
වැඩිවන මිලට ඔරොත්තු දෙන ආකාරයට ජනතාවගේ ආදායම ඉහළට ගන්න අවශ්‍යයි
1 දැනට මේ සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් යම් ගැටලුවකට අපි මුහුණ දී තිබෙනවා. නමුත් ඇති වූ සාකච්ඡා අනුවත් අපි පසුව ගත් ක්‍රියාමාර්ග අනුවත් එය නැවත යථාතත්වයට පත්කර ගන්න පුළුවන්කම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
විශේෂයෙන්ම මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් ඒ ඇතිවූ සිද්ධිය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කළා. ඒ වගේම මින් ඉදිරියට මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න ක්‍රියාමාර්ග ගන්න බවට සහතික වෙලා තියෙනවා. ඒ වගේම මේ සඳහා යම් නිලධාරී මට්ටමේ යම් බලපෑමක් සිදුවුණා යැයි යන අදහස අනුව දැනට නිලධාරියෙකුගේ වැඩ තහනම් කරලා තියෙනවා. ඉදිරියේදීත් ඒ පරීක්ෂණ සිදුකර නීතිමය පියවර ගැනීමට රජයක් ලෙස අපි කටයුතු කරනවා.
2 කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කළ යුතු කාර්ය හැකි ඉක්මනින් ඉටුකිරීමට අපි අපේක්ෂා කරනවා. අපි දන්නවා රටක් විදියට ඇත්තටම අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය, අද වන විට බරපතළම නරකම තත්ත්වයකට ආර්ථිකමය තත්ත්වයකට අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක පිළිගනිමින් මේ සඳහා විකල්ප සොයන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ආහාර නිෂ්පාදනයේ වගකීම බාරගෙන සියලුම දෙනාගේ සහයෝගය ලබාගෙන ඒ කටයුත්ත කිරීමට අපි සුදානමින් ඉන්නවා. මෙය පොදුවේ සියලු දෙනා විසින්ම ජාතික කර්ත්‍යවයක් ලෙස ඉටු කළ යුතු කාර්යයක්. එය එක් අමාත්‍යවරයෙකුට හෝ ආයතනයකට පමණක් පැවරෙන්නේ නැහැ.
සියලුම දෙනා ඊට දායක කරගන්න අවශ්‍යයි. සියලුම පක්‍ෂ එයට එකතු කරගන්න අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගත්තොත් අනෙකුත් අංශවලත් ධීවර ක්ෂේත්‍රයත් වැඩිදියුණු කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම අපේ සුළු හා මධ්‍ය කර්මාන්ත ක්ෂේත්‍රය පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. ඒවාට අවශ්‍ය මුල්‍ය සහන ලබා නොදීම වගේම අමුද්‍රව්‍ය නොලැබීම වැනි දේ ඒ පිළිබඳවත් අපි සම්පුර්ණ රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. දැන් තියෙන ආර්ථිකමය බරපතළ තත්ත්වය නිසා තමයි මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.
3 ශීඝ්‍රයෙන් භාණ්ඩ මිල ඉහළ යෑම සඳහා අපිට මෙතැනදී විකල්පයක් නැහැ. නිෂ්පාදනය කිරීමයි කළ යුතු වෙන්නේ. ඒ වගේම ඒ වැඩි වන මිලට ඔරොත්තු දෙන ආකාරයට ජනතාවගේ අදායම් ඉහළ යන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.
දැන් සෑම භාණ්ඩයකම මිල ගොඩක් වැඩියි වෙලා තියෙනවා. දියුණු රටවල්වල භාණ්ඩ මිල ගොඩක් ඉහළ යනවා. නමුත් ඒ අයට අදායමක් ලැබී තියෙනවා. ඒ නිසා ඒ රටවල අයට දැනෙන්නේ නැහැ. අපේ ප්‍රශ්නය තියෙන්නේ භාණ්ඩ මිල ඉහළ යෑම සහ අදායම අඩුවීමයි. ඒ නිසා පළවෙනි දේ අපි උත්සාහ ගත යුත්තේ හැම කෙනෙක්ගේම ආදායම වැඩිකිරීමට අවශ්‍ය පියවර ගැනීමටයි.
4 විකල්ප ආහාරවලට අපිට යා හැකියි. සහල් නිෂ්පාදනයේ අඩුවීමක් තියෙනවා. ආනයනය කරලා යම් වැඩි මුදලකටයි පරිභෝගිකයාට අලෙවි කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා සහල් සඳහා විකල්ප ආහාර සඳහා අපි ගොවි ජනතාව පොලඹවමින් සිටිනවා. මුං, කවුපි, කුරක්කන්, උඳු ආදී දේවල් වගා කරවන්න.
ඊට අමතරව අල, බතල වගාව ප්‍රවර්ධනය කරන්න. ඒ වගේම කොස්, දෙල් වැනි විකල්ප පරිභෝජන විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා. ඒ නාස්ති වෙන ප්‍රමාණය ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඵලදාව හිඟ කාල සඳහා කල්තබා ගැනීමේ ක්‍රමවේද සකසා ගත යුතුයි. විජලනය හෝ වෙනත් ක්‍රමවේදයක් මඟින් එය සිදු කළොත් අපිට යම් මට්ටමක සහනයක් ලබාගන්න පුළුවන්.
5 රට මුහුණ පා තිබෙන ආර්ථිකමය ප්‍රශ්නය සියලු ක්ෂේත්‍රයන්වලට බලපානවා, ඒ නිසා ප්‍රවාහන ක්ෂේත්‍රයටත් ඊට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයේ අයට ඒ වැඩ කරන දින ගණන අඩු කරන්න තීන්දු කරලා තියෙනවා. ඒ වගේම නිවසේ ඉඳන් වැඩ කරන්න ඒ අයව පෙලඹවීමක් කර තියෙනවා.
පාසල් දරුවනුත් මේ තත්ත්වය නිසා අපහසුතාවට පත්වෙලා තියෙනවා. පළවෙනි දේ තමයි අපිට අවශ්‍ය ඉන්ධන සපයා ගත්තොත්, විදුලි බලය ලැබුණොත් මේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න පුළුවන්. ඒ සඳහා මහන්සි දැරීමයි රජය කරන්නේ.
රජයට වැඩපිළිවෙළක් නැති නිසයි ජනතාව වඩාත් දුක් විඳින්නේ
1 මේ දේ කරන්න අධිකරණ බලපෑම්ක් තියෙනවාද කියලා සැලකිලිමත් විය යුතුයි. රජයේ මැදිහත්වීමක් නොවුණ නිසා ලොකු බලපෑමක් වෙන්න ඉඩක් නැති බවයි මගේ හැඟීම. මෙය සමාගමක් සමඟ තිබුණ ගැටලුවක් හැර රටක් ලෙස ඇතිවූ ගැටලුවක් නොවෙයි. මේ සියලු ආයතනවල නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම හොඳ නම්, මේ රටේ ප්‍රශ්න මීට වඩා හොඳින් විසඳෙයි කියලා අපි හිතනවා.
2 කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ටත් දැන් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. වත්කම් තියෙන කෙනෙක්ටවත් අද තියන මිල දරාගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් කොළඹ ගත්තොත් සාමාන්‍යයෙන් කඩල, ඉඳිආප්ප තම්බලා ජීවත්වෙන කුඩාම ව්‍යවසායකයන්ට තියෙන ගැටලුව ගෑස් නැතිවීමයි. ඉස්සර මේ අය ගෑස් පාවිචිචි කළේ. කුඩා, මධ්‍යම හා මහා පරිමාණයේ ආදී වශයෙන් ව්‍යවසායකයන්ට මේ දේවල් ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා.
3 පළමුවෙන්ම කළ යුත්තේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කිරීමයි. පාරිභෝගික අධිකාරිය ඉස්සර කොහොමද කටයුතු කළේ? ඒ අයගේ බලය පාවිච්චි කළා. අද පාරිභෝගික අධිකාරියේ ඒ සඳහා පත් වුණ බලධාරීන් ඉන්නවා, රටට දැනට තියෙන ලොකුම ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය. ඩොලර් සංචිතය වැඩිකර ගන්න විදෙස් විනිමය අපේ රටට අවශ්‍යයි. රටට විදේශ විනිමය ගෙන අංශ කෙරෙහි ප්‍රමුඛතම අවධානය යොමු කළ යුතුයි. අපේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන වියදම වැඩිවෙලා තියනවා. අවුරුදු 40 ට ඉස්සෙල්ල මේ රටේ ඇඟලුම් ක්ෂේත්‍රය පටන්ගන්න කොට තිබුණ තත්ත්වය නෙවෙයි අද තියෙන්නේ. එදා රුපියල් 300 ට වැඩ කළා නම් අද රුපියල් 2,000ටවත් වැඩ කරන්න ඕනෙ. ඒ වගේම අපේ රටට ආයෝජකයෝ ඒම නැතිවෙලා තියෙනවා. මේ ඇගලුම් ක්ෂේත්‍රයේ තියෙන කර්මාන්ත නඟා සිටුවන්න සහයෝගය අවශ්‍යයි. තේ නිෂ්පාදනය ගත්තත් එයින් ජීවත්වෙන ලක්ෂ 25- 30 ක් මේ රටේ ඉන්නවා. කුරුඳු, ගම්මිරිස් ටිකක් අපනයනය කරලා ආදායමක් ලබන්න පුළුවන්. මම කියන්නේ මේ වෙලාවේ ප්‍රමුඛතම අවශ්‍යතාව අපනයනය මඟින් ඩොලර් එන දේවල් කළ යුතු බවයි. අපි දේශපාලනය කෝණවලින් නෙවෙයි බලන්න අවශ්‍ය වෙන්නේ. අපිට දේශපාලනයට එහා ගිය දෙයක් තියෙනවා.
4 විකල්ප ආහාර කියලා මේ කියන්නේ බතල, මඤ්ඥොක්කා වවන්න කියලනේ. කෘෂිකර්ම ඇමැතිවරයාත් කියලා තිබුණා වවන්න කියලා. ජනතාවට මේ දේවල්වලට ආදර්ශයක් අවශ්‍යයි. අද ගොවිජන සේවා මාධ්‍යස්ථානවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මොකක්ද කෙරෙන කාර්යය. වවන්න කියලා කිව්වට ඉඩම් කොහෙද තියෙන්නේ. සමහර මිනිසුන්ට ඉඩ තියෙන්නේ ඉන්න තැන විතරයි.
තට්ටු නිවාසවල ජීවත්වෙන අයට වවන්න ඉඩ තියෙන්නේ කොහෙද? ඇත්තටම කළමනාකරණය තමයි කළ යුත්තේ. අපි සියලුදෙනාටම අහාර ගත්ත ක්‍රමයේ යම් වෙනසක් කරන්න වෙනවා. මන්දපෝෂිත සමාජයක් බිහිවෙන දේවල් වළක්වා ගත යුතු වෙනවා. ගෙදර වවාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් තාමත් මේ රටට අවශ්‍ය දේ කරන්න ආණ්ඩුවට බැරි වුණා. දැන් හොඳටම පරක්කු වැඩියි. ළඟ එන ආහාර අර්බුදයට වගේම ආර්ථික අර්බුදයට මේ අය ළඟ විසඳුමක් නැහැ. ඒ නිසා මම හිතන්නේ සියලු දෙනාම ඉදිරියේදී තම තමන් තමන්ගේ යුතුකම ඉටුකරන්න අවශ්‍යයි. සියලුදෙනාම අර්බුදයකට මුහුණදීලා ඉන්නේ. ඉදිරියේදී සියලු දෙනාට තවත් අසීරු වුවත් ඒ සඳහා මුහුණ දෙන්න අවශ්‍යයි.
රජයට වැඩපිළිවෙලක් නැති නිසයි ජනතාව වඩාත් දුක් විඳින්නේ. ඒ නිසා අපි සියලු දෙනාම ජනතාව හැටියට මේ අර්බුදයට හැඩගැහෙන්න ඕන. අපි හැමදේ ගැනම අරපරෙස්සමින් කටයුතු කරන්න අවශ්‍යයි. ජනතාව විසින් දෙන්න පුළුවන් උපරිම දායකත්වය මේ වෙලාවේ ලබාදෙමින් කොහොමද අපි කටයුතු කරන්න ඕන කියන තැනට යන්න ඕන.
5 ඇත්තටම කිසිම විකල්ප ක්‍රමවේදයක් නැහැ. ප්‍රවාහන අපහසුතා හින්දා දැන් පාසල් ළමුන් ලොකු අර්බුදයක ඉන්නවා. ප්‍රවාහන අපහසුතා ගැන කතාකරන්න පෙර මේ දරාගන්න බැරි ප්‍රවාහන ගාස්තුවට විසඳුම් සෙවිය යුතුයි. මේ දේවල් එක දම්වැලක පුරුක් එකිනෙක බැඳිලා තියෙන්නේ. ළමයින්ට කන්න නැත්නම්, හරියාකාරව පාසල් දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි නම් ආණ්ඩුවකින් ඇති වැඩේ මොකක්ද? අඩුම තරමින් කූපන් ක්‍රමයක්වත් පාසල් බස් රථ සඳහා සැකසිය යුතුයි. පාසල් ළමයින්ගේ ප්‍රවාහන අනිවාර්යය සාධකයක්.
දරුවෝ කියන්නේ රටේ අනාගතය. ලංගම බස්රථවත් යොදාගෙන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. අපි ඔක්කොම අසරණ වෙලා ඉන්නේ. අපිට ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න බැහැ.
