
‘ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව සලකා බලන්න භාවිත කරන එක මිනුම් දණ්ඩක් තමයි ස්කින්ෆෝල්ඩ් කියලා කියන්නේ. මේ ඒ ගැන කතාවක්.‘
සමහර ක්‍රීඩා කරන අය කොච්චර ව්‍යායාම් කළත්, කොච්චර ආහාර පාලනය කළත් ඔවුන්ගේ ස්කින්ෆෝල්ඩ්ස් අඩු වෙන්නෙ නෑ කියලා පැමිණිලි කරලා තියෙනවා. පෝෂණවේදියකුට කියලා ආහාර කාලසටහන් හැදුවත් වැඩක් නැති වෙලාවල් තියෙනවා.
ස්කින්ෆෝල්ඩ් (Skinfold) ගැන කිව්වට ගොඩක් අය හරියටම මේ ස්කින්ෆෝල්ඩ් කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ. ස්කින්ෆෝල්ඩ් = මහත/තරබාරුකම එහෙම නෙමෙයි .
Skinfold කියන්නෙ ශරීරයේ මේද ප්‍රතිශතය මැනීම සඳහා සහ සමේ නැමීම් මැනීම වඩාත් සාධාරණ සහ කාර්යක්ෂම නිවැරැදි හා ප්‍රායෝගික සම නැමීමක් සිදු කිරීම සඳහා කරන, ලෝකය දැනට භාවිත කරන ප්‍රාථමික පරීක්ෂණවලින් එකක්.
සමේ නිශ්චිත ප්‍රදේශයක ඝනකම ඇසුරින් ශරීරයේ මේද ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි දී සිදු කරයි.
A.මුලින් ම පරීක්ෂණය සිදු කරන තැනැත්තා , පරීක්ෂාවට ලක් කරන තැනැත්තා ගේ තෝරා ගත් ශරීර කොටසේ මාංශ පේෂීන් හසු නොවන ආකාරයට සම, ඊට යටින් තිබෙන මේද ස්ථරය සමඟින් එසවීමක් සිදු කරනවා.
B.එම එසවීමේ මුඳුනේ සිට සෙන්ටිමීටර එකක් පමණ ගැඹුරට කැලිපරය යොදා තත්පර දෙකකින් පමණ සමේ ඝනකමේ මිම්මක් ලබා ගන්නා අතර මෙය ගණනය කරනු ලැබෙන්නේ මිලිමීටර් වලින්.
මෙවැනි ගණනය කිරීම් දෙකක් සිදු කරන අතර, එහි දී ලැබෙන අගයන් දෙක අතර විශාල වෙනසක් පැවතියහොත් තුන්වැනි ගණනය කිරීමක් සිදු කර ඉන් සාමාන්‍ය අගය අවසන් අගය ලෙස ලබා ගනියි.
ස්කින්ෆෝල්ඩ් කාට ද? මොකට ද?
උදාහරණයකින් තේරෙන විදියට ගත්තොත් මිනිස්සු අතරත් ඉන්නවා විවිධ ශරීර සැකසුම් ඇති අය. සමහර පුද්ගලයන් පවුලේ ආභාසයෙන්ම මහතයි. සමහරු කෙට්ටුයි. සමහරු උසයි. සමහරු මිටියි. සමහරු නව යොවුන් වියේ දී කෙසඟව ඉඳලා මැද විසි ගණන් වලට ආපුවාම පවුලේ ආරයට මහත් වෙනවා. සමහරු නව යොවුන් වියේදි අලි වගෙ ඉදලා මැද විසි ගණන් වෙනකොට කෙට්ටු වෙනවා.
ඇයි එහේම වෙන්නේ?
එකක් ආහාර රටාව කියන්න පුළුවන්. ඒ වගේ ම තමයි ජාන සැකසුම. ඉතින් එහෙම එකේ හැමෝටම එකම මැනීමකින් ස්කින්ෆෝල්ඩ් බලන්න ගියාම එකෙන් සමහරෙකුට අසාධාරණයක් වෙනවා.
ස්කින්ෆෝල්ඩ් ක්‍රමය අසාධාරණ වෙන්නෙ කොහොම ද?
සමහර ක්‍රීඩා කරන අය කොච්චර ව්‍යායාම් කළත්, කොච්චර ආහාර පාලනය කළත් ඔවුන්ගේ ස්කින්ෆෝල්ඩ්ස් අඩු වෙන්නෙ නෑ කියලා පැමිණිලි කරලා තියෙනවා. පෝෂණවේදියකුට කියලා ආහාර කාලසටහන් හැදුවත් වැඩක් නැති වෙලාවල් තියෙනවා. ජාන සැකසුම ගැන පරීක්ෂාවක් නොකර ස්කින්ෆෝල්ඩ් බස්සන්න ගියා ම ඇත්තටම ව්‍යායාම කරන්න ඕන තැන හොයා ගන්න පෝෂණවේදියකු බැහැ. ඒ නිසා ස්කින්ෆෝල්ඩ් හොයා ගන්න නම් ජාන පරීක්ෂණය කරන්නම වෙනවා.
දැනට අපේ රටේ ශාරීරික යෝග්‍යතාව බලන්න යොදා ගන්න ප්‍රමිතීන් දෙක වන්නේ,
1) කිලෝමීටර් 2ක් දිවීම (2km run)
2)සාමාන්‍ය ස්කින්ෆෝල්ඩ් පරීක්ෂණය (General Skinfold Test)
1. කිලෝමීටර් 2la දිවීම කියන්නෙ යෝ යෝ (yo yo test) එක වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආපු ප්‍රමිතියක් . 2021 අවුරුද්ද වෙනුවෙන් අපේ අය දීපු සීමාව විනාඩි 8 යි තත්පර 35 ක්. ඒක 2022 අවුරුද්ද සඳහා විනාඩි 8.10 ක් කරලා තියෙනවා.
සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නෙක්ට දිවීම ප්‍රමුඛව වැදගත්. ඉන්දියාවේ දී කිලෝමීටර් 2ක් දිවීම දීලා තියෙන ප්‍රමීතින් තමයි වේග පන්දු යවන්නන් විනාඩි 8 තත්පර15 කින් සහ පිතිකරුවන්, දඟ පන්දු යවන්නන් සහ කඩුලු රකින්නන් විනාඩි 8 තත්පර 30 කින් දුවන්නේ. ලංකාවට එන කොට මේ තර්ක වෙනස්කම් නෑ.
2) ඉන්දියාව මේ ස්කින්ෆෝල්ඩ් පරීක්ෂණය අමුවෙන් ම කරන එකේ ගැටලුව දැක්කා. ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට ඔවුන්ගේ ඇඟේ සැකස්ම, ජාන වෙනස්කම් තියෙනවා කියන දේ ඔවුන් දැක්කා.
ඉන්දියාව කළේ මොනවාද?
ඔවුන් සාම්ප්‍රදායික ස්කින්ෆෝල්ඩ් පරීක්ෂණය වෙනස් කළා. ඔවුන්ගෙ ජාතික කණ්ඩායමේ කාර්ය සාධන පුහුණුකරු බාසු ශංකර් ලෝකයේ පිළිගත් ප්‍රමිතීන් එකතු කරලා ක්‍රීඩකයකුගේ සෞඛ්‍යය, ශාරීරික යෝග්‍යතාව සහ පෝෂණය ආදි දේවල් ආවරණය වන පරිදි ජාන 40 ක ට එහා දත්ත වෙන වෙනම අරගෙන පරිසර දත්ත එක්ක සසඳලා එක් එක් ක්‍රීඩකයාට යෝග්‍යතා මිණුම් සලකුණු ලබා දුන්නා. ලෝකයේ අඩුම ශරීරයේ මේද ප්‍රතිශතයක් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයකු වන විරාත් කෝලි සහ ඉන්දීය කණ්ඩායමේ බර වැඩි ම රෝහිත් ශර්මා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් පාස් වෙන්නේ ඒ නිසයි.
ශරීරයේ මේද පරීක්ෂාව සඳහා ලංකාවේ දැන් කරන මූලික පරීක්ෂණය ම ඉන්දියාවේ කළා නම් රෝහිත් ශර්මා සහ රිශාබ් පාන්ට්ට කණ්ඩායමේ දොර වැහෙනවා. ඒ නිසා ක්‍රීඩාවට බලපෑමක් නොවෙන විදියට යෝග්‍යතාවය පවත්වා ගෙනයෑම කරන්නෙ කොහොම ද කියලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඉන්දියාව ක්‍රියා කළා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ DNA මත පදනම් වූ මූලික ශරීරයේ මේද පරීක්ෂණය (DNA based skinfold test) කරන්න එක ක්‍රීඩකයකු වෙනුවෙන් ඉන්දියන් රුපියල් 25,000-30,000ක් විතර වැය කරනවා කියලා තිබුණා. මේ DNA පදනම් වූ පරීක්ෂණ නිසා එයාලා කලින් සමුගන්න වෙයි කියන මට්ටමේ හිටපු ක්‍රීඩකයෙක් තමයි බුවනේෂ්වර් කුමාර් කියන්නෙ. ඒ නිසා අපිත් මේ ස්කින් ෆෝල්ඩ් පරීක්ෂණය ගැන අලුතින් සිතන්න වෙනවා.
ස්කින්ෆෝල්ඩ් පරීක්ෂණයෙන් මෙම ලැබෙන අගයන් වර්ගීකරණය සිදු වන්නේ කෙසේ ද ?
සාමාන්‍යය පුද්ගලයකු සඳහා
60 - 80 - විශිෂ්ටයි
81- 90 - හොඳයි
91 - 110 - සාමාන්‍යයයි
111 - 150 - සාමාන්‍යයට පහළින්
ක්‍රීඩකයකු සඳහා
40 - 60 - විශිෂ්ටයි
61 - 80 - හොඳයි
81 - 100 - සාමාන්‍යයයි
101 - 130 - සාමාන්‍යයට පහළින්