බැංකොක් හිදී පැවති පිරිමි හොකී ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ පස්වැනි ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම 2023 වසරේ දී පැවැත්වීමට නියමිත (2022 චීනයේ පැවැත්වීමට තිබු ආසියානු ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීමට තිරණය කර තිබේ.) ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා වරම් දිනාගෙන තිබෙන නමුත් දැන් මතු වී තිබෙන ප්රශ්නය වන්නේ අධික වියදම් කියලා අපිව ආසියානු තරගාවලියෙන් ඉවත් කරලා තියෙන්නේ. දැන් අපිට තිබෙන ලොකුම ප්රශ්නය තමයි අතින් වියදම් කරගෙන ගිහින් සුදුසුකම් ලබලත් ප්‍රයෝජනයක් වෙයි ද? කියන එක යැයි ජාතික හොකී කණ්ඩායමේ නායක තරංග ඉරෝෂ් ගුණවර්ධන අප හා පැවැසීය.
හොකී ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබිමේ තරගාවලියට, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ප්‍රථම ස්ථාන 6 අතර සිටින කණ්ඩායම් චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අවස්ථාව හිමි වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව විසින් 5-2ක් ලෙස සිංගප්පූරුව පරාජය කළ ද, ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මූලික වටයේදී බංග්ලාදේශය හමුවේ ගෝල් 05 – 02 ක් ලෙස ද, ඉන්දුනීසියාව හමුවේ 03 – 01 ක් ලෙසද පරාජය වීම නිසා 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා වූ ස්ථාන තෝරා ගැනීම වෙනුවෙන් පැවැති තරගවල දී 5-2ක් ලෙස හොංකොං පරාජය කරමින් සහ උස්බෙකිස්තානය හමුවේ 3-3ක් ලෙස තරගය සමව අවසන් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුයේ පස්වැන්නා ලෙස තරගාවලිය අවසන් කරමිනුයි.
ඕමානය 6-2ක් ලෙස පරාජය කරමින් බංග්ලාදේශය ද ප්‍රථම ස්ථාන 6 සඳහා අවස්ථාව දිනා ගත් අතර ඒ අනුව තායිලන්තය, ඉන්දුනීසියාව සහ උස්බෙකිස්තානය යන රටවල් ද ශ්‍රී ලංකාව, ඕමානය සහ බංග්ලාදේශය සමඟින් අවසන් 6 සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
2014දී සුදුසුකම් ලබලා අවුරුදු 38කට පස්සේ කොරියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලට ගියා. 2018දිත් අපි ගිහින් අට වැනි ස්ථානය දිනා ගත්තා.2022 තරගාවලිය කල් ගිහින් තියෙන්නේ මෙවර මොනවා වෙයි ද කියලා තමයි බලා ගෙන ඉන්න වෙලා තියෙන්නේ.
රටවල් 09 ක සහභාගිත්වයෙන් පැවැති ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ පිරිමි හොකී තරගාවලියේ වැඩිම ගෝල් රැස් කිරීමේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු සමත් වු අතර, විපුල් ධනුෂ්ක කැපී පෙනුණේ තරගාවලිය පුරාවට ගෝල 7ක් වාර්තා කරමින් වීම විශේෂත්වයකි. එමෙන්ම තරගාවලියේ දී දෙවතාවක් තරගයේ වැඩිම ගෝල්ලාභියාට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නටත් විපුල් සමත් විය.විපුල් 2021 ජාතික කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේය
තරග 05 ක් ආශ්‍රිතව විපුල් ධනුෂ්ක රැස් කළ ගෝල් සංඛ්‍යාවේ 07 කි. සිංගප්පූරුවට එරෙහිව වාර්තා කළ ගෝල් ත්‍රිත්ව අවස්ථාව ද ඒ අතරේ වීම සුවිශේෂි සිදුවීමකි.
ඉන්දුනිසියාව මැච් 12ක් ගහලා මේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ආවේ.ඕමානය තරගාවලියක් ක්‍රීඩා කරලා ඇවිත් තිබුණේ.අපිට දෙපිල බෙදිලා හරියට පුහුණු තරගයක් ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන් නෑ.අනුග්රහකයෙක් අපිට හිටියේ නෑ. ක්‍රීඩකයෙකුට රුපියල් 180,000/=ක් විතර වියදම් වුණා.දවසකට ඩොලර් 60ක් කිව්ව ම මම කතා කරලා තමයි ඩොලර් 25කට අඩු කර ගත්තේ නැත්නම් ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂ 300,000/=ක් විතර වියදම් වෙනවා.
මම මේ තරගාවලියට යන්න කළින් ම සියලු දෙනා ඉදිරියේ තියාගෙන කරපු ඉල්ලීම තමයි,මොනම හේතුවකටවත් මේ ටීම් එක නම් වෙනස් කරන්න එපා කියපු එක. 2014දී අපි බංග්ලාදේශයේ තිබ්බ සුදූසුකම් ලැබීමේ තරගාවලියට අතින් වියදම් කරගෙන ගිය ක්‍රීඩකයන් නෙවෙයි ආසියානු ක්‍රීඩා උෙළලට ගියේ වෙන අයයි. මම කිව්වේ මේ පාර නම් ඒ දේ කරන්න එපා කියලයි.යැයි නායක ඉරෝෂ් ගුණවර්ධන වැඩි දුරටත් පැවැසිය.
උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තරගය සඳහා නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල 03 – 03 ක් ලෙස සම තත්ත්වයක පසු විය.
මෙවර තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේදී බංග්ලාදේශය පරදා ගෝල 06 – 02 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ඕමානයට හැකි විය.
අවසන් පූර්ව වටයේදී ඕමානය හමුවේ ගෝල 02 – 00 කින් ඉන්දුනීසියාව ද බංග්ලාදේශය හමුවේ තායිලන්තය ගෝල 04 – 01 ක් ලෙස ද පරාජය ලැබීය.
2018 වසරේ පවත්වන ලද අවසන් වර තරගාවලියේ ශූරතාව ඕමානයටද අනුශූරතාව බංග්ලාදේශයටද ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවටද සිව් වැනි ස්ථානය තායිලන්තයටද හිමි විය.