
‘පසුගිය දා මීගමුව වෙරළ උද්‍යානයේ දී මෙම වසරේ දෙවැනි වරටත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ බීච් වොලිබෝල් තරගාවලිය පැවැත්විණි. රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ දී සත්කාරක ශ්‍රී ලංකාව මෙම වසරේ එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මේ එම තරගාවලිය සම්බන්ධයෙනි.‘
එළැඹෙන විසි දෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උලෙළේ බීච් වොලිබෝල් තරග සඳහා ආසියානු කලාපයෙන් සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාවේ මලින්ත යාපා, අශේන් රශ්මික හා දීපිකා බණ්ඩාර, චතුරිකා මධුශානි සමන්විත කාන්තා කණ්ඩායමත් සමත් වූ හ. ඒ මීගමුව වෙරළ තීරයේ දී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අවසන් මහා තරගයේ දී පිළිවෙළින් මාලදිවයින සහ සිංගප්පූරුව පරාජයට පත්කරමිනි.
විසි දෙවැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ජූලි 28 සිට අගෝස්තු 8 දක්වා එංගලන්තයේ බර්මින්හැම් හි දී පැවැත්වීමට නියමිතය.
ශ‍්‍රී ලංකාව මැලේසියාව, සිංගප්පූරුව, මාලදිවයින සහ යන රටවල් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වූ හ.
මැලේසියාව, සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව යන රටවල් තුන පමණක් සහභාගි වූ කාන්තා අංශයේ තරගවල දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ චතුරිකා සහ දීපිකා යුගලය අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එම අවසන් මහා තරගයේ දී ද වට 2-0 ක් ලෙස සිංගප්පූරුව පරාජයට පත් කළ හ. කාන්තා අවසන් මහා තරගය 2/0 ක් ලෙස ලකුණු සටහන සටහන් වූයේ 21-18 ක් හා 22-20 ක් එලිසා සහ වියියූ පරාජය වු හ.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ද මූලික වටයේ සියලූම තරග ජයග‍්‍රහණය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයක් විය. ඔවුන් අවසන් මහා තරගයේ දී මාලදිවයිනේ සජිඩ් සහ නසීම් 21-13 ක් හා 21-13 ක් ලෙස තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් ජයගනු ලැබී ය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ මූලික වටයේ තරගවල දී මැලේසියාව (21-15 /20- 22 /15-10) 2/1ක් ලෙස ද, සහ සිංගප්පූරුව (14-21/21-18 /15-12) 2/1 ක් ලෙස ද පරාජය කළ හ.
පිරිමි අංශයේ මූලික තරගවල දී ශ‍්‍රී ලංකාව විසින් මාලදිවයින (21-18 /21-15),2/0 කින් ද, මැලේසියාව (21-16 / 21-15) 2/0කින් සහ සිංගප්පූරුව (21-10 / 21-16)2/0 කින් ද පරාජය කිරීමට සමත්විය.
ආසියානු කලාපයේ සෙසු බීච් වොලිබෝල් කණ්ඩායම් ලෙස බෲනායි, පාකිස්තානය ,ඉන්දියාව, සහ බංගලාදේශය මෙම තරගාවලියට සහභාගි නොවිණි. දෙදිනක් පුරා පැවැති මෙම තරගාවලියේ අනෙක් තරගවල දී කාන්තා අංශයෙන් මැලේසියාව පරදා සිංගප්පූරුව 2/1 ක් ලෙස, ජයග‍්‍රහණයක් වාර්තා කළේ ය. පිරිමි අංශයේ තරගවලදී මැලේසියාව සහ සිංගප්පූරුව අතර තරගයෙන් සිංගප්පූරුව තරගවට 2/0 (21/19 සහ , 21/11 ) ලෙස ද, මැලේසියාව සහ මාලදිවයින අතර තරගයෙන් මැලේසියා තරගවට 2/0 (21/19 සහ 21/18 ) ලෙස ද, මාලදිවයින සහ සිංගප්පූරුව අතර තරගයෙන් සිංගප්පූරුව තරගවට 2/0 (21/12 සහ 21/08 ) ලෙස ද ජය හිමි කර ගැනීමට සමත් විය.කාන්තා සහ පිරිමි තෙවැනි ස්ථාන දෙක ම මැලේසියාවට හිමිවිය.