මේ වසරේ IPL තරගාවලිය ආරම්භ වීමට දින දෙකකට පෙර චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ අතර ඒ හේතුවෙන් එකී වගකීම රවීන්ද්‍ර ජඩේජාගේ කර මත පැටවුණි. නමුත් තරගාවලිය ආරම්භයත් සමඟ චෙන්නායි සුපර් කිංග්ස්ට සහ ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ට ද ගෙන ආවේ ම අසුන්දර අත්දැකීම්ය.එනම් ඔවුන් දිගින් දිගටම පරාජය විය. ඒ අනුව IPL තරගාවලිය මැද දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට ජඩේජා තීරණය කළේය.ඒ අනුව දෝනිට නැවත නායකත්වය හිමිවිය.
ජඩේජාට නැවත අවශ්‍ය වන්නේ ඔහුගේ ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමටය. ඒ නිසා ඔහු කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වී දෝනිට කණ්ඩායමේ නායකයා වන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව දෝනි නැවතත් කණ්ඩායමට නායකත්වය දෙන්නට එකඟ වී තිබේ. ඒ නිසා ජඩේජාට නැවත ඔහුගේ ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කළ හැකිය. ජඩේජාගේ නායකත්වය හේතුවෙන් මෙවර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඉතා නරක කල දසාවක් උදා විය. ජඩේජාගේ නායකත්වය යටතේ කණ්ඩායමේ විශේෂ දෙයක් නොවු අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වසරේ ක්‍රීඩා කළ තරග 8ක් අවසානයේ ජයගෙන ඇත්තේ තරග 2ක් පමණි. මෙම ජයග්‍රහණ දෙකත් සමඟ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන විට කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසුවෙයි. මේ හැරුණු විට ජඩේජාට කණ්ඩායමේ නායකත්වය බාර ගැනීමත් දැඩි පීඩනයක් වූ අතර ඔහු තරග 8කදී රැස් කළේ ලකුණු 112ක් පමණි.එපමණක් නොව පන්දු යැවීමේදී ද දවාගෙන ඇත්තේ කඩුලු 5ක් පමණි. පිටියේ පන්දු රැකීම ද ඉතා දුර්වල වූ නිසා ඔහුට මෙකී තීරණය ගෙන නායකත්වයෙන් ඉවත් වීමට සිදුවිය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය යටතේ ප්‍රේක්ෂකයන්ට නැවතත් දෝනිව දැක බලා ගැනීමට හැකියාව හිමි වෙයි. දෝනිගේ නායකත්වය යළිත් වරක් කණ්ඩායමට කෙසේ බලපානු ඇත්ද, පස්වැනි ශූරතාව ලබා ගැනීමට කණ්ඩායමට හැකි වේවිද යන්න දැන් බොහෝ දෙනා අතර ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
දෝනිගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඔවුන්ගේ දස්කම් වැඩි දියුණු කර ගැනීමට හැකි වේවිද? මන්දයත්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙතෙක් දස්කම් දක්වා ඇති ආකාරය, ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරවන සුළුය. ක්‍රීඩා ලෝලීන් නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නේ සෙසු කණ්ඩායම් පිටුපසින් තබා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නැවතත් ඉදිරියට ගොස් ශූරතාව දිනා ගැනීමට සමත් වනු ඇති බවය.
මෙවර IPL තරගාවලියේ ප්‍රබලම කණ්ඩායම ගැන අවධානය යොමු කරන විට, හර්ද්‍රික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රබල ලෙස ඉදිරියට පැමිණ තිබේ. මේ වසරේ දැනට ප්‍රබල ලෙස ම පසුබා ඇති කණ්ඩායම වන්නේ වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා රෝහිත් ෂර්මා ය. මුම්බායි ඉන්දියන්ස් IPL තරගාවලියේ දස්කම් දක්වන ආකාරය, රෝහිත් ෂර්මාගේ නායකත්වය පිළිබඳ ප්‍රශ්න මතුවෙමින් තිබේ. මෙම දස්කම් දෙස බලන විට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් වෙනුවට නව නායකයෙකු ළඟදීම දැකගත හැකිවනු ඇතැයි ක්‍රිකට් පුරාවෘත්තයක් අනාවැකි පළ කර තිබේ.
හර්ද්රික්ගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ දස්කම් විශිෂ්ටය. ගුජරාට් පිල තරග 6කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 5ක් ජයගෙන තිබේ. මෙම කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස විශාල හස්තය වී ඇත්තේද කණ්ඩායමේ නායක හර්ද්රික්ය. මේ නිසා ම ඔස්ට්‍රේලියානු හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක බ්‍රැඩ් හොග් ඉදිරි වසර 2 තුළ ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස හර්ද්‍රික් පත්වනු ඇතැයි අනාවැකි පළ කර තිබේ.
