සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

රාහු කාලය

2022.07.18 දින සිට 24 වැනිදා දක්වා

18 සඳුදා පෙ.ව. 07.35 - 09.09 දක්වා ප.ව. 19.57 - 21.24 දක්වා

19 අඟහරුවාදා සවස 15.23 - 16.57 දක්වා අලුයම 03.10 - 04.37 දක්වා

20 බදාදා දවල් 12.17 - 13.51 දක්වා අලුයම 00.17 - 01.44 දක්වා

21 බ්‍රහස්පතින්දා දවල් 13.50 - 15.24 දක්වා අලුයම 01.43 - 03.10 දක්වා

22 සිකුරාදා දවල් 10.43 - 12.17 දක්වා රාත්‍රි 22.50 - 00.17 දක්වා

23 සෙනසුරාදා පෙ.ව. 09.10 - 10.44 දක්වා රාත්‍රි 21.24 - 22.51 දක්වා

24 ඉරිදා සවස 16.57 - 18.31 දක්වා අලුයම 04.36 - 06.03 දක්වා

 

***************************

සතියේ වගා නැකත්

කපු පැළ රෝපණයට

ජූලි 18 සඳුදා 13.18 - 13.30 දක්වා දකුණ බලා

කොළ එළවළු සිටුවීමට

ජූලි 19 අඟහරුවාදා 08.02 - 08.12 දක්වා උතුර බලා

උක් පැළ රෝපණයට

ජූලි 19 අඟහරුවාදා 06.30 - 06.42 දක්වා උතුර බලා

බටු මිරිස් රෝපණයට‍

ජූලි 24 ඉරිදා 06.03 - 06.15 දක්වා දකුණ බලා

මල් පැළ සිටුවීමට

ජූලි 18 සඳුදා 06.14 - 06.24 දක්වා දකුණ බලා

********************

 මේෂ - තනි මතයට ක්‍රියා කරයි

ලග්නාධිපති ලග්න භාවයේම බලවත්ව සිටින අතර සඳු ගමන් කරනුයේ 11, 12, 01, 02 යන භාවයන් මතිනි. සිතෙහි නිස්කලංක බව අඩු මෙම සතියේ ගෘහ ජීවිතය තුළ තනි මතයටම කටයුතු කරයි. මවට ද අකීකරු බවක් පැවතිය හැකි ග්‍රහ රටාවක් ඇති බැවින් ඉවසීම ප්‍රගුණ කරන්න. රැකීරක්ෂා හා ව්‍යාපාරවලින් සුළු ලාභ පවතී. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට තවදුරටත් අඩුපාඩු මධ්‍යයේ කටයුතු කරන්නට සිදුවේ. එහෙත් ධෛර්ය ශක්තිය හීන නොවී පවතී. පාදවල වේදනා, සෙම් රෝග, හිසරදය ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය ආරම්භයේ රතු සහ සුදු මල් චෛත්‍යයක් අබියස පූජා කර කතරගම දෙවිඳුන්ට පින් දෙන්න. අපල මඟහැරී යයි.

අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා

 

 

වෘෂභ - අලස ගති මගහැරෙයි

ලග්නාධිපති දෙවැන්නේත් සඳු 10, 11, 12 සහ ලග්නගතවත් ගමන් අරඹන මෙම සතිය වාසනාවන්තය. ඉතා ධෛර්යවන්තව මගහැරී තිබූ වැඩ නැවත පටන් ගනී. අත මිට මුදලක් ගැවසෙන අතර අන්‍යයන්ට ද උදවු උපකාර කරමින් ගෘහ ජීවිත සතුටින් ගෙවයි. ආර්ථික තත්ත්වය යම් මට්ටමකින් ඉහළ නැංවෙන රැකියාවකට අත ගසයි. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට දැනුම වර්ධනය වන ග්‍රහ රටාවක් දක්නට ලැබෙයි. අලසකම් මගහැරෙයි. මවගෙන් උදවු උපකාර හිමිවෙයි. කලවා හා පා ඇඟිලි ආශ්‍රිත අවහිරතා මතු විය හැකි බැවින් සැලකිලිමත් වන්න. හැකි නම් මේ සතිය නිර්මාංශව ගතකර අපල මගහරවා ගන්න.

