
පසුගිය ජූලි නව වැනිදා සිදුවූයේ කුමක්ද යන ප්‍රස්තුත කරුණ සාකච්ඡා කිරීමට ප්‍රථම සංවාදයට බඳුන්විය යුතු සුවිශේෂ කරුණක් වෙයි. එනම් පසුගිය මාර්තු 31වැනිදා මිරිහානේ සිදුවූ සිදුවීමෙන් අනතුරුව ඒ සිදුවීම පදනම් කරගෙන වේගයෙන් ඇතිවුණු සිද්ධි මාලාවක කේන්ද්‍රීය ගොනුවක් ලෙස මේ ජූලි 09 දා පුපුරා යෑම පැහැදිලි කළ හැකියි.
තවදුරටත් පැහැදිලි කළහොත්; සිදුවූයේ කුමක්ද යන කරුණ ඉතාමත් පැහැදිලිව විකණ්ඩනය කර තේරුම් ගැනීමට අවශ්‍ය වෙයි. එපමණ කාලවකවානුවක් ආර්ථික අපහාසුතාවයකින් සහ දැඩි ප්‍රජාන්ත්‍ර විරෝධී දේශපාලන තන්ත්‍රයකට යටත්ව ජීවත්වූ මිනිසුන්ගේ නැගිටීමක් ලෙසද හැදින්විය හැකියි. ආර්ථිකමය දැඩි අසීරු තත්ත්වයක් යටතේ ජීවත්වූ මිනිසුන් වෙනුවෙන් පාලකයන් කිසිදු ආකාරයක නම්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන ලද වටපිටාවක් තුළ; එයට විරුද්ධව මාස කිහිපයක් ජනතාව සටනක් ක්‍රමානුකූලව දියත්වීමක් පැවැතිණි. එහි එක් සන්දිස්ථානයකට ජූලි නවවැනිදා ප්‍රවේශ විය.
මේ රටේ ජනතාව විසින් මේ රටේ මේ ව්‍යවස්ථාව නැවත රචනය කිරීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමක් ලෙස ජූලි නව වැනිදාව තවත් ආකාරයකින් අර්ථ දැක්විය හැකිය. ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ඒ සමාජ තීරණයන් රචනය කිරීමට මහජනයා ගත් උත්සාහයක් මේ මඟින් පෙන්නුම් කෙරෙයි. 1978 ව්‍යවස්ථාව සකස් කළ සභාවටත්; ඉන් අනතුරුව 1978න් පසුව එම ව්‍යවස්ථාවට සංශෝධන 20ක් එකතු කළ ව්‍යවස්ථාවටත් වඩා ප්‍රජාතන්ත්‍රීය; ආකාරයට ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම හරහා ප්‍රජාතන්ත්‍රීය පාලනතන්ත්‍රයක මූලික වන ජනතා පරමාධිපත්‍ය බලය තහවුරු කරමින් ජනතාව ඉදිරියට පැමිණීමක් දැකිය හැකිය.
පසුගිය කාලය පුරා එම අරගලයට පාදක හේතුන්ට ප්‍රතිපිළිතුරු ලෙස ආණ්ඩුවෙන් දීමට උත්සාහ කළ සෑම පිළිතුරුක්ම ඉතාම බරපතළ ලෙස අසාර්ථක වෙයි.
ඒ සඳහා හොඳම උදාහරණය පසුගිය මැයි මාසයේ නව වෙනිදායින් පසුව අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ පත් කිරීමෙන් අනතුරුව රටේ ආර්ථික, සමාජ, දේශපාලන ගැටලුවලට යම් පිළිතුරුක් ලැබේ යැයි විශ්වාස කළ පිරිසගේ එම බලාපොරොත්තු කඩ වීමයි. ඔහුටද අපේක්ෂිත පරිදි කිසිවක් කිරීමට නොහැකි වී ඇති බව අරගලකරුවන්ගේ අදහස විය. ඒ අනුව ඔහු ද අසාර්ථක පාලකයෙක් බවට පත්විය. මේ තත්ත්වය තුළ පසුගිය මාස තුන තුළ දී ආණ්ඩුව සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කළේ තමන්ගේ බලකඳවුරට විශාල අනතුරක් හෝ සෙලවීමක් නොවී යම් ප්‍රතිසංස්කරණ මාලාවක් ඇතුළත් කළ හැකිද යන්නයි.