හර්ද්‍රික් පාණ්ඩ්‍යා ගුජරාට් ටයිටන්ස් පිලට නායකත්වය දෙන ආකාරය අගය කරමින් හොග් යූ ටියුබ් නාලිකාවට අදහස් දක්වා තිබේ. හර්ද්‍රික් අද දක්වා IPL හි භයානකම නායකයා බව ඔප්පු කරලා තියෙනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි වසර දෙක තුළ ඔහු ඉන්දීය කණ්ඩායමේ සුදු පන්දු ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළහොත් මම කිසිසේත් පුදුම නොවන බවයි.
ඔහු නායකයෙකු පීඩනයට ලක්ව සිටින විට, ඔහු විශිෂ්ට නායකත්වය පිළිබඳ දැක්ම ඉදිරිපත් කළේය. ඔවුන් පීඩනය ඉතා හොඳින් හසුරුවයි. හර්ද්රික්ගේ නායකත්වය ගැන හොග් ඉතා සතුටු වන බවත්, ඔහු ඉදිරි දිනවලදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස හර්ද්රික්ව බලා සිටින බවත් පවසයි. ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් පිට පිටම අර්ධ ශතක තුනක් ලබා ගනිමින් විශිෂ්ට තරග රටාවක නිරතව සිටින තුන් ඉරියව් ක්‍රීඩක හර්ද්‍රික් පාණ්ඩ්‍යා සෙනසුරාදා පැවසුවේ ඉන්දීය කණ්ඩායමට නැවත පැමිණීම තමන් අතේ නොමැති බවත් දැනට පවතින IPL තරගාවලියේ හොඳින් ක්‍රීඩා කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවත්ය.
ඉකිලි ආබාධයක් හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අවසන් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වූ පාණ්ඩ්‍යා තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, පළමු දෙය නැවත ඉන්දීය කණ්ඩායමට පැමිණීම මගේ අතේ නොවන බවත්ය. මම කුමන තරග ක්‍රීඩා කළත්, මම අවධානය යොමු කරන්නේ එයයි. 28 හැවිරිදි පාණ්ඩයා ඉන්දියාව වෙනුවෙන් ඔහුගේ අවසන් තරගය නොවැම්බර් මාසයේ නැමීබියාවට එරෙහිව පැවති ඩුබායි විස්සයි20 ලෝක කුසලානයේ දී ක්‍රීඩා කළේය.
කොන්දේ සැත්කමකට භාජනය කිරීමෙන් පසු ඔහුට පන්දු යැවීමට අපහසු විය. පාණ්ඩ්‍යා පැවසුවේ මේ දිනවල මම IPL තරගාවලියේ ක්‍රීඩා කරන අතර මගේ සම්පූර්ණ අවධානය යොමුව ඇත්තේ IPL තරගාවලියට පමණක් බවයි. අනාගතය කොතැනට දැයි ඔවුන් දකියි. මම දැනට ක්‍රීඩා කරන කණ්ඩායම ගැන අවධානය යොමු කරනවා.
සියලුම ආකාරයේ නිපන්දුවල අවසන් තීරණය ලබාදීම සඳහා තෙවැනි විනිසුරු වෙත දායක වීමට අවස්ථාව ලබා දිය යුතු බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ICC ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන පවසයි. දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම් අතර පැවති තරගයේ දී ඇති වු නිපන්දුවේ මතභේදය පිළිබඳ මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බව පවසා තිබේ.
ඒ අවස්ථාවේ පිටියේ සිටි විනිසුරුවරුන් දෙදෙනාගේ තීරණය වැරදි වන්නට පුළුවන්. මොකද විනිසුරුවරුන් කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු තමයි. ඕනෑම කෙනෙක් අතින් අත්වැරදීම් වෙන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ එතැන නෙමෙයි. දැනට තියෙන නීති රීති වලට අනුව එවැනි ආකාරයේ (ඉණට ආසන්න) නිපන්දුවල අවසන් තීරණය ලබා දීම තෙවැනි විනිසුරු වෙත ලබා දී නැහැ.
“ක්‍රිකට් ක්‍රීඩාවට මෙතරම් තාක්ෂණය උපයෝගී කරගන්න එකේ, එවැනි මතභේදාත්මක නිපන්දුවල පුනරූපන නැවත නැවත නරඹා එහි අවසන් තීරණය තෙවැනි විනිසුරුවරුන් වෙත ලබා දීමට හැකි ලෙස මේ තරග නීතිරීති යම් යම් සංශෝධන වලට ලක්වෙන්න ඕනේ කියලා මමත් පුද්ගලිකව විශ්වාස කරනවා. එහෙම වුනේ නැතිනම් ක්‍රීඩාවේ ජීව ගුණය බිඳ වැටීමට ලොකු අවස්ථාවක් තිබෙනවා යැයි මහේල ජයවර්ධන පවසයි.