වඩාත් පහසු හා අඩු පිරිවැයකින් බෑවුම් දොස් සමනය කළ හැකියි
නූතන වාස්තු විද්‍යාවේ වඩාත් වැඩියෙන් භාවිත වන අන්තරීක්ෂ(cosmic) ශක්තිය සාපේක්ෂ වශයෙන් ගලා එන්නේ කෙසේදැයි පළමු කොට වටහා ගත යුතුය. අප ජීවත්වන පෘථිවිය වටා අන්තරීක්ෂ ශක්ති වලාවක්(cloud) ලෙස පවතින අතර, එකී ශක්ති වලාව ඇතුළත පෘථිවිය භ්‍රමණය වෙමින් සූර්යයා වටා ද ගමන් කරන බව කුඩා අවධියේ සිට අපි උගෙන ඇත්තෙමු.එසේ සිදුවන චලනයන් පොළොවේ සිට නිරීක්ෂණය කිරීමේදී දැනෙනුයේ පෙර කී නිරපේක්ෂ නිශ්චල ශක්ති වලාව අප වෙත ගලා එන බවකි.මෙය බටහිර විද්‍යාව අනුව කියන්නේ නම් අන්තරීක්ෂ ශක්තිය අපට සාපේක්ෂව අප වෙත ගලා එන ලෙස ද කිව හැකිය.බොහෝ අය ඊශානයෙන් අන්තරීක්ෂ ශක්තිය ගලා එන ලෙස විස්තර කරන්නේ මේ සංකීර්ණ සංසිද්ධියයි.
මෙසේ වූ අන්තරීක්ෂ ශක්තිය වසර ලක්ෂ ගණනාවක් තිස්සේ පෘථිවිය වෙත ගලා එන අතර භූගතවීමක් ද සිදු වන බව වටහා ගත යුතුවේ.එසේ භූගත වීම අද ඊයේ සිට ඇරඹුණු දෙයක් නොවන හෙයින් වර්තමානය වන විට පොළොවට දරා ගත හැකි ශක්ති ප්‍රමාණය හෙවත් ශක්ති ධාරිත(capacity)සම්පූර්ණ වී ඇත.
විටින් විට ශක්ති ඌනතා ඇතිවෙතත් ඒවා පොදුවේ තුලනය වීමක් සිදුවේ. එසේ වුවත් අන්තරීක්ෂ ශක්තිය ගලා ඒම නවතින්නේ නැත.සිදු වන්නේ අලුතින් ලැබෙන ශක්තිය මෙන්ම ප්‍රමාණයක් පොළොවෙන් ඉවතට නිකුත් වීමය.මෙසේ නිකුත් වන ශක්තිය අප විසින් භූ ශක්තිය ලෙස නම් කර තිබේ. මේ භූ ශක්තිය වඩාත් බලවත් වත්ම ලෞකික වශයෙන් බලවත් බවක් ආශ්චර්යයන්ගේ ඇති වන බව වටහා ගැනීම වැදගත්ය.
මේ සංසිද්ධිය අනුව පැහැදිලි කර ගැනීමේදී සම්ප්‍රදායිකව එතරම් බරපතළ ලෙස නොසලකන දෝෂයක් වන බෑවුම් දෝෂය පිළිබඳ මෙහිදී අපගේ අවධානය යොමු කළ හැකිය. ඉතා සරලව දැක්වීමේදී ඊශානයට වඩා නිරිත පහතින් පිහිටීම දෝෂයක් ලෙස මූලිකව සැලකිය යුතු වේ.
මෙය බටහිර විද්‍යාත්මකව විග්‍රහ කිරීමේදී ඉහත කී අන්තරීක්ෂ ශක්ති ගලනයේ ස්වභාවය අපගේ අවධානයට යොමු විය යුතුවේ.ඉහත දක්වන ලද ආකාරයේ නිරිත පහතින් පිහිටන ආකාරයේ බෑවුමක් ඇති විට අන්තරීක්ෂ ශක්තිය ද ඒ පැත්තටම නැඹුරු වීමෙන් එකී ශක්ති ධාරාව පොළොවෙහි ගැටීම සිදු නොවේ.
එසේ පොළොවේ නොගැටීම නිසා ශක්තිය භූගත වීමක් සිදු නොවේ. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස භූ ශක්තිය දුර්වලවීම ආරම්භ වේ.භූ ශක්තිය දුර්වල වූ විට ඒ ප්‍රදේශයේ වැසියන්ගේ පහළ චක්‍ර බල ගැන්වීම සිදු නොවේ. එබැවින් පොදුවේ පෙර කී පරිදිම ජීවිතයේ ලෞකික ඌනතා හට ගනී.
මේ තත්ත්වය තවදුරටත් බරපතළ වන්නේ ගලා එන අන්තරීක්ෂ ශක්තිය මෙසේ වූ විට පහසුවෙන්ම ඉවතට ගලා යෑමෙන් නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව ද (cosmic energy intensity) අඩු වන බව වටහා ගැනීම අපහසු නැත. එවිට නිවැසියන්ගේ සමස්ත ශක්ති ශරීරයටම (energy body – aura) හානි පැමිණීම අනිවාර්ය කරුණක් වන බව පහදා ගත යුතු වේ. මේ නිසා සමස්ත දිවි පෙවෙතම වුව වියවුල් විය හැකියි.
කෙසේ වුවත් බෑවුම නිවැරදි කිරීමේ (slope correction) ක්‍රමවේද රැසක් අපට හඳුනා ගත හැකිය.භෞතික ලෙස පිරවීම් හා කැපීම් (fill & cut) අනුව බෑවුම නිවැරදි කරනවා සේම පිරමිඩ භාවිතයෙන් ද වඩාත් පහසු හා අඩු පිරිවැයකින් යුතුව මෙකී බෑවුම් දොස් සමහන් කළ හැකිවේ.