
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ රටතුළ අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් නොමැතිවීමයි. මේ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යපාරිකයා දක්වා විවිධ අංශ ඔස්සේ ඩොලර් සොයා ගැනීමට උත්සාහ ගනිමින් සිටී. පසුගියදා එවැනි උත්සාහයක් දරන දේශීය ව්‍යාපාරික ආයතනයක් ගැන දැන ගන්නට ලැබුණේ ඒ පිළිබඳව ඔවුන් විසින් පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
සියයට සීයක් ශ්‍රී ලාංකේය සමාගමක් ඨකෙදජන ආයතනයේ ජාත්‍යන්තර විකුණුම් පරිමාව ඉහළ දැමීමේ අරමුණ ඇතිව e-commerce වෙබ් අඩවි මඟින් ඔවුන් සිය ඇඟලුම් අලෙවි කිරීම ආරම්භ කර තිබේ. ඔවුන් මේ තරග වදින්නේ ගෝලීය වශයෙන් මහාපරිමාණ ව්‍යාපාරික සමාගම් සමඟය. ඒ නිසා ලොව පුරා විහිඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට Gflock ආයතනය ආරාධනා කර සිටින්නේ වැඩි වැඩියෙන් ඔවුන්ගෙන් ඇඳුම් මිලදී ගෙන අප රට වැටී තිබෙන අර්බුදකාරී වාතාවරණයෙන් රට ගොඩගැනීමට දායක වන ලෙසයි.
පසුගියදා මේ පිළිබඳව කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ Gflock ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රනිල් විල්ලද්දරගේ මෙලෙස අදහස් දැක්වීය.
අප ආයතනයය පුණ ආයතනයක් නොවේ. නමුත් මෙම ගනුදෙනුව මඟින් පාරිභෝගිකායට මෙන්ම රට තුළ ජීවත්වන අනෙකුත් ජනතාවටද සහනයක් ලැබේ. ඔවුන්ට අනෙකුත් සන්නාම සමග සංසන්දනය කිරීමේදී ඔවුන් වෙහෙස මහන්සිවී හම්බ කරන මුදලට වටිනාකමක් සහිත ඇඳුම් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වසරකට ඩොලර් 300ත් 500ත් අතර මුදලික් ඇඳුම් මිලදී ගැනීම සඳහා වියදම් කරනවා. අප ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ මඟින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපගේ ඇඳුම් මිලදී ගැනීම හරහා රට තුළට ඩොලර් ලැබෙන අතර ඒ හරහා රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාව උදාවේ. මේ මොහොත අප එකිනෙකාට උපකාර කරගත යුතු මොහොතක් ලෙසයි මා දකින්නේ.
මගේ කාරුණික ඉල්ලීම වන්නේ විදේශයන්හී සිටින ඔබ, ඔබගේ ඇඳුම් සඳහා වෙන් කරන මුදලින් අපේ ලංකාවේ තරුණ පරම්පරාවේ නිර්මාණශීලීත්වයෙන් ආරම්භ වූ Gflock ආයතනයෙන් අන්තර්ජාලය හරහා ඇඳුම් ඇණවුම් කරන ලෙසයි.
ඒ වෙනුවෙන් මම මෙම ව්‍යාපාරයේ හිමිකරුවා සහ ව්‍යවසායකයෙක් විදියට ව්‍යාපාරයේ කොටස් සියයට 51ක් 2025 වසරේදී සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට පැවරීමට සූදානම්. ඊට අමතරව මෙම අපේක්ෂිත ආදායමත් සමඟ මෙම ව්‍යාපාරික නාමය තවදුරටත් ව්‍යාප්ත කරමින් රට පුරා රැකියා නියුක්ත කරමින් ඔවුන්ට සරිලන වැටුපක් හා එම නියුක්තිකයන්ගේ පවුල්වලට මාසිවක සහල් සහ වියළි ආහාර ලබාදෙමින් තවදුරටත් දුකට පත්වූ ඔවුන්ව ශක්තිමත් කිරීමට හැකි වෙනවා. මෙමඟින් ඔබ නිර්මාණය කරන්නේ රටම බේරාගත හැකි ශක්තිමත් මහජන වයාපාරයක්.