. බලයට පත්වීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමුවූ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවීමයි.
එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජේ.ආර්.ජයවර්ධන 1978 පෙබරවාරි මස 4වැනිදා මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූයේය. ඒ වන විට ඔහු පැවති ව්‍යවස්ථාවට අනුව රටේ අග්‍රාමාත්‍ය ධූරය දරමින් සිටි අතර නව ව්‍යවස්ථාවට අනුව ඔහුට විධායක ජනාධිපති ධුරය හිමි විය.
එම ධුරය පිළිබඳ තම අදහස් සරලව ජනතාව වෙත ගෙන එමින් වරක් ඔහු පවසා සිටියේ ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරෙන බලතල අනුව තමාට නොහැකි වන්නේ ගැහැනියක පිරිමියකු කිරීමටත් පිරිමියකු ගැහැනියක කිරීමටත් පමණක් බවය. එම සරල ප්‍රකාශය පැහැදිලි කර සිටියේ අන් කිසිවක් නොව ලංකාවේ විධායක ජනාධිපති ධූරයට පත්වන පුද්ගලයකුට හිමිවන බලතලවල අසීමිත ස්වභාවය පිළිබඳවය.නව ව්‍යවස්ථාවක් ගෙන එමින් විධායක ජනාධිපති ධූරයට පත්වුවද මෙතෙක් සිදුවී ඇති වැඩිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුවී ඇත්තේද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ යුගයේදී බව කිව යුතුය. එම ප්‍රතිසංස්කරණ සංඛ්‍යාව 16කි. ඒ අතරට මේ දක්වා විවාදයට බඳුන්ව ඇති පළාත් සභා ස්ථාපිත කරමින් සිදු කළ 13වැනි ව්‍යවස්ථා සංශෝධනයද ඇතුළත්ය.
ස්වකීය ප්‍රථම ධූර කාලය අවසන් කළ ජයවර්ධන ජනාධිපතිවරයා 1982 වසරේදී දෙවැනි ධූර කාලයක් අපේක්ෂා කරමින් යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේය. එය මෙරට පැවති ප්‍රථම ජනාධිපතිවරණයද වේ. එම ජනාධිපතිවරණයෙන් සියයට 52.91ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවැනි වරටත් ජනාධිපති ධූරයට පත්වීමට ජයවර්ධන ට හැකියාව හිමි විය.
ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයකුට දැරිය හැකි ධූර කාල දෙකම අවසන් කරමින් ජයවර්ධන ජනාධිපතිවරයා විශ්‍රාම යන විට රටේ ප්‍රබල ගැටලු රැසක් උද්ගතව පැවති බවද අමතක කළ යුතු නැත. කෙසේ වුවද ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේදී රටේ අගමැති ධූරය හෙබවූ රණසිංහ ප්‍රේමදාස මෙරට දෙවැනි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූයේය.
එම මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය ලැබූවද ඔහුට ධූරය දැරීමට හැකියාව ලැබුණේ වසර හතරකුත් මාස හතරක් පමණි. ඔහු 1989 ජනවාරි මස දෙවැනිදා ජනාධිපති ධූරයට තේරී පත්වූ අතර 1993 මැයි මස පළමුවැනිදා බෝම්බ ප්‍රහාරයකට ලක් ව ඝාතනය වීම හේතුවෙන් ඔහුගේ ධූර කාලය එපමණකට සීමා විය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ලෙස තේරී පත්වූ ජනාධිපතිවරණය විශේෂ වන්නේ එය බොහෝ අර්බුද මැද පැවති මැතිවරණයක් වන බැවිනි. ඒ වන විට උතුරේ සිවිල් යුද්ධය මෙන්ම දකුණේ ආණ්ඩු විරෝධී කැරැල්ල ද ප්‍රබල තත්ත්වයක පැවති අතර මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට පැමිණියේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් අර්ධයකට ආසන්න සංඛ්‍යාවකි. බොහෝ වියවුල් මැද පැවති එම මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවද ප්‍රේමදාස ජනාධිපතිවරයාට දැඩි අසීරුතා මැද ස්වකීය පාලනය ගෙන යෑමට සිදු විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔහුගේ ඝාතනයයි.
ඒ සමඟින් ජනාධිපති ධූරය දරන කාලයේදී ඝාතනයට ලක් වූ ප්‍රථම ජනාධිපතිවරයා වශයෙන්ද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉතිහාසයට එක් විය. එමෙන්ම ඔහු ඒ දක්වා දෙවැනි අඩුම ධූර කාලය හෙබවූ ජනාධිපතිවරයා ලෙසින්ද ඉතිහාසයට එක්ව තිබේ.