ඉන්ධන බෙදාහැරීම සඳහා සලාක ක්‍රමයක් ආණ්ඩුව හදන්න ඕන
1 දෙරටේ මිත්‍රත්වය කෙරෙහි වගේම අපේ සංචාරක ක්ෂේත්‍රයටත් තේ අපනයනයටත් මෙය සෘජුවම බලපානවා. මේ ප්‍රශ්නය ගොඩින් බේරගන්න තිබුණා. රුසියන් ගුවන්යානාවලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂාව සපයනවා. ලංකාවට එන්න පුළුවන් අපි කිසි තහනමක් දාලත් නැති බව මාර්තු මාසයේදී ගුවන් සේවා අධිකාරියෙන් ලිඛිතව දැනුම් දීමක් කරලා තිබෙන බවට සහතිකයක් දෙනවා. ඒ මත තමයි ජාත්‍යන්තර ගුවන් සබඳතා පවතින්නේ. එහෙම තිබියදී තමයි එකපාරටම මේක නවත්වන්නේ. ප්‍රශ්නය ඇවිත් අවුල් වුණාට පස්සේ විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත් වෙලා ඒක බේරනවා. ඇත්තටම එතකොට පරක්කු වැඩියි. වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඒ නිසා ඊට කලින් ආණ්ඩුවට තිබුණා මේ ප්‍රශ්නය ගැන අවධානය යොමුකරලා, එකෙන් රටට වෙන්න පුළුවන් බලපෑම ගැන හිතලා ක්ෂණික මැදිහත්වීමක් කරන්න. එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න වග බලා ගන්න තිබුණා. ඒක දැන් අශ්වයා පැන්නට පස්සේ ඉස්තාලය වහනවා වගේ. පිස්කල්ලාගේ වැඩ තහනම් කර කර වෙනදේවල් කරලා වැඩක් නැහැ.
2 පළවෙනි කාරණාව කෙටි කාලයක් සඳහා වූ බදු සහනයක් දෙන්න අවශ්‍යයි. කුඩා හා මාධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කරන්නේ බැංකු ණය අරගෙන. ආණ්ඩුව බැංකු ණය පොළිය වැඩි කළා. අමුද්‍රව්‍ය මිලත් වැඩි කළා. මෙය ප්‍රධාන වශයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ අයට සෘජුව බලපානවා. නමුත් කරන්න ඕනි කුඩා හා මධ්‍ය පරිමාණ අයට යම් කෙටි කාලයක් සඳහා බදු සහන දීලා, ණයවලට යම් සහනදායි ක්‍රමවේදයක් හඳුන්වා දීලා ඒ අයගේ නිෂ්පාදන වැඩිකිරීම සඳහා දිරිගැන්වීමක් කරන්න අවශ්‍යයි. නමුත් එහෙම වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැහැ. ඒකෙ අනිත් පැත්ත තමයි තියෙන්නේ. අපේ ආනයන වියදම ඩොලර් මිලියන විසිදාහයි. අපනයන අදායම ඩොලර් මිලියන දොළොස් දාහයි. මේ පරතරය වෙනස් කරගන්නේ නැතුව අපේ අපනයන වැඩිකර ගන්නේ නැතුව මේ රට ආර්ථික අර්බුදයෙන් කවදාවත් ගොඩගන්න බැහැ. අපනයන මත පදනම් වූ ආර්ථිකයකට අපි මාරුවෙන්න ඕන. දැන් අවුරුදු හතළිහක් පනහක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙත් මේ දේමයි. මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න නම්, අපි භාණ්ඩ හා සේවා අපනයන මත පදනම් වූ ආර්ථිකයකට යා යුතුයි.
එතැනදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කියන්නේ අපේ ආර්ථිකයෙ එන්ජිම එනම්, මුලින්ම සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නඟාසිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ක්‍ෂුද්‍ර, සුළු හා මාධ්‍ය වර්ග තුනම නඟාසිටුවන්න නම් ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕන.
