හැම වෙලාවේ ම කණ්ඩායම එක වෙන්න ඕනෑ | Page 2 | සිළුමිණ

හැම වෙලාවේ ම කණ්ඩායම එක වෙන්න ඕනෑ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගමාලාව බංග්ලාදේශයේ දී පැවැත්වේ. නවතම ටෙස්ට් ශ්‍රේණීගත කිරීම්වල ශ්‍රී ලංකාව හත්වැනි ස්ථානයේ පසුවන අතර, බංග්ලාදේශය නවවැනි ස්ථානයේ පසුවෙයි. ඔස්ට්‍රේලියාව, ඉන්දීයාව, නවසීලන්තය පිළිවෙළින් පළමු,දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙයි. ටෙස්ට් ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දීයාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් පළමු ස්ථාන පහේ රැදි සිටියි. 

පසුගිය සති දෙකක කාලයේ වැඩ වලදි වැඩි කාලයක් ගත කළේ සංඛ්‍යා දත්ත ගැන වැඩි අවධානයක් යොමු කරන්න. විශේෂයෙන්ම මේ සංඛ්‍යා හරහා දියුණුවිය හැකි ආකාරය ගැන වැඩි අවධානයක් යොමු කළා. ඒ අතරින් එක් දෙයක් තමයි ලකුණු ලබා ගැනීම සඳහා තියෙන උනන්දුවය. ඒ තැනට යන්න පුහුණුකරුවන් විදියට අපි පිතිකරුවන්ට විශ්වාසයක් ලබා දිය යුතුයි. විශේෂයෙන් කඩුලු ගැන බය නැතුව ලකුණු ලබා ගැනීමේ චේතනාව ඉදිරියට ගෙන යන්න ඕනෑ. පිතිකරුවන් තුළ ඒ ගැනයි වැඩිම විශ්වාසය ඇති කරන්න උත්සහා කරන්න ඕනෑ. ඒකෙන් කියන්නේ නෑ අපි නොසැලකිලිමත් විදියට ක්‍රීඩා කළ යුතුයි කියලා. මගේ අදහස වෙන්නේ අපි බුද්ධිමත්ව ඒ ඉලක්කයට යා යුතුයි යැයි මෙතෙක් දිනක් නිහඬව තමන් නිරතව සිටි කාර්යය පිළිබඳ එසේ අදහස් දක්වා සිටියේ

මිකී ආතර්ගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළමු මාධ්‍ය හමුවට එක්වෙමින්ය. ක්‍රිස්ගේ පළමු වගකීම වන්නේ මේ මස මැදදී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක්වන විට සති දෙකක පමණ කාලයක් ඉක්මවා තිබුණු අතර, පූර්ණ කණ්ඩායම සමඟින් නොවුණත් ටෙස්ට් සංචිතයට අයත් ක්‍රීඩකයන් සමඟ සිල්වර්වුඩ් ගෙවුණු සති දෙකක කාල සීමාවේදී පුහුණුවීම් වලට එක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ විශ්වාසය සහ විනය ඇති කිරීම සිය ධුර කාලයේ මූලිකම අරමුණ බවට පත්ව තිබෙන බව පවසන ක්‍රිස් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරි ස්ථානයන් දක්වා රැගෙන යෑමද සිය ඉලක්ක අතර ඉහළින් ම තිබෙන බව ද අවධාරණය කළේය.

වසර 2 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ක්‍රිස් සිල්වර්වුඩ්ට අමතරව කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වන නවීඩ් නවාස් මෙන්ම කළමනාකාරීත්වයට අලුතින් පත් මහින්ද හලංගොඩ ද මෙකී මාධ්‍ය හමුවට එක්වුහ.