ශ්‍රී ලංකාවේ තෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම් ලබන්නේ ඩිංගිරි බණ්ඩා විජේතුංග ය. මොහු ඉතිහාසගත වන්නේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමකින් තොරව පාර්ලිමේන්තුවේ මැදිහත්වීමකින් බලයට පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා වශයෙනි. එමෙන්ම මෙරට මේ දක්වා අඩුම ධූර කාලය හොබවා ඇත්තේද ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයාය. ඔහු ප්‍රේමදාස මහතා ඝාතනය වූ අවස්ථාවේ සිට එනම් 1993 මැයි මස හත්වැනිදා සිට 1994 නොවැම්බර් මස 12වැනිදා දක්වා වසර එකයි මාස 6ක් ජනාධිපතිධූරය හෙබවූවේය.
ඉන්පසු පැවති ජනාධිපතිවරණයෙන් මෙරට සිව්වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ඇය 1994 නොවැම්බර් මස සිට 2005 නොවැම්බර් මස දක්වා වසර එකොළහකට අධික කාලයක් ජනාධිපති ධූරය ධූර කාල දෙකක් සඳහා දරමින් ලංකාවේ මෙතෙක් වැඩිම කාලයක් ජනාධිපති ධූරය හෙබවූ ජනපතිවරයා බවටද පත් වූවාය.
උතුරේ සිවිල් යුද්ධය දරුණු ලෙස ක්‍රියාත්මක වුවද යාපනය අර්ධද්වීපය හමුදා මෙහෙයුම් මඟින් අත්පත් කර ගැනීමට ඇයට හැකියාව ලැබුණු අතර සුනාමි ව්‍යසනයට මුහුණ දීමට රාජ්‍ය නායිකාව ලෙස ඇයට සිදු විය.
ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ ප්‍රථම ජනාධිපති ලෙසින්ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉතිහාස ගත වේ. එමෙන්ම ඇය විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමටද උත්සාහ දැරූ නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන කාලය පිළිබඳව සඳහන් කිරීමේදී විශේෂයෙන්ම සටහන් කළ යුතු කරුණ වන්නේ ඇය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය පිළිබඳව තවමත් නොබිඳී පවතින වාර්තාවයි. 1994 පැවති ජනාධිපතිවරණයට තරග වැදුණු ඇයට ලැබුණු සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 62.27ක් විය. එම වාර්තාව බිඳ දැමීමමට තවමත් කිසිදු ජනාධිපතිවරයකුට හැකියාවක් ලැබී නැත. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ධූර කාලය අවසන් වීම පිළිබඳව උසාවි තීන්දු පවා ලබා ගැනීමට සිදුවූයේ ඇය පළමුවැනි ධූර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වූ බැවින් සහ එම ප්රචාරක කටයුතු අතර එල්ල වූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ඇයට මැතිවරණය අවසන් වූ සැණින් දිවුරුම් දීමට සිදුවූ බැවින්ය. ඒ් හේතුවෙන් ඇයට වසර දොළහක ධූර කාලය දැරීමට අවස්ථාව හිමි වූයේ නැත. කෙසේ වුවද ඒ් සමඟම පැවති ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට මහින්ද රාජපක්ෂට හැකියාව හිමි විය. ඔහු මෙරට ඉතිහාසයට එක්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙනි.
ස්වකීය පළමු ධූර කාලය තුළ වසර තිහක් පුරා ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත් කළ සිවිල් යුද්ධය අවසන් කිරීමට හැකියාව ලබා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අධිවේගී මාර්ග ඇතුළු බොහෝ සංවර්ධන ව්යපෘතිද රට තුළ ස්ථාපිත කිරීමට උත්සාහ දැරුවේය. ස්වකීය ප්‍රථම ධූර කාලය සාර්ථකව නිම කළ පසු යළිත් ජනාධිපතිවරණයක් පවත්වමින් දෙවැනි ධූර කාලය සඳහාද ජනවරමක් ඉල්ලා සිටි ඔහුට ජනතාව නොපැකිළව එම අවස්ථාව ලබා දීමට කටයුතු කළහ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදීද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවූ අතර ඒ් 18වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධපති ධූරය දැරිය හැකි වන්නේ අවස්ථා දෙකකදී පමණකි යන පෙර පැවති වගන්තිය වෙනස් කළ අතර ධූර කාල සීමාවන් අහෝසි කර තිබිණි. ඒ් අනුව දෙවැනි ධූර කාලය අවසන් වීමට තවත් කල් තිබියද තෙවැනි ධූර කාලයක් අපේක්ෂා කරමින් පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට මහින්ද රාජපක්ෂට අවස්ථාව හිමි වූයේ නැත.