මෙහි තවත් පියවරක් ලෙස ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස ධම්මික පෙරේරා පත් කරගනු ලැබුණි. මෙහි අපිට දක්නට ලැබෙන කරුණක් නම් තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට දේශපාලඥන් සහ පාලන තන්ත්‍රය අපොහොසත් බව වන ජනතාව ක්‍රමානුකූලව තේරුම් ගැනීම සිදුවිය. එහෙත් තවදුරටත් පාලක පන්තිය විසින් ඒ පවතින පාලන තන්ත්‍රය සහ එම පද්ධතියට ඒ ආකාරයෙන් රැකගනිමින් සුළු සුළු පිළියම් යොදමින් කටයුතු කරන ලදී. ඒ අනුව මේ ජනතා අරගලයේ පුපුරා යාම පෙන්නුම් කරන්නේ පාලකයන්ගේ සහ පාලිතයන්ගේ වෙනස් ආකල්පයන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි.
එක පැත්තකින් පාලකයන් තමන්ගේ බලය රැක ගන්නට යම් යම් පිළියම් යොදමින් මහන්සි ගැනීමත්; අනෙත් පාර්ශ්වයෙන් ජනතාව මේ පද්ධතිය තුළ කිසියම් වූ සංශෝධනයක් කිරීමෙන් තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට නොහැකි බව තේරුම් ගන්නා ලදී. ඒ අනුව එම ක්‍රමවේදය වෙනසකට ලක් කිරීමට යම් අරගලයක නිරතව එහි සංදිස්ථානයක් කරා පැමිණ ඇත. කෙසේ වෙතත් 69 ලක්ෂයක් ඡන්දය ලබාදුන් පිරිසත් ඉන් පසු 2/3 පාර්ලිමේන්තු බලය දීමට ඉදිරියට පැමිණි පිරිසත් ව්‍යවස්ථානුකූල ජනමතයක් නියෝජනය කරන බව බොහෝ පිරිසකට මතුවී ඇති ගැටලුවකි. නමුත් වසර දෙකහමාරක කාලච්ඡේදයක්; තුළ ඒ ජනමතය ඒ පරමාධිපත්‍ය බලය ලබාගත් ආණ්ඩු පක්ෂයේ පිරිස විසින් එම බලය ඉදිරියට ගෙන ආ බවක් අපිට නොපෙනෙයි. එදා ඒ ජනමතය තුළ කිසියම් වූ බලාපොරොත්තු සහ අපේක්ෂා සමූහයක් තිබුණි. ඒ ඡන්දය දීම හරහා යහපාලන ආණ්ඩුව විසින් කඩා දැමූ පොරොන්දු ඉටු කර අවම වශයෙන් යහපත් ජීවන තත්ත්වයක් ඇති කර ගැනීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ගෙන යාමට අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවාහනය යම් ස්ථාවරයකට පැමිණෙතැයි යන විශ්වාසය ජනතාව තුළ විය.
වසර 2/3 ක කාලයක් ඇතුළත ඒ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වූ විට පාලකයන් ප්‍රශ්න කිරීමට ජනතාවට යම් අයිතියක් වෙයි. එසේම ඒ පාලකයාට එරෙහිව නැඟී සිටීමට සාධාරණ ප්‍රජාතන්ත්‍රීය බලයක් වෙයි. ඒ බලය මෙරට ව්‍යවස්ථාවේ සඳහන් බලයක් වෙයි. මේ රටේ ස්වාධිපත්‍ය පවතින්නේ පාලකයාට නිලධාරීන්ට හෝ ආයතනයනවලට නොවෙයි; මේ රටේ ස්වාධිපත්‍ය බලය සහ සෛරීත්වය පවතින්නේ රටේ ජනතාව සතුවයි.
ඒ ජනතාව සතු බලය නැවතත් කිසිවකුට පැවරිය නොහැකි බවද එහි ඇතුළත් වෙයි; ඒ බලය ව්‍යවස්ථාවකින් ජනතාවට සහතික කරන්නේ නම් තමන්ගේ වරම ලබාගෙන ඒ වරමට අනුව ක්‍රියා නොකරන පාලකයන් ඉවත් කිරීමේ අයිතිවාසිකම ජනතාව සතු වෙයි.