අය 8, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය - ළා කොළ, සුබ දවස - සිකුරාදා

 

මිථුන - මුදල් ලාභ හිමි විය හැකියි

ලග්නාධිපති දෙවැන්නේ සහ සඳු 9, 10, 11, 12 සිට චාරිකාව ආරම්භ කරන සතියේ ඔබට යහපතක් සැලසෙනු ඇත. මිල මුදල් උපයන මාර්ගවලට අත ගසයි. දරුවන්ගේ දක්ෂතා සහ ආදරය මත ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. යුතුකම් ඉටුකරයි. පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමට ඉඩ සැලසෙයි. ලිපි ලේඛන කටයුතුවලින් ජයග්‍රහණ ලැබෙන සහ දුවා දරුවනට ද බලකිරීමකින් තොරව ඉගෙනීමේ කටයුතු සාර්ථක වන දින කීපයකි. උසස් නිලධාරීන්ගෙන් සහ ගම්වල ප්‍රධානීන්ගෙන් උපකාර හිමිවේ. දුර ගමනක් යෙදෙන්නට ඉඩ ඇත. සතිය ආරම්භ උදෑසන බෝමළුව පිරිසුදු කර වැඩ පටන්ගන්න. අපල මගහැරී යයි.

අය 7, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය - කොළ, සුබ දවස - බදාදා

 

කටක - ලැබීම් සහිතයි

සතිය ආරම්භයේ ලග්නාධිපති වන සඳු 8 වැන්නේ සිට ආරම්භ කරන චාරිකාව 9, 10, 11 යන භාවස්ථානවලින් අවසන් කරයි. ගෘහ ජීවිතය පුණ්‍ය සිතුවිලි මත සාමකාමීව ගත කරන අතර

පවතින ඒරාෂ්ටක තත්වයත් සමඟ ආවේගශීලීව ගත කරන අවස්ථා ද නැතුවා නොවේ. රැකියා සහ ව්‍යාපාර කටයුතු සඳහා ඇවිදිලි වැඩිවේ. දියර වර්ග කිරි ආශ්‍රිත ව්‍යාපාරවලින් වැඩි ලාභ ඉපයීමක් දක්නට ලැබෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවේ. ඒ නිසා ආගමික පිළිවෙත් අනුගමනය කර ඒවා මගහරවා ගන්න. උදර රෝග, දණහිස් ආබාධ ඇති විය හැකිය.

අය 5, වැය 3, සුබ අංකය 9, සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස - සඳුදා

 

සිංහ - විදෙස් ගමන් සඳහා උනන්දු වෙයි

ලග්නාධිපති 12 වැන්නේ ද සඳු 7, 8, 9, 10 භාවයන්හි ද ගෝචර වන සතිය සුබ අසුබ මිශ්‍ර පල උදා කරයි. ගෘහ ජීවිතය තුළ කෙරෙන කටයුතු කලබලකාරී ස්වරූපයක් උසුලයි. ගමන් බිමන් යෙදෙයි. මවගෙන් සහයෝගය හිමිවේ. ආදායම් මාර්ගවලට තරමක බාධා ඇති කරයි. තම වචනය නිසා අන්‍යයන්ගේ සිත් රිදීම්, කලකිරීම් ඇතිවීමට පුළුවන. ඉවසීමෙන් වගකීමෙන් ගෘහය තුළ කටයුතු කරන්න. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද බාධක යෙදෙයි. ඒ පිළිබඳ සොයා බලන්න. මුත්‍රා දෝෂ, අජීර්ණ ඇතිවීමේ හැකියාවට ඉඩ ඇති බැවින් පරෙස්සම් වන්න. තිරිසන් සතුනට ආහාරපාන දීමෙන් සතියේ අපල අවම කරගන්න.

අය 8, වැය 5, සුබ අංකය 4, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා

 

කන්‍යා - යහපත් වූ සතියකි

ලග්නාධිපති අයස්ථානගතවද 6, 7, 8, 9 යන භාවවලද ගෝචර වෙමින් ගමන් අරඹන සතිය සුබ අසුබ මිශ්‍ර ඵල උදාකරයි. ආරම්භය එතරම් සුබ නොවුණද මැද කොටසේදී ගෘහයේ වුවමනා එපාකම් සොයා බලා කටයුතු කිරීමට පෙලඹේ. මවු පාර්ශ්වයෙන් ලැබෙන සහාය නිසා ගැටලු මගහරවා ගැනීමට හැකිවේ. රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතුවල සුබවාදී වෙනසක් දක්නට ලැබෙයි. දුවා දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය යහපත් අතට හැරෙන අතර සෞඛ්‍යමය අතින් ගැටලු මතු කරයි. අජීර්ණ තත්වයන් දක්නට ලැබෙයි. සුළු අනතුරු ඇතිවිය හැකි බැවින් පරෙස්සම් සහගත වන්න.

අය 14, වැය 11, සුබ අංකය 7, සුබ වර්ණය - කොළ, සුබ දවස - බදාදා

 

තුලා - පුණ්‍ය කටයුතුවල නියැළෙයි

ලග්නාධිපති 9 වැන්නේත් සඳු 5, 6, 7 සහ 8 වැන්න මතිනුත් ගමන් ගන්නා සතිය සුබ අසුබ මිශ්‍රව හිමිකර දෙයි. ගෘහ

ජීවිතය තුළ සාමාන්‍ය පරිදි වැඩකටයුතු පැවතුණත් විවාහ ගැටලු බලපවත්වයි. ආවේගශීලී නොවී ඉවසීමෙන් එක් අයකු නිහඬ වූ කල අවුල් දුරදිග නොයයි. රැකියා සහ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු වීමේ ප්‍රවණතාවක් පවතී. උසස් අධ්‍යාපනයේ නියැළෙන අයට විශේෂයි. තුනටියෙන් පහළ

ඉන්ද්‍රියයන්ගේ අසනීප සහ සෙම් රෝග මතු විය හැකිය. දවස අවසානයේ භාවනාවක යෙදෙන්න.

අය 8, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික - ජයග්‍රහණ ලබයි

ලග්නාධිපති සය වැන්නේ ද සඳු 4, 5, 6 වැන්න මතින් ද ගමන් කරයි. සතුරු කරදර පහව ගොස් සිය අභිලාෂ ඉටු කර ගැනීමේ හැකියාවන් පෙන්නුම් කරයි. මානුෂිකත්වය පෙරදැරිව කටයුතු කරන අතරතුර සමහර අවස්ථාවලදී නොඉවසිලිමත් වෙයි. කරන කියන රැකී රක්ෂා කටයුතුවලින් සතුටුදායක මට්ටමේ ලැබීම්වලට ඉඩ ඇත. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාමාන්‍ය අන්දමින් කරගෙන යෑමට බාධාවක් නොමැති අතර ඉදිරි දිනවලදී පහසුකම් හිමිවීමේ ප්‍රවණතාවක් ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ උරහිස් වේදනා සහ සෙම් රෝග පෙන්නුම් කරන බැවිනි. මහලු මවකට උපකාර කරන්න. අපල අවම වේ.

අය 8, වැය 5, සුබ අංකය 7, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

 

ධනු - බාධක නොතකා ධෛර්යයෙන් වැඩ කරයි

ලග්නාධිපති සිවුවැන්නේ ද සඳු 3, 4, 5, 6 වැන්නේ ද ගමන් ගනී. ගෘහ ජීවිතය තුළ නොයෙක් බාධක පැන නැඟුණත් ඒ සියල්ල සමසේ විඳ දරාගෙන යුතුකම් මැනවින් ඉටු කරයි. බලාපොරොත්තු වූ කරුණක් ඉටුවීමේ ලකුණු පෙන්වයි. අමතකවීම් අතපසුවීම් යෙදිය හැකි බැවින් කල්පනාවෙන් රැකියාවේ නිරත වන්න. දරුවන්ගේ අධ්‍යාපනික අවහිරතා ඉදිරි දිනවලදී මගහැරී යෑමේ වැඩි ඉඩක් පෙන්වයි. මවු පාර්ශ්වයේ මෙන්ම දුවා දරුවන්ගේ අසනීප හදිසි සුළු අනතුරු ආදියට කැපකිරීම් කරන්නට සිදුවේ. සතිය ඇතුළත අවස්ථාවක් ලද විටෙක අසරණයකුට සුළු මුදලක් දෙන්න. අපල දුරුවේ.

අය 7, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර - ඉලක්ක, අභියෝග ජයගනී

ලග්නාධිපති ලග්නගතවත් සඳු 2, 3, 4, 5 භාවයන්හිත් ගෝචර වෙයි. චිත්ත ධෛර්ය නිසාම වැඩ කොටස් නිම කර ගැනීමට හැකි වුවත් අධික වෙහෙස නිසා අසනීප වීමට ද පුළුවන. ගෘහ ජීවිතයේ සාමකාමී බව ඥානාන්විත ලෙසින් රැකගනී. වචනයට වඩා ක්‍රියාවේ සත්‍යතාව පෙන්වයි. රාජකාරි මට්ටමේදී පොදු වැඩවලදී කැපී පෙනෙන ගතියක් ඇත. ආදායම් ලැබෙන මාර්ග පිළිබඳව කල්පනා කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මවුපිය මැදිහත්වීම අවශ්‍යය. හිතුවක්කාර තීරණ ගැනීමට ඉඩ ඇත. මුහුණ අවට ඉන්ද්‍රියයන්ගේ (ඇස් දත් ආදිය)අවහිරතා මතුවිය හැකිය. තිරිසන් සතුනට ආහාර, ජලය දෙන්න. අපල අඩුවේ.

අය 14, වැය 11, සුබ අංකය 6, සුබ වර්ණය - නිල්, සුබ දවස - බදාදා

 

කුම්භ - දූ දරුවන්ට ජයග්‍රහණ

ලග්නාධිපති 12 වැන්නේත් සඳු ලග්නය 2, 3 සහ සිවු වැන්නේත් ගමන් කරමින් ආරම්භ වන සතිය අයහපත් නොවේ. කවදාටත් පවතින පරාර්ථකාමී බව නිසා අසනීප වූ අයකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ගෙදරදොර කටයුතු නොපිරිහෙලා ඉටුකරයි. මිල මුදල් අතමිට ඉතිරි කර ගැනීමට අපහසු වේ. එහෙත් ඉදිරි කාලය ශක්තිමත් කර ගැනීමට ධෛර්යමත් වේ. දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහත් කැපකිරීම් කරයි. ඔවුන්ට ජයග්‍රහණ හිමිවේ. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටින අයට සතුටුවිය හැකිය. සතිය ආරම්භයේ කුරුල්ලන්ට, ලේනුන්ට ආහාර, ජලය දෙන්න.

අය 8, වැය 6, සුබ අංකය 9, සුබ වර්ණය - තද නිල්, සුබ දවස - සිකුරාදා

 

මීන - ගමන් බිමන් වැඩිවේ

ලග්නාධිපති ලග්නයේත් සඳු 12, 1, 2, 3 වැනි භාවස්ථානවලත් ගෝචර වන සතිය තුළ වැඩිපුර ගමන්බිමන් යෙදීමෙන් වෙහෙසකර වෙයි. හිතුවක්කාර තීරණවලට එලඹීමෙන් පසුව පසුතැවිලි වීමට සිදුවිය හැකි බැවින් ආවේගශීලී බවින් මිදෙන්න. රැකී රක්ෂා ආදිය සැහැල්ලුවෙන් කර ගැනීමට හැකිවේ. ලාභ ප්‍රයෝජන ඇත. දරුවන් වෙනුවෙන් විය පැහැදම් කරන දේ ප්‍රතිඵල හොඳින් භුක්ති විඳීමට අනාගතයේදී හැකිවනු ඇත. වචනය පිළිබඳ දෙවරක් සිතන්න. මිතුරන්, ඥාතීන් අමනාප විය හැකිය. ස්වාමින් වහන්සේලාට ගිලන්පස පූජා කර සතිය අරඹන්න. අපල අඩුවේ.

අය 7, වැය 4, සුබ අංකය 9, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා

Comments