2005 නොවැම්බර් 19වැනිදා දිට 2015 ජනවාරි 9වැනිදා දක්වා වසර 9 මාස එකක් ශ්‍රී ලංකාව පාලනය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ දක්වා මෙරට දෙවැනියට වැඩිම ධූර කාලයක් හෙබවීමට අවස්ථාව ලැබූ ජනාධිපතිවරයා ලෙසින්ද ඉතිහාසයට එක්ව තිබේ. ඔහු ලැබූ වැඩිම ඡන්ද ප්‍රතිශතය සියයට 57.88කි. ඒ් 2010 ජනාධිපතිවරණයේදීය. 2015 ජනවාරි මාසයේදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා වූයේ මෛත්‍රීපාල සිරිසේන ය. ශ්‍රි ලංකාවේ අත්රමාත්ය ධූරය දැරීමෙන් තොරව ජනාධිපති ධූරයට පත්වූ ප්‍රථම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේනය. ඔහු මෙරට සයවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ඉතිහාසයට ඒක්වේ. එමෙන්ම ඔහු ජනාධිපති ධූරය එක්වරක් පමණක් හෙබවූ තුන්වැනි ජනාධිපතිවරයා ද වේ. ඔහු තැබූ අනික් වාර්තාව වන්නේ සිව්වැනියට අවම ධූර කාලයක් බලයේ සිටි ජනාධිපතිවරයා වශයෙනි. මෛත්‍රීපාල සිරිසේන 2015 ජනවාරි මස සිට 2019 නොවැම්බර් මාසය දක්වා වසර 4ක් සහ මාස 10ක් ජනාධිපති ධූරය හෙබවූයේය. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 51.28කි.
මෛත්‍රීපාල සිරිසේන ද ස්වකීය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒ්මට කටයුතු කළ අතර එහි විශේෂත්වය වූයේ විධායක ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පැවරී තිබූ බලතල රාශියක් එම සංශෝධනය මඟින් සීමා කර තිබීමය. එම සංශෝධනය මගින් යළිත් වරක් ජනාධිපති ධූරය දැරිය හැකි වාර සංඛ්‍යාව සීමා කර තිබූ අතර ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් පත් කිරීම සඳහා වන ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීමද සිදු කර තිබිණි. දේශපාලන විචාරකයෝ මේ ව්‍යවස්ථා සංශෝධනය ඉතා සාධනීය සංශෝධනයක් සේ හඳුන්වා තිබේ.
ඒ් කෙසේ වුවද දෙවැනි ධූර කාලයක් සඳහා තරග වැදීමේ අවස්ථාව හෝ මෛත්‍රීපාල සිරිසේනට හිමිවූයේ නැත.
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ ගෝඨාභය රාජපක්ෂ ය. ඔහු අගමැති ධූරය දැරීමෙන් තොරව ජනාධිපති ධූරයට පත්වූ දෙවැනි පුද්ගලයා වන අතර පාර්ලිමේන්තුව නියෝජනය කිරිමෙන් තොරව ජනාධිපති ධූරයට පත්වූ ප්‍රථම පුද්ගලයා ද වේ. ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා වසර දෙකයි මාස හතක කාලයක් ජනාධිපති ධූරය හෙබවීය. ඒ් අනුව මෙරට දෙවැනියට අඩුව ධූර කාලයක් හෙබවූ පුද්ගලයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතාය.
ජේ ආර් ජයවර්ධනගෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ සිව්වැනි ජනාධිපතිවරයා බවට පත්වෙමින් ගෝඨාභය රාජපක්ෂ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේය. මෙය විධායක ජනාධිපති ධූරයේ බලතල වැඩි කර ගැනීම වෙනුවෙන් සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයක් සේ දේශපාලන විචාරකයන් විසින් හඳුන්වා දී තිබේ. එමෙන්ම ස්වකීය ධූර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස් වූ ප්‍රථම ජනාධිපතිවරයා වශයෙන්ද ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසයට එක්ව තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජනාධිපති ධූරයට පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහය.