![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/18/30.jpg?itok=28DAB2V2)
‘ක්‍රිකට් ක්‍රීඩාවේ උද්යෝගය රඳවන්නේ පිතිකරුවන් හා පන්දු යවන්නන් මෙන් ම පන්දු රකින්නන් පමණක් නොවේ. එය වැඩිදියුණු කරන්නට විනිසුරුවන් ද ප්රමුඛ කාර්යයක් ඉටුකරනු ලබයි. එහෙත් ඉන් සිදුවිය හැකි අඩුපාඩු අවම කරගැනීම සඳහා කාලානුරූපව, තෙවැනි විනිසුරුවන්, තරග තීරකවරුන්, විනිසුරුවන් ශ්‍රේණිගත කිරීම අරබයා ලකුණු ලබා දීමේ ක්‍රමවේද වරින් වර ක්‍රීඩාවට එක්විය. ඒ අතරින් විනිසුරු තීරණ වඩාත් අපක්ෂපාතී තත්ත්වයට පත්කළ හැකි ක්‍රමවේදය දැන් වැඩි වශයෙන් භාවිත වෙයි. මේ ක්‍රමවේදය ලොවට හඳුන්වා දී මාර්තු 25 වැනි දා ට වසර විසි පහකි. ඒ සම්බන්ධයෙන් තැබෙන සටහනකි මේ.‘
ICC විසින් 'Player Referral' සංකල්පය මත පදනම් වූ විනිසුරු තීරණ සමාලෝචන පද්ධතිය (UDRS හෝ DRS) තීරණ ගැනීමේ දී සහාය වීමට භාවිත කරන තාක්ෂණය පදනම් කරගත් පද්ධතියකි. UDRS හෝ DRS හඳුන්වන මෙය පිතිකරු දැවී ගියේද නැද්ද යන්න පිළිබඳ පිටියේ විනිසුරුවන් විසින් ගනු ලබන මතභේදාත්මක තීරණ සමාලෝචනය කිරීමේ දී භාවිත කරනු ලැබේ.
මෙය ලෝකයට හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකිකයකු බව ඔබ දන්නේ ද? ඇතැම් විට දැන සිටිනවා විය හැකිය. එය මෙම මාර්තු 25 වැනිදා වන විට විසි පස් වසරක් සම්පූර්ණ කරනු ලබන හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුව තිබේ.
එස ශ්‍රී ලාංකිකයා ඔස්ට්‍රේලියාවේ සේවය කරන සේනක වීරරත්න නමැති වෘත්තියෙන් නීතිඥයෙකි. 1997 මාර්තු 25 සේනක වීරරත්න විසින් ‘The Australian’ (ඔස්ට්‍රේලියාවේ ජාතික පුවත්පත) වෙත ලියන ලද ලිපියකින් DRS හෙවත් Decision Review System ක්‍රමය ගැන පළමු හෙළිදරව්ව කර ඇත. ඒ අනුව මෙම මස 25 වැනිදාට ඔහු විසින් සිදුකරන ලද මෙම සොයාගැනීමට 25 වසරක් සම්පූර්ණ වෙයි.
අයි.සී.සී. යට දැනුම් දෙන සැලසුම
සේනක වීරරත්නගේ මෙම යෝජනාව අයි.සී.සී. ය වෙත ඉදිරිපත් කරන්නට ඔහු කටයුතු කළේ 1997 වසරේ දී ය. ඒ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වූ උපාලි ධර්මදාස මාර්ගයෙනි. එහෙත් එම වසරේ ජුලි මාසයේ දී පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සේනක වීරරත්නගේ තීරණ සමාලෝචන පද්ධතිය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර නොතිබිණි. මෙම සියලු ප්‍රශ්න ගොඩනැඟෙන්නේ ඒ හේතුවෙනි.
2008 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සේනක වීරරත්න වෙනුවෙන් ICC වෙත කරුණු දැක්වීමක් සිදු කරන්නට කටයුතු කර තිබුණේ ය. ඒ ලොව පුරා විවිධ පුවත්පත්වලට DRS ක්‍රමය සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපි ලේඛන සහිත ලිපි ගොනුවක් ලබා දෙමිනි. එහෙත් අයි.සී.සී. ය ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට ලක් කෙරුණේ නැත.
"Player-Referral සංකල්පයේ කතුවරයා මමයි," ඔහු Marylebone Cricket Club (MCC) හි සභාපති කුමාර සංගක්කාර වෙත ලිපියක් යවා කලකට පෙර පවසා තිබිණි.
ICC 2009 දී DRS දියත් කරයි
2008 ජූලි 23/26 දා කොළඹ එස්.එස්.සී පිටියේ දී පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් DRS ක්‍රමය ප්‍රථම වරට පරීක්ෂා කරනු ලැබිණි. එසේ වුව ද, මෙකී ක්‍රමය ICC විසින් නිල වශයෙන් දියත් කරන ලද්දේ 2009 නොවැම්බර් 24/28 දී නවසීලන්තය සහ පාකිස්තානය අතර ඩනෙඩින් හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී ය. එය ප්‍රථම වරට එක්දින ජාත්‍යන්තර (ODI) තරගයක දී භාවිත කරන ලද්දේ 2011 ජනවාරි මස එංගලන්තයේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දී ය.
ටෙනිස්වලට ගිය ගෞරවය
UDRS (Umpire Decision Review System) හෙවත් DRS (Decision
Review System) ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පෞද්ගලිකව එවකට ICC හි විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් වෙත මේ සම්බන්ධයෙන් සේනක වීරරත්න විසින් කරන ලද ප්‍රකාශන ලිපි ගොනුවක් භාර දුන් නමුත් ICC හි විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන්,සේනක වීරරත්නට ඔහුගේ DRS ගැන කතාබහ කිරීමට අවස්ථාවක් හෝ ලබා දී නැත. ICC හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස රිචඩ්සන් පසුව ප්‍රකාශ කර ඇත්තේ UDRS පද්ධතිය ටෙනිස් වලින් උපුටා ගත් එකක් බවයි. Hawkeye (හෝක් අයි) තාක්ෂණය භාවිතයෙන් 2006 දී ටෙනිස් ක්‍රීඩාවේ වීඩියෝ නැවත ධාවනය කිරීම ආරම්භ වී තිබේ.
2009 නොවැම්බර් මාසයේ සිට UDRS භාවිතයේ පවතින බැවින් කතුවරයාට කෘතගුණ දැක්වීමක් වශයෙන් UDRS තවමත් හිමිකම ලබා නොදන්නේ මන්දැයි ගැටලුවකි. මේ සම්බන්ධයෙන් චෝදනාවක් හෝ තිබේ නම් ඒ සියල්ල කැඳවා පරීක්ෂණයක් පවා නොකර ‘සුදු නොවන’ අයගේ ප්‍රකාශයන් මකා දැමීමට ICCය ඉතා යටත්විජිතවාදී ආකල්පයකට අනුගත වන්නේ කතුවරයා සුදු නොවන නිසාදැයි විමසා බැලිය යුතුව තිබේ.
UDRS පද්ධතියේ නිර්මාපකයා කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා දක්ෂ තෙවන පාර්ශ්ව බේරුම්කරුවෙකු ඉදිරිපත් විය යුතුව ඇත්තේ එහෙයිනි.
අභාවප්‍රාප්ත ටෝනි ග්‍රේග් වරක් සේනක වීරරත්නට උපදෙස් දී ඇත්තේ UDRS ((Umpire Decision Review System) හෙවත් DRS (Decision Review System) පන්දුව සියතට ගැනීමට නම් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පූර්ණ නීත්‍යානුකූල සහාය ඇතිව අයිසීසීය සමඟ කටයුතු කළ යුතු බවයි.