ජූලි නව වෙනිදා කිසිවකුගේ මෙහෙයවීමකින් තොරව, ඔවුන් විසින්ම තමන්ගේ ජීවිත පරදුවට තබමින්, පැවැති ඇඳිරි නීතියත් කඩ කරමින් ජනතා සහභාගිත්වයක් සිදුවිය. ඒ පැමිණි පිරිසට සමාන්තරව විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වුණු විරෝධතා රැලි පවත්වමින්; පෙන්නුම් කළ කරුණක් නම් ජනතාව තමන්ගේ ස්වාධිපත්‍ය අත්හදා බලන සහ ස්වාධිපත්‍ය ප්‍රායෝගිකව භාවිතයට ගන්නා ලද අවස්ථාව බව ඉතාම පැහැදිලියි. පාලක පන්තිය පවතින තත්ත්වය නොසෙල්වා ඒ ආකාරයටම තබා ගැනීමේ අදහස මත තවමත් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙයි. මේ හැම නායකයෙක්ම විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ යම්කිසි නියෝජනයක් ඇති; හැම නායකයෙක්ම මේ ප්‍රශ්නයට පිළිතුර ලෙස ව්‍යවස්ථාපිත විසඳුමක අවශ්‍යතාව පෙන්නුම් කරයි. මෙය දැඩි මිත්‍යාවකි. මේ ව්‍යවස්ථාපිත විසඳුම ලෙස ඔවුන් 1978 වසරේ ඇති කළ ව්‍යවස්ථා රාමුව තුළ විසඳුමක් යන අදහස දක්වයි; නමුත් මේ රටේ මහජනතාව ජූලි නවවෙනිද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පෙන්නුම් කළ පැහැදිලි අදහස නම්; ඒ ව්‍යවස්ථාවේ අඩංගු වගන්ති සහ හරයන් තවදුරටත් වලංගු නොවන බවයි.
එනම් ව්‍යවස්ථාවේ ඇති මුල් පරිච්ඡේදවල සඳහන් මහජන ස්වාධිපත්‍ය සමපාතව ගමන් නොකරන්නේය යන කරුණ පෙන්නුම් කර ඇත. එහෙත් නැවත වරක් පාලක පන්තියේ උත්සාහය පවතින අරගලය යටතේ වුවත් මේ පවතින ව්‍යවස්ථාවට සංශෝධනයන් ගෙන ඒමයි.
මේ ව්‍යවස්ථාවේ අඩංගු වන ආකාරයට ජනාධිපති ඉවත් වූ පසු එම ධූරය අගමැතිට නැත්නම් කථානායකට දිය යුතුයි; ඉන් පසුව ඡන්දයක් පැවැතිය යුතුයි; යන ව්‍යවස්ථා විධි විධාන වෙයි. නමුත් මේ විධි විධාන මේ අකුරටම පිළිපැදිය යුතු යැයි ජනතාව කල්පනා කරන්නේ නම් ජූලි 09 වැනිදාවක් වැනි දිනයක් නොඑන බව ඉතා පැහැදිලි කරුණකි. තමන්ගේ ස්වාධිපත්‍ය ක්‍රියාවට නැංවීම සඳහා පත් කරනු ලැබූ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන අංග තුන මේ පවතින ආකාරයේ රාමුවක්; තුළ යන්නේ නම් ඒ සඳහා ජනතාවගේ විරෝධය ඉන් පැහැදිලි වෙයි.
මේ ව්‍යවස්ථාවේ නීති රීති අකුරටම පිළිපදිමින් මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට බලයේ දැනට සිටින පාලකයන් යෝජනා කරන්නේ නම්; එය ජූලි 09 වෙනිදාවකින් මහජනයා ඉදිරිපත් කළ යෝජනා සහ අපේක්ෂාවන් ඔවුන් පෙන්වූ මඟ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමකි. සර්ව පාක්ෂික හෝ අන්තර් කාලීන ආණ්ඩුවක් යන සංකල්පයන් මතු කරමින් මේ 225 ම කුමනාකාරයකින් හෝ නැවතවරක් ඉදිරියට යාමට ගෙනයන උත්සාහයක් අපට දක්නට ලැබෙයි. මේ පිරිසට මේ අර්බුද කිසිවකට පිළිතුරු නැති බව පැහැදිලි කරුණකි. උදාහරණයක් ලෙස මාර්තු සහ අප්‍රේල් මාසයේ සිට ජූලි නව වෙනිදා දක්වා පාර්ලිමේන්තුව කැඳවූ අවසාන දිනය දක්වා මහජනයා බලාපොරොත්තු වෙන අභිප්‍රායන් කෙසේ ජයග්‍රහණය කරන්නේ ද; යන කරුණු පිළිබඳ කිසිදු පිළිතුරක් නැත.
