ජාතික සුපර් ලීග් එක්දින කිරුළත් කණ්ඩම්බිගේ යාපනයට | Page 2 | සිළුමිණ

ජාතික සුපර් ලීග් එක්දින කිරුළත් කණ්ඩම්බිගේ යාපනයට

‘වේන් රූනි කියන්නේ කාලයක් ලෝකය තුළ මහත් ජනාදරයක් උරුම කරගත් පාපන්දු තාරුකාවකට. ඔහු ගේ නම නොකියවෙන දවසක් නැති තරමට රූනි ලෝකයේ ජනප්‍රිය වුණා. ඒත් ක්‍රීඩාවෙන් සමුගත් පසු රූනි තමන්ගේ ජීවිතයේ හිඩැස පුරවාගන්න තෝරාගත්තේ අමුතු ක්‍රමවේද කීපයක්. ඒ අතර දැඩි ලෙස මත්පැනට හා ස්ත්‍රී ඇසුරට වැටීම දක්නට ලැබුණා. සතුටින් පිරුණු රූනිගේ පවුල ඇතුළතට දුක කාන්දු වෙන්න පටන් ගත්තේ ඉන් අනතුරුවයි. මේ ඒ දුක යළි සතුටෙන් පුරවා ගන්න රූනි ක්‍රියා කළ ආකාරය ගැන කියවෙන ආකාරය.‘

මසකට ආසන්න කාලයක් කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් හාපුරා කියා පැවැති පළමු ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තේරීම වෙනුවෙන් පැවැති අවසන් මහා තරගයේ දී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු මහනුවරට එරෙහිව ලකුණු 37 ක ජයක් වාර්තා කළ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු යාපනය කණ්ඩායම මංගල ජාතික සුපර් ලීග් ශූරයෝ ලෙස කිරුළ පැලඳූහ. මෙරට පවත්වනු ලබන ප්‍රධානත ම දේශීය තරගාවලියක තරගාවලියේ ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ද යාපනය දිනා ගනිද්දී අනුශූරයන් වූ මහනුවරට මුදලින් ලක්ෂ 10 ක් හිමි විය.

යාපනය ශූරතාව දක්වා ගෙන යෑමේ තිරය පිටුපස යෝධ සෙවණැල්ල ලෙස ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද්දේ තිළිණ කණ්ඩම්බි ය. එල්.පී.එල්. තරගාවලි ද්විත්වයේ දී ම ශූරතාව දිනා ගැනීම සඳහා යාපනය කණ්ඩායමේ මහ මොළකරු ලෙසින් කටයුතු කරන ලද්දේ ද තිළිණ කණ්ඩම්බි ම ය. එම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන ගයාන් විජේකෝන් ය.

අවසන් තරගය පැවැති මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය අවට අහස් කුස වලාකුළුවලින් බරව තිබීම හේතුවෙන් කාසියේ වාසිය දිනූ මහනුවර නායක කමිඳු මෙන්ඩිස් කිසිඳු පැකිළීමකින් තොරව පන්දුවට පහරදීම සඳහා යාපනයට ආරාධනා කර සිටියේ ය. ඒ අවසරයෙන් පන්දුවට පහර දුන් යාපනය පන්දුවාර 48.3 ක දී සියලු දෙනා දැවී ලකුණු 259 ක ඉලක්කයක් මහනුවර හමුවේ තැබීය. එකි ලකුණු සංඛ්‍යාව හඹා යෑමේ දී ප්‍රමෝද් මදුශාන් ප්‍රමුඛ යාපනය පන්දු යැවීමේ බල පරාක්‍රමය හමුවේ මහනුවරට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 45.1 ක දී සියලු දෙනා දැවී ලකුණු 221 ක් පමණි.

ප්‍රමෝද් මධුශාන්ගේ විශිෂ්ට සංදර්ශනීය පන්දුකරණය ඉදිරියේ ලකුණු 58 ක් ඇතුළත පළමු කඩුලු 3 ම අහිමි කර ගැනීමට මහනුවරට සිදු වූ අතර, තරගය නිමා වන විට මදුශාන්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 10 ක දී ලකුණු 59 ට කඩුලු 4 ක් ලෙසිනි.

ආරම්භය ම කඩා වැටුණු මහනුවරට තරමක හෝ අස්වැසිල්ලක් ගෙන ආවේ නම් ඒ නායක කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 73 ක සම්බන්ධතාවයි. එහෙත් අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වක් හෙබි හෙවත් ජාත්‍යන්තරයේ දී ‘අන්ඩර්ටේකර්’ පන්දු යවන්නකු ලෙසින් හඳුන්වනු ලබන සමින්ද ප්‍රනාන්දු විසින් ලකුණු 33 ක් ලබා සිටි සහන් ආරච්චිගේගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීම නිසා ජයග්‍රහණය පිළිබඳ මහනුවරට යම් හෝ බලාපොරොත්තුවක් වී නම් එය ද බොඳ විය.

එහෙත් නායකත්වයේ වගකීම ඉටු කිරීමට කමිඳු මෙන්ඩිස් උත්සාහ ගත්ත ද තරගයේ වීරයා වූ දේශීය තරග පිටියට ආධුනිකයකු වූ දුනිත් වෙල්ලාලගේ ඊට හරස් විය. සංතුෂ් ගුණතිලක උඩ පන්දුවක් රැක ගැනීම නිසා මහනුවර නායකයාගේ ඉනිම ලකුණු 46 කට සීමා විණි.

වර්ෂාව හේතුවෙන් මිනිත්තු 45 ක ප්‍රමාදයෙන් ඇරැඹි තරගයේ යාපනය ඉනිම අතරතුර අවස්ථා 2 ක දී අයහපත් කාලගුණයෙන් බාධා ඇති වූ බැවින් එක් පන්දුවාරයක් අඩු කොට තරගය පැවැත්වීමට කටයුතු කරද්දී යාපනය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සමත් විය.

ලකුණු 74 ක් වූ දුනිත් වෙල්ලාලගේ ගේ ඉනිම වටා යාපනය ලකුණු පුවරුව ගොඩනැඟෙද්දී ඒ සඳහා ඔහු පන්දු 87 ක් වැය කළේ ය.

පන්දු යැවීමේ දී යාපනයට එක ම හිසරදය බවට පත් වූ අසිත ප්‍රනාන්දු ලකුණු 44 කට කඩුලු 5 ක් දවා ගත්තේ ය.

ලකුණු සාරාංශය – ජැෆ්නා පන්දුවාර 48.3 ලකුණු 258 යි – (දුනිත් වෙල්ලාලගේ 74, අසිත ප්‍රනාන්දු 44/5, කැන්ඩි පන්දුවාර 45.5ක දී සියලු දෙනා දැවී ලකුණු 221 යි – (කමිඳු මෙන්ඩිස් 46, ප්‍රමෝද් මදුශාන් 59/4, අවසන් මහ තරගයේ වීරයා – දුනිත් වෙල්ලාලගේ (යාපනය)

තරගාවලියේ වීරයා – ධනංජය ද සිල්වා (යාපනය)

දක්ෂතම පන්දු යවන්නා – පුලින තරංග (මහනුවර)

දක්ෂතම පිතිකරුවා – නුවනිඳු ප්‍රනාන්දු (කොළඹ)

 

Comments