මුදල් අයකර දරුවන් රවටන රැකියා විභාග | සිළුමිණ

මුදල් අයකර දරුවන් රවටන රැකියා විභාග

කලින් කලට විවිධ රැකියා විභාග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරයි. ඒ සඳහා අයදුම්පත්ද කැඳවයි. රැකියාවලට යාමට උත්සාහ කරන තරුණ දරුවන් කෙසේ හෝ මුදල් බැඳ විභාගවලට අයදුම් කරයි. තරුණ තරුණියන් විභාගවලට අයදුම්පත් ඉදිරිපත් කිරීම පමණි. විභාග පැවැත්වෙන්නේ නැත.

මේ පිළිබඳව තොරතුරු පනතට අනුව විමසූ විට පිළිතුරු ලබා නොදී ප්‍රශ්න මඟහැර යෑමට කටයුතු කරයි. මේ සඳහා හොඳම උදාහරණයනම් 2008 වසරේ අයදුම්පත් කැඳවු වාට්ටු ලිපිකරු හා දුරකථන ක්‍රියාකාරි උපස්ථායක ආදි තනතුරු සඳහා විභාගයයි. එම විභාගය මේ දක්වා පවත්වා නොමැත. ඒ පිළිබඳ කිසිදු ආරචියක් හෝ නැත. එහෙත් ඒ සඳහා මුදල්ද අය කළේය.

එසේම පසුව 2021 වසරේ අගෝස්තු මාසයේ ඔන්ලයින් මගින් අයදුම්පත් කැඳවා රු.600/=ක් අය කළ සෞඛ්‍ය කළමනාකරණ සහකාර විභාගය ගැනත් මේ දක්වාම කිසිදු තොරතුරක් නැත.

රටේ වැදගත් අමාත්‍යාංශයක් කිසිදු වගකීමකින් තොරව අසරණ දරුවන්ගේ මුදල් ගසා කෑම පහත් වැඩකි. මේ ගැන නිසි අවධානය යොමුකර විභාග නොපවත්වන්නේනම් දරුවන්ගේ මුදල් ලබා දීම හෝ කළ යුතුය. මාධ්‍යය ගැන හා ජනතාව ගැන හොඳ වැටහීමක් හා යමක් කිරීමට හැකියාවක් හොඳින් ඇති වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ගැන නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

සමිත ගුණවික්‍රම 
පඹුරන, මාතර

Comments