එනම් ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නය, දරිද්‍රතාව සෞඛ්‍ය අධ්‍යාපනය සහ රට නැවත පණගැන්වීම පිළිබඳ ප්‍රශ්නයට කෙසේ විසඳුම් සොයන්නේද? යන කරුණු ඔවුන්ගේ සාකච්ඡා තුළ ඉදිරිපත් නොවීය. මේ තත්ත්වය මත නැවත වරක් බලය ඉල්ලීම තුළ ව්‍යවස්ථා ගරුත්වයක් පවතින්නේ ද යන්න ගැටලුවකි. මේ රටේ ජනතාව විසින් මේ රටේ මේ ව්‍යවස්ථාව නැවත රචනය කිරීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලිමක් ලෙස අර්ථ දැක්විය හැකිය. අපේ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ඒ සමාජ තීරණයන් රචනය කිරීමට මහජනයා ගත් උත්සාහයක් ලෙස මෙයින් පෙන්නුම් කෙරෙයි. උදාහරණයක් ලෙස ගත්විට ගෝල් ෆේස් පිටියට රැස්වූ පිරිස කිසියම් ප්‍රකාශනයක් නිකුත් කර ඇත. ඒ ප්‍රකාශනය හරයක් ලෙස ගත් ඒ ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව පෙන්නුම් කරුණක් නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉවත් විය යුතුයි.
රට නැවත නඟාසිටුවීමට නම් මූලික වශයෙන් ව්‍යවස්ථාව යළි රචනය කිරීම සඳහා මේ අරගලයට සම්බන්ධ වූ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් නව ව්‍යවස්ථාදායක සභාවක අවශ්‍යතාවක් මතුවී ඇත. එය දියවන්නා ඔය පාර්ලිමේන්තු ගර්භයෙන් පිටස්තරව පරණ පාර්ලිමේන්තු ඝර්භය තුළ රැස්වී සකස් කළ යුතුයි. මේ සිදුවිමට නිශ්චිත වශයෙන් සංවේදී වන්නේ නම් කළ යුතු වන්නේ එයයි.
මේ ව්‍යවස්ථාව නැවත රචනය කළ යුතුව ඇත්තේ ඒ හෙයිනි. මේ පවතින පාලන ක්‍රමයට විරුද්ධව රටේ බොහෝ නගර, ගම් ව්‍යුහයන් ආවරණය වන විරෝධතා පවතී. ඒ නිසා අරගලයේ සිටින පිරිස තමන්ගේ නියෝජිතයන් නව ව්‍යවස්ථාවක් රචනය කිරීමට සහ ඒ නව ව්‍යවස්ථාව මත පදනම්ව පිහිටුවාගත් තාවකාලික ආණ්ඩුවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරගැනීමට කටයුතු කිරීමට තමන්ගේ පිරිස්වල නියෝජිතයන් යොමු කළ යුතුයි. සැබෑ ජන ස්වාධීපත්‍ය පෙන්නුම් කරන නව පද්ධතියක් සැබෑ වශයෙන් ඇති කිරිමට කටයුතු කළ යුතුයි. ඒනිසා අලුත් ව්‍යවස්ථාවක් ගොඩනැඟීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සහ එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයම තාවකාලික ආණ්ඩුවක් ලෙස රටේ දැවෙන ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළ යුතුව ඇත. ජනතාව තමන්ගේ ස්වාධිපත්‍යය අත්හදා බැලීමට ලක් කළ මණ්ඩලවල නියෝජිතයන් මේ ව්‍යවස්ථා සම්පාදනය මණ්ඩලයට යොමු කළ යුතුයි. ඒ හැරුණු විට විවිධ වෘත්තීන් නියෝජනය කරන පුද්ගලයන් විසින් තමන්ගේ නියෝජිතයකු මේ සඳහා යොමු කළ යුතුයි. එසේ පත් කළ නියෝජිතයන් මේ ව්‍යවස්ථාපිත මණ්ඩලය මෙතෙක් ව්‍යවස්ථා රචනය කළ කිසිදු සභාවකට වඩා ප්‍රජාතන්ත්‍රිය බව ඉතා පැහැදිලි කරුණකි.
