මෙවර (2022) IPL අවසන් මහා තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් කිරුළ දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. අයි.පී.එල්. තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායම් දෙකෙන් එකක් වූ ගුජරාට් කණ්ඩායම සිය මංගල තරගාවලියේදී ම කිරුළ දිනා ගැනීමට සමත්වීම ද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. තරගාවලියේ ශූරතාව දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 20කි. අනුශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 12.5ක මූල්‍ය ත්‍යාගයක් හිමි විය. අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ගුජරාට් ටයිටන්ස් නායක හර්ද්‍රික් පාණ්ඩ්යො. ඒ, ඔහු තුන් ඉරියව්වෙන්ම දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්ය. තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ සන්රයිසස් හයිද්රාරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන උම්රාන් මලික් ය.