නව කළමනාකරුවා සහ සහාය පුහුණුකරුවා දෙපසින් තබා ගෙන සිය අදහස් දැක්වීම සිදුකළ ක්‍රිස්, මම ක්‍රීඩකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ධනාත්මකව සහ නිර්භීතව ක්‍රීඩා කිරීමයි. ඒ ආකල්පයෙන් අපි තරගයට ගියොත් අපිට අවශ්‍ය විදියට ක්‍රීඩා කරන්න පුළුවන්. විශේෂයෙන්ම නිලකුණු පන්දු සංඛ්‍යාවන් අඩු වෙලා ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි වෙන එක වගේ හොඳ දෙයක් වෙන්න පුළුවන්. අනවශ්‍ය ආකාරයෙන් වූ පුළුල් පරාසයකට ගොස් සිය පුහුණුවීම් සිදු කිරීමට වඩා තත්ත්වයන්ට අනුකූල වන ලෙස පුහුණුවීම ඉතා යෝග්‍යයයි. මම නිතරම ක්‍රීඩකයින්ට පෙන්වා දෙන්න උත්සාහ කරන දෙයක්. එහෙම වුණාම ඔබ පුහුණුවීම් වලට එනවාට වඩා හොඳින් ඔබ පුහුණු දැලෙන් එළියට යෑමට හැකියාවක් තියෙනවා.

එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ සිල්වර්වුඩ් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අලු බඳුන ක්‍රිකට් තරගාවලියේ පරාජයත් සමඟම සිය ධුරයෙන් ඉවත් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර තමා බාර ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන පුහුණුකරුවන්ගෙන් තමා මේ භාර ගැනීමට යන්නේ කුමන ආකාරයේ කණ්ඩායමක් ද යන්න සොයා බැලු බවද සඳහන් කරයි.

මේ තනතුර බාර ගැනීමට කලින් මම බලපු එක දෙයක් තමයි මේ කණ්ඩායමේ වෙනසක් මට කරන්න පුළුවන්ද? කියන එක. එතැනදි මම සිටියේ එහෙම වෙනසක් මටකරන්න පුළුවන් කියන ස්ථාවරයේ” යනුවෙන් ක්‍රිස් සඳහන් කරයි.

කොවිඩ් බලපෑම හේතුවෙන් වසර 2 කට අධික කාලයක් නිරුපද්‍රිත මාධ්‍ය හමුවක් පැවැති පළමු අවස්ථාව වශයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුව සටහන් විය. මාධ්‍යවේදීන් සමඟ ඉතාම සුහදශීලී ලෙසින් අදහස් දක්වා සිටි ක්‍රිස් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑම හරහා මෙරට ධජය ලොව ලෙළඳවීමට හැකියාව පවතින බවයි.

අපි අපේ කණ්ඩායම ඉදිරියට තල්ලු කරගෙන යන්න පුළුවන් වුණොත් අපිට නිසැකයෙන්ම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් මීට පෙර ශ්‍රී ලංකාව සිටි ප්‍රමුඛයින්ගේ ලැයිස්තුවට නැවතත් එන්න හැකියාව තියෙනවා. ඒවගේ ම මට අවශ්‍ය වන්නේ ක්‍රීඩකයකයන් තුළ වූ දක්ෂතා ඉහළට ගෙන එන්නයි. මෙහිදී ඔවුන් ඔවුන්ගේ අදහස් දැක්වීම අතශවශ්‍ය වන නමුත් ඔවුන් වෙනත් ක්‍රීඩකයකු වීමේ අවශ්‍යතාවයක් නැහැ. එතැනදී වැදගත්ම දේ තමයි මම කලින් කිව්වා වගේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයන් වෙනුවෙන් ජාතික කොඩිය ලොව තුළ ලෙළදීමයි” යැයි කියයි.

ඒ සඳහා වන අභියෝගයන් ගැන සඳහන් කරමින් සන්නිවේදනය ඉන් ප්‍රධාන තැනක් ගනු ලබන බවද ක්‍රිස් මෙකී මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය. ඒ තැනට යන්න තියෙන මට තියෙන එක් අභියෝගයක් තමයි සන්නිවේදනය කර ගැනීම. මම එහෙම කියන්නේ මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඉලක්ක ගැන ක්‍රීඩකයින්ට ලබා දීමට හැකි බව වූ සහතික වීමක් මගේ ළඟ තියෙන්න ඕනෑ. ඒ සඳහා මට නවීඩ් (නවාස්) විශිෂ්ට දායකත්වයක් ලබා දෙනු ඇතැයි ද ක්‍රිස් පවසයි.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන නොයෙක් මත පළ වූ බවත් ඒ ගැන වැඩි යමක් සඳහන් කිරීමට තමාට තවම කාලයක් නොමැති බවත් එහෙත් යෝග්‍යතාව සම්බන්ධයෙන් කුමන දේ කලත් ආකල්පය සැමවිටම කණ්ඩායම එක විය යුතුයි යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Comments