පසුගිය කාලයේ ගත් තීන්දු කිසිවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම අනෙක් රටවල්වලින් ණය ඉල්ලා සිටීම වැනි හැම කරුණකින්ම පෙන්නුම් කරන්නේ මේ දේශපාලනඥයන් සිස්ටම් චේන්ජ් ගැන කතා කිරීම කිසිදු පලක් නොමැති බවයි. ඒ නිසා මේ ක්‍රමවේදයේ නැති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සහ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා රටේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි. මූලික වශයෙන් රට නැවත යථා තත්ත්වයට පත්කිරීම අවශ්‍ය වෙයි. ඒ සඳහා ඉන්ධන අත්‍යවශ්‍යයි. 2021 වසරේ ලංකාවට ඉන්ධන ගෙන්වීම සඳහා වියදම් කරන ලද මුළු මුදල ඩොලර් මිලියන 4000කට අඩු ප්‍රමාණයක් රටටම ඉන්ධන ගෙන්වීම සඳහා වැය වෙයි. අපේ රටේ විදේශ විනිමය ඉපැයිම් 2021 වසර ගත් විට ඩොලර් මිලියන 19500 වෙයි. එසේ ඩොලර් 19500ක් තුළින් 4000 පමණක් ඉනධන ආනයනයට වැය වෙයි. ඩොලර් 19500 ඉපැයූ රටක බෙහෙත් සඳහා ඩොලර් මිලියන 882 ක ප්‍රමාණයක් වැය වෙයි. ලංකාවෙන් ප්‍රතිඅපනයනයන් සඳහා අවශ්‍ය යෙදවුම් ආනයනය සඳහා ඩොලර් මිලියන 8000ක් වැය වෙයි. මේ රටට අවශ්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය විදෙස් විනියමය ප්‍රමාණය අපි උපයන බව 2021 මහ බැංකු වාර්තාව පෙන්වා දී ඇත. එසේ නම් එහිදී පෙන්නුම් කරන කරුණ නම් අත්‍යවශ්‍ය දේ ආනයනයන් සඳහාවත් මේ පාලකයන් නැති බවයි. එසේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහාවත් ඩොලර් නොමැති බව පැවැසීම පරස්පර ප්‍රකාශයකි.
මහ බැංකු වාර්තාවේ සඳහන් කරුණ එකක් පාලකයන්ගේ ප්‍රකාශය තවත් අදහසකි. මෙයින් පැහැදිලි කරුණක් නම් මෙරට උපයන විදෙස් විනිමය මේ රට දුවවන්න සහ මේ රටේ ජනතාවට සෑහෙන මට්ටමක ජිවිතයක් ගෙන යාමට ප්‍රමාණවත් බවයි. මහජන සහයෝගිතා කමිටුවෙන් පෙන්නුම් කරන ආකාරයට එක් පැත්තකින් අවශ්‍ය මිලට වඩා වැඩි මිලක් පෙන්නුම් කර ඇති බව පැහැදිලි කරුණකි. එසේ නම් මහජනතාව විසින් යම් පිරිසක් පත් කර යම් විගණනයක් කළ යුතුයි. තාවකාලික ආණ්ඩුවක් සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විසින් බාරගෙන මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි.
සැබෑ ලෙස අරාජික නොවන පාලනයක් කරා ගෙනයාමට කළයුතු කුමක්ද යන ගැටලුවේදී විසඳුම් සෙවීමට නම්; ඒ සඳහා වඩා ප්‍රජාතන්ත්‍රීය සංස්ථා පද්ධතියක් රටේ ගොඩනඟා ගන්නේ කෙසේද යන්න පිළිබඳව නැවත කියවීමක් කළ යුතුය. ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය සමාජයේ පහළ මාලයේ ඉලක්ක ගත කරගෙන කළ යුතුය. ඒ සඳහා වඩා සවිඥානික විය යුතුයි. මේ රටේ ජනතාවගේ ස්වාධිපත්‍ය පසුගිය කාලයේ දි අභියෝගයට ලක් විය.
සමස්තයක් ලෙස මේ රටේ ප්‍රභූ පන්තිය ගෙන ගිය පාලනය ක්‍රමය සහ මේ රටේ ප්‍රභූ පැලැන්තිය විසින් පසුගිය වසර 43ක කාලය තුළ පවත්වාගෙන ගිය ආර්ථික සමාජ දේශපාල ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කිරිම සහ ඒ ප්‍රතික්ෂේප කිරීමක් සිදුවිය. ඒ අනුව මේ සියලු ක්‍රමවේදයන් නැවත රචනා කළ යුතුය යන කාරුණ ජනතාව විසින්ම මතු කිරීමක් පසුගිය ජූලි 9වැනිදා සිදුවිය. ඒ අනුව ජනතාව ඔවුන්ගේ මතය පවතින්නේ කොතැනකද යන කරුණ පැහැදිලිව පෙන්නුම් කර අවසන්ය.ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයන්ට ගරු කරන පාලකයන් ඒ පිළිබඳව වඩා සවිඥානික විය යුතුය.