3 දැන් රටේ ආණ්ඩුවක් සහ පාලනයකුත් නැහැ. ඒ නිසාම වෙළෙඳ මාෆියාවක් ඇවිත් තියෙනවා. එහිදී හාල්, සීනි, එළවළු, කිරිපිටි සහ සිමෙන්ති කොට්ටයේ මිලත් කීයද කියලා තීරණය කරන්නේ වෙළෙඳපොළ මාෆියාව. ඒකට ඉඩ දීලා තියෙන්නේ ආණ්ඩුවයි. පරිභෝගික අධිකාරිය සහ වෙළෙඳ ඇමතිවරයෙක් ඉන්නේ ඒ පාලනය ඇති කරන්නයි. නමුත් අද වෙලා තියෙන්නේ, ඒ පාලනය සම්පුර්ණයෙන්ම ආණ්ඩුව අතහැරීමයි. භාණ්ඩ හිඟයකුත් ඇතිවෙලා තියෙනවා.පෙට්‍රල්, ඩීසල් නැහැ. ඩීසල්, පෙට්‍රල් සමහර තැන්වල වැඩි මිලට විකුණනවා. මේවා පාලනය කිරීමට නම් නිවැරදි ක්‍රමවේදයක් සහ විධිමත් පාලනයක් අවශ්‍ය වෙනවා. එසේ නොමැති නම් මෙයින් පාරිභෝගිකයෝ තවත් බැට කනවා. කූට ව්‍යාපාරිකයන් අසීමිත ලාභ ලබනවා. ඒ නිසා ආණ්ඩුව මැදිහත් වූ පාලන ක්‍රමයක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි.
4 විකල්ප ආහාර නිෂ්පාදනය සඳහා රටේ ජනතාව පෙලඹිය යුතුයි. කෘෂිකර්මාන්තය වගේම කුකුළු, එළුවන් වැනි සත්ත්ව නිෂ්පාදන වැඩි කරන්න ඕන. සත්ත්ව ආහාරවලත් හිඟයක් ඇතිවෙලා තියෙනවා. අපිට ඉදිරියේදී අාහාර හිඟයක් එනවා කියලා දැන් පැහැදිලියි. ආර්ථික අර්බුදයක් ඇති වුණා වගේම අහාර අර්බුදයකුත් දැනටමත් ඇතිවෙලා තියෙන්නේ. ඉදිරියේදී ඒක තවත් වැඩිවෙනවා. ආහාර උද්දමනය සියයට 57යි. ඩොලර් ප්‍රශ්නයත් එක්ක සමහර ආහාර පිටරටින් ගෙන්වන එකත් වැළකී තියෙනවා. නමුත් රට තුළ ආහාර නිෂ්පාදනයට මැදිහත් වීමේ අවශ්‍යතාව තියෙනවා. වගාවට අවශ්‍ය අමු ද්‍රව්‍ය, බීජ පොහොර පළිබෝධනාශක වැනි දේවල් සපයන්න වෙනවා. එහෙම නැත්නම් ගොවියාට වගාකරන්න කිව්වට වගාකරන්න බැහැ .ඒ නිසා දැන් ආහාර නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන මූලික අමුද්‍රව්‍ය රජය මඟින් වහාම ගොවියාට මිලක් ගෙවා හෝ ලබා දිය යුතුයි. නොමිලේ දෙනවා කීම දැන් හීනයක්. ගොවීන්ට මුදලට ගන්නවත් අත්‍යවශ්‍ය පොහොර සපයන්න රජය මැදිහත් වෙන්න ඕන.
5 දැනට ඉන්ධන අර්බුදයක් තියෙනවා. ඒ ඉන්ධන බෙදාහැරීම විධිමත් විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මුලදී කිව්වා ලංගමට තෙල් දෙන බව. ඉන්පසුව කිව්වා ලංගම වාහන විතරක් නෙවෙයි පෞද්ගලික, පොදු බස් රථ සහ පාසල් වෑන්රථවලටත් ලංගමෙන් ගන්න පුළුවන් කියලා. නමුත් ලංගම එහෙම දෙන්නේ නෑ. පෞද්ගලික බස් රථ හිමියන් කියන්නේ සතියක් විතර ඒක කළා, ඊට පස්සේ ඒක එහෙම නැවතුණා. දැන් දෙන්නේ නැහැ. අධ්‍යපනය රටේ ප්‍රධාන සාධකයක්. ඉන්ධන බෙදාහැරීම සඳහා සලාක ක්‍රමයක් ආණ්ඩුව හදන්න ඕන. එතකොට පාසල් බස් රථ හා විවිධ බස් රථ තියෙන අය සඳහා යම්කිසි හඳුනා ගැනීමේ කාඩ්පතක් දීලා ඒ අයට ලබාදෙන ඉන්ධනවලට සලාකයක් දෙන්න අවශ්‍යයි. අපි කියන්නේ තෙල් බෙදාහැරීම සඳහා එවැනි විධිමත් යාන්ත්‍රණයක් එනම්, සලාක ක්‍රමයක් හදන්න අවශ්‍යයි. එවැනි ක්‍රමයක් මඟින් තෙල් බෙදාහැරීම සාධාරණ ක්‍රමවේදයක් ඇතිකිරීමෙන් තමයි මේ ගැටලුවට යම් හෝ උත්තරයක් ලැබෙන්නේ.