සුපිරි පාපන්දු ශූර රොනාල්ඩෝට දැනුණු දරු දුක | Page 2 | සිළුමිණ

සුපිරි පාපන්දු ශූර රොනාල්ඩෝට දැනුණු දරු දුක

 

ඕනෑම දෙමව්පියෙකුට දැනෙන ලොකුම වේදනාව , සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හදා ගත්තේ ඔවුන්ගේ ළදරු පුතා මිය ගිය බව පවසමින් ය.

පෘතුගාලයේ ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නිවුන් දරුවන් අපේක්ෂා කරන බව නිවේදනය කළ අතර සඳුදා පැවසුවේ ළදරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු තමන් හැර ගිය බවයි.

අපේ පිරිමි දරුවා මිය ගිය පුවත බලවත් කනගාටුව සමඟ ප්‍රකාශ කරනවා. ඕනෑම දෙමව්පියෙකුට දැනෙන ලොකුම වේදනාව එයයි. අපගේ ගැහැණු දරුවාගේ උපත පමණක් අපට ශක්තිය ලබා දෙයි. මේ මොහොතේ යම් බලාපොරොත්තුවකින් හා සතුටින් ජීවත් වන්න ඒක විතරයි හේතුවකට තියෙන්නේ.

මේ මොහොතේ යම්කිසි බලාපොරොත්තුවකින් සහ සතුටකින් ජීවත් වීමට අපට ශක්තිය ලැබෙන්නේ අපේ දුවගේ උපත පමණයි.මේ වේලාවේ අපි ඉතාමත් දුෂ්කර කාලයක් ගෙවා දමන්නේ. අපේ දරුවා, ඔයා අපේ දේවදූතයා. අපි සදහටම ඔබට ආදරය කරාවි.

රොනාල්ඩෝ සහ රොඩ්රිගස් පැවසුවේ, අපගේ දරුවා මිය ගිය බව බලවත් ශෝකයෙන් ප්‍රකාශ කිරීමට සිදු වේ. එය ඕනෑම දෙමව්පියන්ට දැනෙන ලොකුම වේදනාව යැයි ද ප්‍රකාශ කරති.

මැන්චෙස්ටර් යුනයිටඩ් සහ පෘතුගාල පාපන්දු තරුව ඔක්තෝබර් මාසයේදී නිවේදනය කර තිබුණේ ඔහු සහ රොඩ්රිගස් නිවුන් දරුවන් අපේක්ෂා කරන බවයි. දෙසැම්බරයේදී ඔවුන් පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළහ.

නමුත් අවාසනාව ඔවුන් පසුපස පැමිණේතැයි නොසිතන්නට ඇත.

රොනාල්ඩෝ සහ රොඩ්රිගස් සඳුදා සමාජ මාධ්‍යවල සටහන් කළේ අපේ ගැහැණු ළමයෙකුගේ උපත පමණක් අපට මේ මොහොතේ යම් බලාපොරොත්තුවකින් හා සතුටින් ජීවත් වීමට ශක්තිය ලබා දෙන බවයි.

පස් වතාවක් පාපන්දු ලෝක ශූරයා වූ 37 හැවිරිදි රොනාල්ඩෝ සහ 28 හැවිරිදි රොඩ්‍රිගස් නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටියහ. රොනාල්ඩෝට දු දරුවන් හය දෙනෙකී. මේ අතරින් වැඩිමලා වන්නේ ක්‍රිස්ටියානෝ කනිෂ්ඨ ය.මව ගැන සඳහනක් නොවන අතර ඔහු එක්සත් ජනපදයේ උපත ලැබූවෙ 2010 දීය.ඊළඟට 2017 දී උපන් නිවුන් දරුවන්ගේ ද මව ගැන සඳහනක් නැති අතර දියණිය ඊවා ය.පුතු මාටියෝ ය. ජෝර්ජිනා 2016 දී මුණගැසුණු අතර ,තවත් දියණියක් 2017 නොවැම්බර් 12 වන දින බිහි කළ අතර ඈ ඇලානා ය.අලුත උපන් නිවුන් අතර දියණියක සහ පුතෙකී. මින් පුතු මිය ගියේ ය.

2017 ජූලි මාසයේදී චීනයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහුට දරුවන් තිදෙනෙකු සිටින බව පිළිගෙන ඇති අතර වසරක පමණ කාලයක් ජෝර්ජිනා සමඟ පෙම් සබඳතාවක් පවත්වමින් සිටින බව ද පැවසීය. මගේ වැඩිමහල් පුතා ක්‍රිස්ටියානෝ ඉතා සතුටුයි. ඔහු හොඳින් සිටින අතර ඔහුට තවත් සහෝදර සහෝදරියන් අවශ්‍ය බව පවසයි. ඔහුට මැජික් අංකය හත අවශ්‍යයි, මම හිතන්නේ ඒක හොඳයි කියලා.

ඔබේ වේදනාව අපගේ වේදනාවයි, ක්‍රිස්ටියානෝ, මැන්චෙස්ටර් යුනයිටඩ් ,මේ අවස්ථාවේදී ඔබට සහ පවුලේ අයට ආදරය සහ ශක්තියක් වන බව ද පවසයි.

ඉංග්‍රීසි ප්‍රිමියර් ලීගය සඳහනක් කරමින් පවසන්නේ ප්‍රිමියර් ලීගයේ සිටින සෑම දෙනාගේම සිතුවිලි සහ ශෝකය ඔබ සහ ඔබේ පවුලේ අය සමඟයි, ක්‍රිස්ටියානෝ යන්නයි.

වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් ද මෙහිදි මෙකී යුවළ සමඟ දුක ශෝකය සහ සහාය පෙන්වා ඇති අතර උසේන් බෝල්ට් ද ඒ අතර වෙයි.

Comments